IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සේනා බත් පතටත් විදීද

(විනීතා එම්. ගමගේ)

රටින් ගෙන්වන ආහාර වර්ග සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය ගත් තීරණයේ පළමු ඇරඹුම වූයේ  බඩඉරිඟු ගෙන්වීම සීමා කිරීමයි. මෙරට බඩඉරිඟු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 250,000කි. එසේ වුවත් රට තුළ වගා කරනුයේ මෙට්‍රික් ටොන් 150,000ට ආසන්න ප්‍රමාණයක් පමණි.

එබැවින් මෙරටට අවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය වගාකරන්නට සැලසුම් සකස් කෙරිණි. බඩඉරිඟු වගා කරන ප්‍රධානතම ප්‍රදේශ වූ අම්පාර, අනුරාධපුර, මොනරාගල කුරුණෑගල ආදී දිස්ත්‍රික්කයන්හි බඩඉරිඟු වගා කලාප ද ඇති කරන ලදී. ඒ අනුව ඉදිරි කන්නයේ බඩඉරිඟු අස්වැන්න රටේ මුළු අවශ්‍යතාවය සපුරන බැවින් ඒවා රටින් ගෙන එන්නට අවශ්‍යතාවයක් නොවන බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය. යහපාලන ආණ්ඩුවේ කෘෂි ඇමතිවරයා ආරම්භ කළ මේ කටයුත්ත (ඔක්තෝබර් 26 වැනිදා ආණ්ඩුවේ කෘෂි ඇමතිවරයා ද ඔහු ම වූ බැවින්) වෙනස්කම් කිසිවක් නොමැතිව ඉදිරියට ගෙන යන ලදී.

තත්ත්වය මෙසේ තිබියදී බඩඉරිඟු වගාව ‘සේනා’ දළඹු ප්‍රහාරයට ලක්විය.

සේනා දළඹුවා Spodoptera frugiperda යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. සලබයෙකු වන මේ දළඹුවා 2016 වසරේ දී බටහිර හා මධ්‍යම අප්‍රිකානු  රටවලින් (විශේෂයෙන් සැම්බියාවෙන්) හා සිම්බාබ්වේ දේශයෙන් සොයා ගනු ලැබූ නොසන්සිඳෙන කුසගින්නක් ඇති කෑදරයෙකි. වර්ග හෙක්ටයාර් සිය ගණනක වගාවක් වුවත් මේ දළඹුවන් රංචුවකට එක රැයකින් කා දැමිය හැක.

මේ වසරේ ඉන්දියාවෙන් සොයා ගනු ලැබූ සේනා වසර අවසන් කාර්තුව වනවිට ශ්‍රී ලංකාවට ද සංක්‍රමණය වී තිබේ. ශ්‍රී ලංකාවට සේනා පැමිණියේ කෙසේ දැයි සොය බැලිය යුතුව තිබේ.

මේ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගෙන් කළ විමසීමේ දී ඔවුන් කියාසිටියේ සලබයෙකු වූ පසුව එම දළඹුවාට කිලෝමීටර් 100ක් පමණ දුරක් පියාඹා යා හැකි බවය. ඒ අනුව සේනා මෙසේ පියාඹා පැමිණියා විය හැකි බව ඔවුන්ගේ මතයයි. ගොඩ බිමෙන් පියාඹා ආ හැකි  වුවත් සලබයෙකුට මුහුදු කලාපය ඔස්සේ පියාඹා ආ හැකි දැයි සැක මතුවේ. සුළං ධාරා ඔස්සේ පාවී ආවාදැයි හෝ එසේ එන්නට හැකි දැයි තවම සොයා ගෙන නැත.

මේ වනවිටත් සේනා අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 25,000 ක් ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 10,000 ක් ද වගා කර තිබූ බඩඉරිඟු කා දමා අවසන්ය. මොනරාගලෙ, කුරුණෑගල ප්‍රදේශවල ද සැලකිය යුතු වගා ප්‍රමාණයකට හානි කර තිබේ.

රටේ සමස්ත බඩඉරිඟු වගාවම කා දමන්නට සේනාට වැඩි  කලක් ගත නොවනු ඇත. එබැවින් වගා බේරා ගන්නට බැරි තැන ගොවියන් බඩඉරිඟු වගාවෙන් ඉවත්වනු ඇත. එදාට මෙරට සම්පූර්ණ බඩඉරිඟු නැවත ආනයනය කෙරෙනු ඇත. ප්‍රශ්නය එය නොවේ. එදා සිට සේනා ආහාරයට තෝරා ගන්නේ මොනවාද යන්නය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහ ඉලුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ සහකාර අධ්‍යක්ෂිකා කේ. එන්. සී. ගුණවර්ධන මහත්මියගෙන් මේ ගැන විමසූ අවස්ථාවේ දී ඇය කියා සිටියේ මෙම දළඹුවා ඉදිරියට ධාන්‍ය වර්ගවලට විශේෂයෙන් වී වගාවට වුවද හානි  කරනු ඇති බවයි.

