IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


පොලිතින්වලින් මැඬියන්ටත් තර්ජන

කලපු ආශ‍්‍රිතව ජීවත්වන ජීවීන්ගේ ජෛව විවිධත්වය පිළිබඳ සිදුකළ පර්යේෂණයකදී පොලිතින් ආහාරයට ගැනීම නිසා මියගිය ඉන්දියා  කොළ මැඩියන් කීපදෙනකු මුතුරාජවෙළ වගුරු බිමකින් සොයාගැනීමට හැකි වූ බව කැලණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අංශය පවසයි.

පරිසරට මුදා හරින ප්ලස්ටික් හා පොලිතින් නිසා දිනකට දහස් ගණනක් සත්වයෝ මියයති. කැස්බෑවන්, මත්ස්‍යයන්, පක්ෂීන් හා ක්ෂීරපායි සතුන් පොලිතීන් සහ ප්ලාස්ටික් ආහාරයට ගැනීමෙන් මියගිය අවස්ථා කොතෙකුත් වාර්තා වුවද මැඩියන්ගේ පැවැත්මට පොලිතින් මෙලෙස තර්ජනයක්ව පවතින බව මීට පෙර වාර්තා නොවීය.

කලපු ආශ‍්‍රිත ජීවීන්ගේ ජෛව විවිධත්වය පිළිබඳව කැලණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය යූ.පී.කේ. ඈපා මහතා ඇතුළු කණ්ඩායම මෙම පර්යේෂණය සිදුකර තිබේ.

‘ලොවපුරා සියලූම සාගර පරිසර පද්ධති අද වනවිට පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය  නිසා දූෂණයට ලක්වී තිබෙනවා. ස්වභාවික වනාන්තර හා මිරිදිය පරිසර පද්ධතිද මානව ක‍්‍රියාකාරකම්වලට හසුවූ බවට ඒවායේ එක් රැස්වී ඇති පොලිතීන් සහ ප්ලස්ටික් කසළ ගොඩවල් සලකුණ බවට අද පත්වී තියෙනවා. මීගමුව කලපුව ආශ‍්‍රිත මුතුරාජවෙළ පසුගියදා අප සිදුකළ පර්යේෂණයකදී ඉන්දියානු කොළ මැඩියන් කීපදෙනකු පොලිතින් ආහාරයට ගැනීම නිසා මියගොස් තිබුණා. කිහිප දෙනෙකුගේම අමාශය හා අන්ත‍්‍රය සම්පූර්ණයෙන්ම අවහිරවී තිබුණු අතර මෙම මැඩියන් බලවත් පීඩාවක් විදින්නට ඇති බව සනාථ වෙනවා. මොවුන්ගේ ආහාර මාර්ගය ඉදිමී විශාල වී තිබුණු අතර එය අවහිරවීමට හේතු වුයේ මැඩියන්ගේ ආහාර මාර්ගයට ඇතුල්වී තිබු ආහාර එතීමට ගන්නා තුනී පොලිතින් දවටනයි. සාමාන්‍යයෙන් ඉන්දියානු කොළ මැඩියන් ආහාරයට ගන්නේ කෘමීන්, ශාක පත‍්‍ර හා කුඩා මසුන්ය‘

‘අද වනවිට පොලිතීන් සහ ප්ලස්ටික් අපගේ දෛනික ජීවිතයේ නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා තියෙනවා. එහෙත් පොලිතීන් සහ ප්ලස්ටික් පරිසරට ඉමහත් හානියක් සිදුකරන අතරම මිනිසාගේ ශරීර සෞඛ්‍ය සඳහාද විශාල බලපෑමක් ඇතිකරනවා. මේ නිසාම එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන පොලිතීන් සහ ප්ලස්ටික් භාවිතයෙන් ඉවත් කරන ලෙසට සියලූ ජාතීන්ගෙන් ඉල්ලා තියෙනවා‘

‘ප්ලස්ටික් යනු කාබන් හා හයිඩ‍්‍රජන් අඩංගු ස්වභාවික පරිසරය තුළදී දිරාපත්වීමට වසර සිය ගණනක් ගන්නා පෙට්‍රෝලියම් ආශ‍්‍රිත නිෂ්පාදනයකි. ලොව පුරා වසරකට ප්ලස්ටීක් ටොන් මිලියන 300 කට අධික ප‍්‍රමාණයක්  භාවිත වන අතර මේවා දහනය කිරීමේදී ඇතිවන අධික උෂ්ණත්වය නිසා ඩයොක්සීන නැමැති අධික විස සහිත රසායනය පරිසරයට මුදා හැරෙනවා. ඩයොක්සීන මිනිසා සහ අනෙකුත් සතුන් තුළ පිළිකා, අන්තරාසර්ග පද්ධතිය ආශ‍්‍රිත රෝග හා වඳභාවය ඇති කරන අතර ලෙඩ රෝගවලට මුහුණදීමට ශරීරයට ඇති හැකියාව හීන කිරීමද සිදුකරනවා‘

ඉතා කුඩා ක්ෂුද්‍ර කැබලි බවට පත්වෙමින් දිරායන පොලිතීන් සහ ප්ලස්ටික් එහි අන්තර්ගත බිස්පීනෝල් හා තැලේට් පරිසරයට මුදාහරින අතර මෙම රසායන ද්‍රව්‍ය බොහෝ ලෙඩ රෝගවලට හේතුවක් වෙනවා. අස්වාභාවික දරු උපත්, වර්ධන දුබලතා මේවා අතරින් ප‍්‍රමුඛ වෙනවා. ඒ අනුව සැවොම එකට එකතුවී පොලිතින් සහ ප්ලාස්ටික්වලින් ඈත්වීමට කටයුතු කිරීමට කාලීන අවශ්‍යතාවක් වන අතරම සාගරයට ප්ලාස්ටික් සහ පොලිතින් සාගරයට මුදාහරින රටවල් 10 අතර ශ්‍රී ලංකාවත් සිටින බව සිහිතබා ගත යුතුයි‘ යැයි ඈපා මහතා පැවැසීය.

Dr.-Epa Gut-4 Gut-5



අදහස් (0)

පොලිතින්වලින් මැඬියන්ටත් තර්ජන

සංජීව Monday, 07 November 2016 01:03 PM

තව වසර කීපයකින් මොනා වෙයිද දන්නෑ සැම රටකම මේ ප්‍රශ්නය (බ)

:       0       0

ජයාත් Wednesday, 09 November 2016 12:47 AM

සිසිර, විශ්ව විද්‍යාල වලට මේකට තනිව විකල්ප හඳුන්වා දෙන්න බැහැ. මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක්. අපි ලෝකය ගැන හිතලා ඔය සිලි බෑග් භාවිතයවත් අඩු කරන්න පුළුවන් නම් එ්ක ලොකු සේවයක් (නි)

:       0       0

සිසිර Monday, 07 November 2016 11:59 AM

දෙන්වත් ප්ලාස්ටික් සහ පොලිතින්වලින් මිනිසටයි සතුනටයි වන හානිය තේරුම් අරගෙන මේවා භාවිතයෙන් ඉවත් කළ යුතු නේද? විශ්වවිද්‍යාල මේවට විකල්ප හදුන්වා දෙන්නේ කවදද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2359 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2208 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6136 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7171 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3570 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4290 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 369 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 97 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1123 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site