ශ්රී ලංකා රොබෝ තාක්‍ෂණයේ නව පිටුවක් සනිටුහන් කරමින් දිය යට ක‍්‍රියාකරන සුවිශේෂී ස්වයංක‍්‍රීය රොබෝ යානයක් නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.
මෙම රොබෝ යානයේ ජෛව පද්ධතිය, පාලක පද්ධතිය මෙන්ම බාහිර ආකෘතිය ඇතුළු සියලූම තාක්‍ෂණික දෑ මෙම සිසුන් විසින්ම නිෂ්පාදනය කිරීම විශේෂත්වයකි.
විද්‍යුත් හා විදුලි ඉංජිනේරු අංශයේ උමේෂ් රණතුංග, සන්චිත හපුතන්ත‍්‍රී සහ කසුන් සිරිවර්ධන යන සිසුහු මෙය නිර්මාණය කළහ. මේ නිර්මාණය සඳහා විද්‍යුත් හා විදුලි ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පරාක‍්‍රම ඒකනායක, ආචාර්ය රොෂාන් ගොඩලියැද්ද, ආචාර්ය ලිලන්ත සමරනායක සහ සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්ය ජනක විජේතුංග යන මහත්වරු මඟ පෙන්වූහ.
‘රොබෝ තාක්‍ෂණය කියන්නේ පාසල් සිසුවාගේ සිට සුවිසල් පර්යේෂණ ආයතනවල අධි තාක්‍ෂණ නිර්මාණ දක්වා විහිදී යන පුළුල් ක්ෂේත‍්‍රයක්. එමෙන්ම එයට භාවිත වන තාක්‍ෂණය, රොබෝවා ක‍්‍රියාකරන්නේ ගොඩබිමක ද, ගුවනේ ද, ජලයේද යන්න අනුව බොහෝ සෙයින් තාක්‍ෂණය වෙනස් වෙනවා. රොබෝ යන්ත‍්‍රය හා සම්බන්ධති සංවේදක හා යාමන පද්ධති අනුවද තාක්‍ෂණය වෙනස් වෙනවා.
දියයට කිමිදෙන රොබෝවන් නිර්මාණය කිරීම තාක්‍ෂණික වශයෙන් අභියෝගාත්මක ක‍්‍රියාවලියක්. ඒ නිසා දිය යට කිමිදෙන බොහෝ රොබෝවන් නිර්මාණය වන්නේ රොකට්ටුවක් හෝ සබ්මැරීනයක් මෙන් දිගැටි හැඩයකින්. ඒවාට දිය යට අහස් යානයක් ලෙස ගමන් කළ හැකිවුවද හෙලිකොප්ටරයක් මෙන් එකවර කිමිදී අවශ්‍ය තැනක අවශ්‍ය තැන නැවතී සිය කාර්යය සිදුකිරීම දුෂ්කරයි. අප නිර්මාණය කළ රොබෝ යානයේ විශේෂත්වය වන්නේ දිය යට දී හෙලිකොප්ටරයක් මෙන් ඕනෑම අතකට ගමන් කළ හැකිවීමත් සෘජුව දියේ ගිලීමට අවැසි ගැඹුරක නැවැතී සිටීමටත් හැකිවීමයි. මෙහි ඇති සුවිශේෂී තාක්‍ෂණික උපක‍්‍රම මගින් රොබෝවාගේ සුනම්‍ය චලිතයට සහ ක‍්‍රියාකාකාරීත්වයට පහසුව සලසයි.
එබැවින් මෙම රොබෝ යානය භාවිතයෙන් එක ඉලක්කයක් දෙස බලා නිරීක්‍ෂණ කටයුතු කිරීම හෝ නෞකාවල දිය යට සිදුකෙරෙන නඩත්තු කටයුතු කිරීමට භාවිත කළ හැකිය. තවද මෙහි භාවිත වන තාක්‍ෂණය ගැඹුරු දියේදී සිදුකෙරන ක‍්‍රියවලි සඳහාද යොග්‍ය වන අතර ඒ සඳහා කළ යුත එකම වෙනස වන්නේ අධි පීඩනයට ඔරොත්තු දෙන අමුද්‍රව්‍යවලින් රොබෝ යානය නිපදවීමයි.