බඩඉරිඟු යනු වැඩි වශයෙන් කෘෂි රසායනික භාවිත නොකරන භෝගයකි. එසේම සුරක්ෂිත ආහාර රටාවකට ඉතා ගැළපෙන වස විස නැතිව වගා කරන බෝගයකි. එය ද විනාශ කර සේනා බත්පතට පනින්නට පෙර ශ්‍රී ලංකාවෙන් මෙම දළඹුවා තුරන් කිරීමට දේශීය පර්යේෂණ කණ්ඩායම් සුදානම් ද?

මේ වනවිට කෘෂිකර්ම අංශ සේනා මර්දනයට කෘමිනාශක හතරක් හඳුන්වා දී ඇතත් ඒ ගැන බොහෝ ගොවීන්ට දැනුමක් නැත. සමහර පළාත්වල ගොවීන් රසායනික වර්ග 11 ක් පමණ දළඹු හානියෙන් වගාව විනාශවීම නවතාලීම සඳහා යොදා ඇතැයි හෙළි වී තිබේ. මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ පළිබෝධ නාශකවලට ඔරොත්තු දෙමින් ඉක්මණින් ඊට අනුවර්තනය වීමේ හැකියාවක් ද සේනා දළඹුවාට තිබීමයි. එබැවින් කෙටි කාලයක් තුළ මේ පළිබෝධකයා දේශීය වගාවෙන් ඉවත් කර නොගතහොත් සේනාට කන්නට දී අපට හාලුත් රටින් ගෙන්වීමට සිදුවනු ඇත.

(ඡායාරූපය - කාංචන ආරියදාස)



අදහස් (5)

සේනා බත් පතටත් විදීද

kamaruddeen Wednesday, 26 December 2018 05:48 AM

සොයා බැලිය යුත්තේ මේ වගාව විනාශ කිරීමට, බඩඉරිඟු ආනයනකරුවන් විසින් සේනා දලඹුවා ගෙනත් දැම්මද කියා. ඒ ඔවුන්ට නැවත බඩඉරිඟු ආනයන කිරීම සදහා. මේ මගේ අදහසක් පමණි.

:       0       71

Sunil gikiyanage Wednesday, 26 December 2018 06:49 AM

හොඳ ප්‍රෝටීන් වර්ගයක් නිසා මිනිසුන්ගේ ආහාරයට ගත්තා නම් ඉක්මණින් දළඹුවා ඉවරවෙයි.. වෙනරටවල දළඹුවන්ව ආහාරයට ගන්නවා..

:       104       56

Kumar (Gulf) Wednesday, 26 December 2018 06:49 PM

පොල් ගසේ මයිට ආක්‍රමණය, දකුණේ පොල්ගසේ කහවීමේ මාරාන්තික රෝගය දැන් ආරමි වොර්ම් පණුවා, මේ ඔක්කොකොම අපේ රටට අසල රටවලින් ඕනෑකමින් ගෙනත් දමන වසංගත. ක්‍රමානු කූල ලෙස රටේ කෘෂිකර්මය විනාස කිරීමට කරනා කඩාකප්පල් කාරී වැඩ.

:       0       158

Dayal Thursday, 27 December 2018 12:34 PM

බෝහොම සැරට හදපු සබන් වතුර ගහල බලන්න අපේ ගෙදර නම් දළඹු වුවදුරටත අපි ගහන්නේ සබන් වතුර

:       1       0

ROSHAN Friday, 28 December 2018 12:55 AM

අපේ රට වෙනත් රටවල්වල වෙළදපොලක් වෙනකොට එම දේවල් රට තුළ නිෂ්පාදනය නොකර දිගුකාලීනව වෙනත් රටවල්වලින් ආනයනය කරනකොට එය වෙනස් කිරීමට යාමේදී මෙම දේවල් බලාපොරොත්තු විය යුතුය. විශේෂයෙන්ම එම දේවල් ගෙන්වන ආයතන සහ රටවල් නිරීක්ෂණය කල යුතුය. සමහර විට කෘමීනාශක ගෙන්වන ආයතනවල වැඩක් වීමටද පුළුවනි. සාර්ථක ජෛව සහ ක්‍රමයක් හඳුන්වා දෙන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 659 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site