IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


සඟරුවනේ යෝජනාව විසඳුමකට හොඳ මඟක්

මේ දවස්වල පත්තරයක් අතට ගත්තොත්, රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹුවොත්, ගුවන් විදුලියේ ප්‍රවෘත්තිවලට කන් දුන්නොත් නිසැකවම ඇසෙන වචන සෙට් එකක් තිබේ. පාර්ලිමේන්තුව, බහුතරය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 113, ස්ථාවර නියෝග ඒ අතරින් කැපී පෙනෙයි. කථානායකවරයා පිළිබඳ සඳහන් නොවන මාධ්‍ය සාකච්ඡාවක්, පුවත්පත් නිවේදනයක්ද බොහෝ විරලය. සති තුනක් තිස්සේ මාධ්‍ය හරහා රටේ තත්ත්වය ජනතාව දැනගන්නේ මේ වචන සෙට් එක සමඟිනි. මේ අතරට අලු‍තින්ම එක්වන බව පෙනෙන්නේ භාරකාර ආණ්ඩුව යන යෙදුමය. එය මහ මැතිවරණය සමඟ එකට ගැට ගැසී ජනතාව අතර කතාබහට ලක්වන බවත් පෙනෙන්නට තිබේ.

භාරකාර ආණ්ඩුවක් යටතේ සාමකාමී මහ මැතිවරණයක් තැබීමට පියවර ගන්නා ලෙස මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගෙන් ඉල්ලීමක් කරමින් බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය මගින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය මේ අතරින් කැපී පෙනෙයි. රටේ උද්ගතව තිබෙන තත්ත්වය සමනය කිරීමට පියවර ගන්නැයි ඉල්ලීමක් කරමින් මල්වතු මහ නාහිමියන් විසින් ජනාධිපතිවරයාට යොමුකරන ලද විශේෂ ලිපියෙන් පසුව මහා සංඝරත්නය විසින් අදාළ අර්බුදය කේන්ද්‍ර කර ගනිමින් අදහස් පළ කිරීමක් සිදුවූයේ එම නිවේදනය හරහාය. එය රටේ බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නට සමත් වූ බව අපේ අදහසය.

රාජ්‍ය පාලන තන්ත්‍රයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට, හටගෙන තිබෙන වියවුල් ස්වභාවයට පාලක පක්ෂයේ සහ විපක්ෂයේ සිටින සියලු‍ දේශපාලන පක්ෂ වගකිවයුතු බව තමන්ගේ හැඟීම බවද එම නිවේදනයේ සඳහන්ය. අපේ රට ප්‍රමුඛස්ථානයේ තබාගෙන අපක්ෂපාතීව, දූරදර්ශීව ක්‍රියා කළහොත් රට නැවත ස්ථාවර තත්ත්වයකට ඉක්මනින් පත්කර ගත හැකිවනු ඇතැයි පෙන්වා දෙන එම නිවේදනය මහ මැතිවරණයකට යාමේ විසඳුමකට පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම කැමැත්ත පළවී ඇතැයිද සඳහන් කරයි. ඒ අනුව රාජ්‍ය තාන්ත්‍රික බුද්ධිමත් අවබෝධය මත සාමකාමී මැතිවරණයක් උදෙසා භාරකාර රජයක් පිහිටුවීම හෝ ඒ දෙදෙනාගේ සම්බන්ධතාව ඇතිව වෙනස් සුදුසු විසඳුමක් සෙවීම හෝ රාජ්‍ය නායකයා සතු කාලීන ප්‍රබල වගකීම බවද දිවියාගහ යසස්සි, තිරිකුණාමලයේ ආනන්ද සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමිවරුන්ගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.

මේ හා සමාන අදහසක් කෘතහස්ත දේශපාලනඥයකු සහ හිටපු අමාත්‍යවරයකු වන මිලින්ද මොරගොඩ මහතාද මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. ජනතාව හමුවට ගොස් පවතින අර්බුදය විසඳා ගතයුතු බවත් එසේ මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සුදුසු බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. මෙහිදී සෑම දේශපාලන පක්ෂයකටම නියෝජනය ලබාදෙන, සම්පූර්ණ දේශපාලනයෙන් තොර පුළුල් උපදේශක මණ්ඩලයක් සහ අගමැති ධුරය වෙනුවට ප්‍රධාන උපදේශක ධුරයක් ඇතිකර ඒ හරහා මහ මැතිවරණය මෙහෙයවිය හැකි බවද ඔහු සඳහන් කරයි. සියලු‍ දෙනාටම පිළිගත හැකි අලු‍ත් ව්‍යුහයකින් විසඳුමක් කරා එළඹීම සුදුසු බවද මොරගොඩ මහතා දරන අදහසය.