‘මෙම රොබෝ යානය බොහෝ ප‍්‍රායෝගික කටුයතුවලට මෙන්ම විද්‍යාත්මක පර්යේෂණ සඳහාද භාවිත කළ හැකිය. උදාහරණ ලෙස ගවේෂණ කටයුතු, ස්වාභාවික විපත් හා අනතුරුවලදී ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා තොරතුරු රැස්කිරීමට සහ විශාල යන්ත‍්‍රවල නඩත්තු කටයුතු සඳහා සහාය සේවා සැපයීම වැනි ක‍්‍රියාවලි සඳහා යොදාගැනීමට හැකිවෙනවා’යැයි ආචාර්ය පරාක‍්‍රම ඒකනායක මහතා පැවැසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නිවැරදියි අබය. අපේ රටේ අනාගතය වැඩිය යහපත් කරන්න නව නිපැයුම් අවශ්‍යයි (නි)
නියමයි. මගේ සුබ පැතුම්! (නි)
නව මාවතේ ශ්‍රී ලංකා නාමය ලොවේ රැඳවීමට ඔබලාට තව තවත් ශක්තිය දැනුම ලැබේවා! (නි)
සුබ පැතුම්! ජයවේවා! (නි)
එක්තරා යුගයක ජපානය සහ සිංගප්පුරුව ආර්ථික සහ වෙළඳාම අතින් ලංකාව විසින් අතික්‍රමණය කෙරේයැයි සැකයකින් පසුවූවා. එහෙත් ඒ සැකය පුස්සක් බවට පත්වුණේ පහුගිය ඉතිහාසය පුරාවට අධ්‍යාපනය සම්බන්ධයෙන් දේශපාලකයින් ගත් කුහක ප්‍රතිපත්ති නිසා වියහැක. එහෙත් සියල්ල අභිබවමින් අපේ දරුවෝ ලෝකය ජයගනිමින් සිටිනවා දැකීම අපිට ඉමහත් සතුටක්. (නි)
ඔබේ ඉදිරි ගමනට මගේ සුබ පැතුම්! (නි)
සුබ පැතුම්! නමුත් දුක මේ රටේ ක්‍රමයත් එක්ක මේ අයට මෙතනින් එහාට යන්න ඉඩ නොලැබීම තමයි (නි)
ඔබේ ඉදිරි ගමනට මගේ සුබ පැතුම්! (හේ)
වසරකට අපේ රටේ විශ්ව විද්‍යාල වලින් නව නිර්මාණ 2000 ක් පමණ බිහිවෙනවා. එ්ත් අපේ රටේ ඒවා ආර්ථිකමය වශයෙන් යොදාගැනීමට සැළසුමක් නැහැ. මෝඩ දේශපාලකයන් සහ ඔවුන්ටම හරියන ජනතාවක් එක්ක රටක් හදන්න බැහැ මහත්තයෝ. (නි)
වෛද්‍ය සහ කලා ශිෂ්‍යයෝ ආත්මාර්ථකාමී කුහකකමට පාරවල් ගානේ ඇවිද්දට ඉංජිනේරු ශිෂ්‍යයෝ රටට වගේම ලෝකෙටම ප්‍රයෝජනවත් දේවල් කරනවා. දරුවනි, ඔබ රටට සම්පතක්. (නි)
අපි ජපානය ගැන ඊශ්‍රායලය ගැන කතා කරනවා. එ්ත් ඒ වගේම පුංචි රටක් වන ලංකාවත් ලෝකයේ ආර්ථික, සමාජයීය හා විද්‍යාත්මක අතින් ඉතා උසස් මට්ටමකට ආපසු මගේ දෑස පියාගන්නට හැකිනම් එය තමා මා ජීවිතයේ ලද උතුම්ම සතුට..... (නි)
ඉංජිනේරු ශිෂ්‍යයෝ රටට වගේම ලෝකෙටම සම්පතක්! \nසුබ පැතුම්! (ම)
මොරටුවෙන් නව නිර්මාණ කොච්චර බිහි වුණත් ඒවායින් වැඩක් ගන්න ආණ්ඩු කරන උදවියගේ මොලේ මෝරලා නෑ කියලයි මට හිතෙන්නේ (ම)
අබය, ඔබ හරි. සිංගප්පුරුවේ "ලී කුඅන් යු" ලංකාවට මුලින්ම අා වෙලේ කිවුවේ අපේ රටේ සංවර්ධනය හා කොළඹ එදා ලස්සන බලලා, සිංගප්පුරුවත් කොළඹ වගේ කරනවා කියායි. අද අපි කොතනද? සිංගප්පුරුව කොතනද? ලංකාවේ දේශපාලුවෝ තමා මෙරට පස්සට ඇදගෙන යන්නේ (නි)