IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ඇන්ටාක්ටිකාවේ සාමුද්‍රික ආරක්ෂණ කලාපයක්

ලෝකයේ විශාලම සාමුද්‍රික ආරක්ෂණ කලාපය ලෙස ඇන්ටාක්ටිකාවේ රොස් මුහුද නම් කිරීමට යුරෝපීය සංන්ධානය සහ තවත් රටවල් 24ක් එකඟ වී ඇත. මේ එකඟතාවයෙන් පසු දක්ෂිණ සාගරයේ වර්ග කි‍ලෝමීටර දශලක්ෂ 1.57ක ප්‍රදේශයක මසුන් ඇල්ලීම තහනම් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාරතා කරයි. මෙම යෝජනාව ඉදිරිපත් කල නවසීලන්තය සහ ඇමරිකාව පවසන්නේ තහනම ඉදිරි වසර 35ක් සඳහා බලපැවැත්වෙන බවයි.

පෙන්ගුවින්, කුඩා මුහුදු පක්ෂීන්, තල්මසුන් සහ තවත් බොහෝ දුර්ලභ ජීවී විශේෂ රාශියක් රොස් මුහුදේ ජීවත් වේ. තල්මසුන්ගේ සහ සීල් මත්සයින්ගේ ප්‍රධාන ආහාරයක් වන ක්‍රිල් මත්ස්‍යයින්  ද වීශාල වශයෙන් රොස් මුහුද සිය වාසස්ථානය කරගෙන සිටියි.

නොකිලිටි සාමුද්‍රික පාරිසරික පද්ධතියක් පවතින රොස් මුහුද “කිසිවක් ගෙන යා නොහැකි කලාපයක්“ ලෙස නම් කිරීම සම්බන්ධව පරිසර විද්‍යාඥයන් සිය සතුට පල කර ඇත. ඔවුන් විශ්වාස කරන්නේ ජාත්‍යන්තර මුහුදේ පවතින මෙවැනි බොහෝ කලාප අතරින් රොස් මුහුද මුල්තැන ගන්නා බවයි. වසර ගණනාවක දැඩි කැපකිරීම් මැද ලබාගත් මෙම ජයග්‍රහණය ඉදිරි පරම්පරාවට පරිසරය රැකදීමේ යෝධ පිමිමක් වනු ඇති බව පරිසරවේදීන් පවසයි.

_92097516_pmf_wellerpics_19_raw_km_rm_7053_681959 _92109051_d1dc8b0c-ea16-4f57-a7d5-8f4cff026f6a _92114287_pmf_wellerpics_10_raw_km_rm_7035_483713-1

 



අදහස් (0)

ඇන්ටාක්ටිකාවේ සාමුද්‍රික ආරක්ෂණ කලාපයක්

එඩ්වඩ් Friday, 11 November 2016 01:51 AM

මේ වගේ දේවල් ඉදිරියටම කරගෙන යන්න ඔබට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

සුරේන්ද්‍ර Friday, 11 November 2016 01:51 AM

ඉතාමත් වටිනා තීරණයක්. මිනිසුන් මසුන් මරන්නේ මිනිසුන් විසින් මසුන් ඇතිකරලා වගේ. ජෛව පාලනයක් කියන්නේ මොකද්ද කියලා මහාචාර්යවරුන්ට විතරක් නොවෙයි සාමාන්‍ය ජනතාවටත් කියලා දෙන්න ඕනෑ (නි)

:       0       0

සිසිර Wednesday, 02 November 2016 04:44 PM

ක්‍රිල් කියන්නේ පුංචි ඉස්සන් වර්ගයක්. මෙම සතුන් බහුල සාගරය තුළ මත්ස්‍ය සම්පතද බහුලයි. (නි)

:       0       0

දිලාන් Monday, 31 October 2016 03:38 PM

මිනිසුන්ට ප්‍රයෝජනයක් නැති සාගර ප්‍රදේශයක් මෙලෙස නම් කරන්න ඇති. මීට වඩා කොච්චර ජෛව විවිධත්වයෙන් අනූන නිවර්තන සාගර ප්‍රදේශ විනාශ කරනවද? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 272 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 763 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site