භාරකාර ආණ්ඩුවක් පත්කොට මහ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන ඉඩකඩ සම්බන්ධයෙන් රට තුළ පුළුල් සංවාදයක් ගොඩනැ​ෙඟමින් පවතින බව මේ නිවේදනයෙන් සහ ප්‍රකාශයෙන් ගම්‍ය වෙයි. එහෙත් එවැනි විසඳුමක් පිළිගැනීමට තරම් සන්සුන් මනසක් මේ රටේ දේශපාලන නායකයන්ට වර්තමානයේ තිබේද යන්න මෙහිදී පැන නඟින ප්‍රධානම ගැටලු‍වය. පාර්ලිමේන්තුවේ කලහකාරී හැසිරීම් සහ ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් දක්වන උදාසීන ප්‍රතිචාරද රටට පෙන්වා දී ඇත්තේ වෙනම කතාවකි. භාරකාර ආණ්ඩුවකට වඩා නීත්‍යනූකූල ආණ්ඩුවක් සහ නීත්‍යනූකූල නොවන ආණ්ඩුවක් යන තර්ක විතර්ක මැද මේ ප්‍රධාන දේශපාලන බලවේග අතරමංව සිටින බවක් අපට පෙනී යයි. අස්ථීර සහ නොසන්සුන් වාතාවරණයක එවැනි ක්‍රමවේදයකට රටේ දේශපාලන නායකයන් අනුගත වනු ඇතිද යන්න නම් උභතෝකෝටික ප්‍රශ්නයක්ම වෙයි.

මේ අතර පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩකටයුතු පවත්වාගෙන යාම සඳහා තේරීම් කාරක සභාවක් පිහිටුවීම පවා අර්බුදයකට ගොස් ඇතැයි දැනගන්නට තිබේ. ඊට නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව සහ විපක්ෂය පරස්පර මත දැරීම හේතුවෙන් මේ ගැටලු‍ව මතුව ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීන් විසින් කරන ලද ප්‍රකාශයක සඳහන් වෙයි. තේරීම් කාරක සභාව නිසි ලෙස පත්කර ගැනීමට නොහැකි වුවහොත් පක්ෂනායක රැස්වීම්, න්‍යාය පත්‍රය සකස් කිරීම් ඇතුළු පාර්ලිමේන්තු ක්‍රියාදාමයට අයත් සෙසු කාර්යයන්ද අකර්මණ්‍ය වෙයි. එවිට යළිත් සිදුවන්නේ අර්බුදය තවදුරටත් පුළුල් වීමය.

සියලු‍ පක්ෂ එකතු වී අර්බුදය සාමකාමීව විසඳා ගන්නැයි මල්වතු - අස්ගිරි මහා නා හිමිවරුන් තමන් වහන්සේලා බැහැදැකීමට පැමිණි එජාප මන්ත්‍රී කණ්ඩායම හමුවේද ප්‍රකාශ කර තිබිණි. විසඳුමක් සෙවීම රටේ පොදු අවශ්‍යතාව බවට පත්ව තිබුණද එය දේශපාලන නායකයන්ගේ අවශ්‍යතාව නොවන තාක් කල් මේ අර්බුදයට විසඳුමක් නොමැති බව නම් පැහැදිලිව පෙනෙන්නට තිබේ.



අදහස් (2)

සඟරුවනේ යෝජනාව විසඳුමකට හොඳ මඟක්

Ranaweera Monday, 26 November 2018 01:00 PM

ප්‍රජාතන්ත්‍රවාදයත් ජනතා පරමාධිපත්‍යය ගැනත් ලංකාවේ දේශපාලනඥයෝ උගුර ලේ රහ වෙනකම් බෙරිහන් දෙනවා. ජනතාව පක්ෂපාට වලට බෙදි‍ල‍ා මේ අවස්ථාවාදීන්ට කඩේ යන එකයි කරන්නේ. හැට පැනලත් බල තණ්හාවත්, ධන තණහාවත් නිසා මරණය මෙනෙහිවීමත් නැත. මේ අයට ඒ අවස්ථාව උදා වූ දවසට නායක කාරකාදී සංඝරත්නය වැඩමවලා කලසේවාවට කර්මඵල අනුව අපි පස්සේ එන්නම් ඔබතුමා යන්න ගිහින් එහෙත් වැඩ පටන්ගන්න. අපිත් එන්න හිතාගෙන ඉන්නවා කියලා පන්සල්වලට වඩිනවා නූල් ගැටගැසීම සඳහා.... ගහට පොත්තත්, පොත්තට ගහත්................... පාඨකයිනි, හිස්තැන පුරවා ගැනීමට තබමි.

:       0       32

kumara Wednesday, 28 November 2018 11:37 AM

මේ අර්බුදය ඇති කලේ බලයක් නැති අයට ආණ්ඩුව දීම නිසායි. මෙය බලහත් කාරයෙන් ආණ්ඩුව ගන්න පොහොට්ටුව කරපු කුමන්ත්‍රණයක්... එ්කට උල්පන්දම් දෙන්නයි මේ යෝජනා. රටට ජනතාවට ආදරේ නම් නිසි විදිහට කාලේ ගෙවලා ජනාධිපතිවරණය තියා එන්නකෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 415 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 322 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 161 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 338 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 514 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1140 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1203 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1500 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site