මොරටු සරසවියෙන් තිදෙනෙක් විශිෂ්ටයන් 33 අතරට
අන්තර්ජාතික විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ආයතනයේ සංවේදක කවුන්සිලය විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේදී සංවිධානය කළ නව නිර්මාණ සහ ඉදිරි තාක්ෂණය හඳුන්වාදීමේ සමුළුවේදී පර්යේෂණ 1049 ක් අතරින් අවසන් 33 දෙනා අතරට පිවිසීමට මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ නව නිර්මාණකරුවෝ තිදෙනෙක් පසුගියදා සමත්වූහ.