(හර්ෂණ තුෂාර සිල්වා)
ලොව සතුටින්ම සිටින රටවල් අතර 120 වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව මෙම වාර්තාව ප්‍රකාශයට පත් කරන අතර මෙවර වාර්තාව සැකසීමේදී රටවල් 155ක් සැලකිල්ලට ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන විසඳුම් ජාලය විසින් වාර්ෂිකව මෙම වාර්තාව සකසනු ලබයි. මෙවර වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පස්වැනි වරටය. ශ්‍රී ලංකාව ලකුණු 4.440 ලබාගැනීමට සමත්ව තිබේ.
ලකුණු 5.269ක් ලබාගෙන පාකිස්තානය ලොව සතුටින්ම සිටින රටවල් 80 වැනි ස්ථානයට පත්ව ඇත. ලකුණු 4.608ක් ලබාගෙන සිටින බංග්ලාදේශය ලොව සතුටින්ම සිටින රටවල් අතර 110වැනි ස්ථානයට පත්ව තිබෙන අතර අසල්වැසි ඉන්දියාව ලකුණු 4.315ක් මෙම ලැයිස්තුවේ 122 වැනි ස්ථානයට පත්ව සිටියි.
ලකුණු 7.537ක් ලබාගනිමින් ලොව සතුටින්ම සිටින රටවල් අතර මුල් තැන ගැනීමට නෝර්වේ රාජ්‍යය සමත්ව තිබෙන අතර ඩෙන්මාර්කය දෙවැනි තැනටත් අයිස්ලන්තය තෙවැනි තැනටත් පත්ව ඇත. මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන දහය අතරට පත්වීමට ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, නෙදර්ලන්තය, කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ස්වීඩනය හිමිකම් කියයි.
මෙම ලැයිස්තුවේ 14 වැනි ස්ථානයට පත්ව සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ සතුට කෙමෙන් කෙමෙන් අඩුවන බව ද ‘ලොව සතුටින්ම සිටින රටවල් 2017’ වාර්තාව පෙන්වා දෙයි.
ලකුණු 0 සිට 10 දක්වා ලකුණු දීමක් සිදු කෙරෙන අතර දළ දේශීය නිෂ්පාදිතයට එක්පුද්ගල ආදායම, සමාජ සහයෝගය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, ජීවිතයේ තෝරාගැනීම් කිරීම සඳහා ඇති නිදහස, නිර්ලෝභීබව සහ දූෂණය අවම බව යන සාධක හා නිර්දේශ මත පිහිටා ලකුණු ලබාදීම සිදුකරයි.
COMMENTS
පුහූ වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරන උදාහරනයක්.
2016 ලංකාවට තිබුණේ 117 තැන.
එක, දෙක තුන, යනාදී වශයෙන් එකසිය දහනමයක්ම අපට ඉස්සරහින් ඉන්නවා නේද?
මේක බොරුවක්. ලංකාව ඉන්නේ පලවෙනි තැන යහපාලනය ආවට පසුව.. අපි සතුටින්නේද මිනිසුනේ..
කුහක, දෙබිඩි සහ ජාතිවාදී දේශපාලුවන් ඉන්නා තාක්කල්, රටේ සමස්ත ජනයාට සතුටින් ඉන්න වෙන්නේ නැහැ.
පළවෙනි තැනට ආපු රටක් තමයි... ඒත් දැන් ... ඉතින් තව මොනවද?
අවරුදු 69ක් තිස්සේ රටේ ජනතාවගෙන් සතුටින් ඉන්නේ දේශපාලකයොයි... ඒ අයට උදවු දෙන අයයි විතරයි. ඉතින් ඕක අහන්නත් දෙයක්ද? අනිත් මිලියන ගාණ අසතුටින් ඉන්නකොට ලංකාව හෙට අනිද්දා අන්තිමය වෙනවා.
ලෝකයේ සාමාන්‍ය පුරවැසියන් සමග සසදන විට ධනවත්ම සහ වරප්‍රසාද වැඩියෙන්ම භුක්ති විදින දේශපාලකයන් සිටින රටවල් වලින් පළමු 10 ඇතුලත ලංකාව සිටිනබව අවිවාදයෙන්ම පිළිගත යුතුය , ලෝකයේ ධනවත් රටක් ලෙස ගැනෙන ජර්මනියේත් මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා නොදෙන අතර , පරිවාරක රථ ජිවිතරක්ෂකයන් , අතවැසියන් සදහා ගෙවීම නොකරන අතර , පාර්ලිමේන්තුව තුල නොමිලයේ රජ භෝජන ලබාදීමක් නොකෙරෙන අතර කැමති කෙනෙකුට මුදල් ගෙවා කැන්ටිමෙන් ආහාර ලබාගත හැක , බොහෝ දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණීමට පොදු ප්‍රවහන සේවා සහ පාපැදි භාවිත කරන අතර සමහරු තමන්ගේ පුද්ගලික මෝටර් රථ භාවිත කරති