IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පරිගණක සාක්ෂරතාව ඉහළ යයි

මෙරට පරිගණක සාක්ෂරතාව පසුගිය වසර දහයක කාලය තුළ සියයට 11කින්  ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2006/2007 වසරවල සියයට 16.1ක් වූ පරිගණක සාක්ෂරතාව දස වසරකින් පසුව එනම් 2015 වසර වන විට සියයට 27.1ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයෙන් අනාවරණය වූ බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.නාගරික,ග්‍රාමීය හා වතු අංශ අතරින් වැඩිම පරිගණක සාක්ෂරතාවක් නාගරික අංශයෙන් පෙන්නුම් කරන අතර ස්ත්‍රී,පුරුෂභාවය සැලකිල්ලට ගත් විට පුරුෂ පක්ෂයේ පරිගණක සාක්ෂරතාව ඉහළ අගයක් වාර්තා වී ඇත.

අන්තර්ජාලය භාවිත කරන ජනගහණයෙන් වැඩිම ප්‍රතිශතය කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ අඩුම ප්‍රතිශතය බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර සෑම පුද්ගලයින් සිය දෙනෙකුගෙන්ම 9 දෙනෙකු එක් වතාවක් හෝ විද්‍යුත් තැපෑල භාවිත කර ඇති බවට අනාවරණය වී ඇත.‍

මෙරට වැඩ කරන ජනගහණයේ පරිගණක සාක්ෂරතාව සියයට 52ක් වන අතර රැකියා විරහිත ජනගහණයේ සාක්ෂරතාව ඉතා ඉහළ අගයක් ගෙන ඇති බව සඳහන් වේ.



අදහස් (0)

පරිගණක සාක්ෂරතාව ඉහළ යයි

අබරන් Thursday, 29 September 2016 05:42 AM

සාක්ෂරතාවය අඩු වැඩි වුණා කියලා ලැජ්ජාවට හෝ උඩඟු වීමට අවශ්‍ය නැහැ. අපේ දිස්ත්‍රික්කයේ මිනී මැරුම් හොරකම් ආදී අපරාධ වැඩිනම් විතරයි මම නම් ලැජ්ජාවට සහ දුකට පත් වන්නේ.(ම)

:       0       0

නුවන් Tuesday, 04 October 2016 05:50 AM

මේ ගැන ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

ජයතු -අරාබිය Friday, 30 September 2016 11:51 AM

අනේ නුවන්, විද්‍යුත් තැපෑල කියන්නේ මුණු පොත පමණක්ම නොවේ. (ර)

:       0       0

ජනිත Sunday, 02 October 2016 04:34 AM

මේවා හොද දේට පමණක් භාවිත කළ යුතුයි. අනෙක් එක මේ වැඩෙන් මිනිසුන්ගේ දැනුම හා පරිණත භාවය දියුණු වෙන්නේ නැහැ කියලයි මගේ අදහස. අද බොහොමයක් උගතුන්ට ඉලක්කම් කීපයක් එකතු කරගන්නත් එකතු කරණයක් අවශ්‍යයි. මම දන්නේ නැහැ අද ළමයින්ට ගණිත චක්කරය පුලුවන්ද කියල? (බ)

:       0       0

රොෂාන් Monday, 17 October 2016 10:43 AM

නිදහසේ ඕනෑම දෙයක් ලියන්න තියන අවකාශය හින්දාම අපේ රටේ පරිගණක සාක්ෂරතාව පුදුම විදිහට ඉහළගොස් තිබෙනවා කියලා නම් පැහැදිලියි. ආයේ කතා දෙකක් නැහැ, තව ටික කාලෙකින් ලෝකයෙන්ම අංක එකට අපේ අයට එන්න බැරිකමකුත් නැහැ. (නි)

:       0       0

අතුල Thursday, 29 September 2016 02:59 AM

අපේ ඩිජිටල් ඇමතිතුමාගේ දිස්ත්‍රික්කය නේද අඩුම ප්‍රතිශතය. පොඩ්ඩක් විතර ලැජ්ජා වෙන්න ඕනෑ කාරණයක්

:       0       0

නුවන් Friday, 30 September 2016 08:25 AM

මුණු පොත බැලීමේ හැකියාව පමණද සලකල තියෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16773 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site