IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පේරාදෙණියේ හපන්කම් බත්තරමුල්ලේදී එළිදක්වයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව තෙවන වරට සංවිධානය කළ ‘විදුලි හා විද්‍යුත් ඉංජිනේරු පර්යේෂණ හා ව්‍යාපෘති සම්මේලනය 2016’  රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වුණි.

40 කට අධික උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන්ගේ විදුලි හා විද්‍යුත් ව්‍යාපෘති නිර්මාණ ‘පර්යේෂණාත්මක ව්‍යාපාති තුළින් ජාතිය සංවර්ධනය කිරීමේ ම`ග’ තේමාව යටතේ ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ කර්මාන්තකරුවන්ට සහ පාසල් දරුවන් වෙනුවන් ඉදිරිපත් කෙරිණි.

සන්නිවේදන පද්ධති සහ තොරතුරු තාක්ෂණ, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති, රොබෝ තාක්ෂණ හා පද්ධති පාලනය, විද්‍යුත් තාක්ෂණ සහ මෙවලම්කරණය, අධි වෝල්ටීයතා ඉංජිනේරු විද්‍යාව, විදුලි යන්ත‍්‍ර සහ ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව හා නිනිති තාක්ෂණය යන ක්ෂේත‍්‍ර ව්‍යාපෘති නිර්මාණ ප‍්‍රධාන වශයෙන් ඉදිරිපත් කෙරිණි.

සම්මේලනයේ ආරම්භක සැසියේදී ප‍්‍රධාන දේශනය ‘නිනිති ඉලෙක්ට‍්‍රා්නික විද්‍යාව හා සන්නිවේදනයේ නවමු ප‍්‍රගමන පිළිබ`දව එක්සත් රාජධානියේ සරේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවි සිල්වා මහතා විසින් පවැත්වූ අතර ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී මහාචාර්ය ජනක ඒකනායක මහතා විසින් ‘ස්මාර්ට් ග්රිඞ්’ තාක්ෂණය බලගැන්වීම පිළිබ`දව දේශන පැවැත්විණි. එහිදී අමාත්‍ය කබීර් හෂීම් මහතා පර්යේෂණ ක්ෂේත‍්‍රයේ ජාතික සංවර්ධනය පිළිබඳව අදහස් දැක්වූ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලය පර්යේෂණ ක්ෂේත‍්‍රය නැංවීමට සඳහා සිදුකර ඇති කාර්යභාරය පිළිබඳව ඇගයීමටද  ලක් කළේය.

මෙම අවස්ථාවට සහභාගිවූවන්ට ඉංජිනේරු තාක්‍ෂණය පිළිබඳව නව මානයක් ඔස්සේ ඉංජිනේරු ගැටලූවලට දේශීය වශයෙන් දියුණු කළ විසඳුම් අධ්‍යයනය කිරීමට අවස්ථාව උදාවිය. උපාධි අපේක්‍ෂයන්ට, පාසල් දරුවන්ට, කර්මාන්තකරුන්ට ඔවුන්ගේ අවශ්‍යතා සහ ගමන් මඟ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙය මහඟු අවස්ථාවක් විය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල්.බී. දිසානායක, ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චි, පේරාදෙණිය ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය ලීලානන්ද රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැුසක් මීට සහභාගිවූහ.

DSC_1781 DSC_1724 DSC_1767



අදහස් (0)

පේරාදෙණියේ හපන්කම් බත්තරමුල්ලේදී එළිදක්වයි

නන්දසිරි ජයරත්න Friday, 09 September 2016 04:46 AM

ඇති විශිෂ්ට ජයග්‍රහණයක්, ඇප කැපවූ සියලු දෙනාට සුබපැතුම් (ම)

:       0       0

තිස්ස Thursday, 15 September 2016 11:10 AM

අපුරුයි වැඩේ නම්. සුබ පතනවා. (නි)

:       0       0

අරවින්ද ගුණවර්ධන Monday, 12 September 2016 11:17 AM

පරීක්ෂන වලින් ප්‍රයෝජන අරගෙන ජාතික ආර්ථිකය ගොඩනගන්න ආණ්ඩුවට සැලැස්මක් නැති එකයි කනගාටුවට කාරණේ.(හේ)

:       0       0

අබේරත්න Friday, 09 September 2016 02:36 AM

"පේරාදෙණියේ කම්මලේ කොල්ලෝ‘ නරකමත් නැහැ. (බ)

:       0       0

අසංග Friday, 16 September 2016 12:00 PM

කෝ දැන් අර මොරටුවෙ අය හදලා රටට විකුණනවා කී කේලමා යානය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1565 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site