ලෝකයේ මුහුදු කැස්බැවන් වර්ග 7 ක් පමණ සිටින බවත් එයින් 5 ක්ම ශ්‍රි ලංකාව අවට වෙරළබඩ ප්‍රදේශ වලට පැමිණ ජීවත්වන බවත් මුහුදු කැස්බෑවන්ගේ බිත්තර ආහාරයට ගැනීමත් ධිවරයන්ගේ දැල්වල පැටලි එන කැස්බෑවුන් මරා මස් ආහාරයට ගැනීමට මිනිසුන් පෙළඹීමත් නිසා මුහුදු කැස්බැවන් වඳවී යාමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු සංවිධානයේ සභාපති වෛද්‍ය ලලිත් ඒකනායක මහතා පවසයි.
එංගලන්තයේ රුෆර්ඩ් ආයතනය සහ ශ්‍රි ලංකා ජෛව සංරක්ෂණ සංගමයේ සංවිධානයෙන් “ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු” මැයෙන් දෙස් විදෙස් විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්, පාරිසරික සංරක්ෂණ ක්ෂේත්‍රයේ කටයුතු කරන ව්ද්වතුන් සහභාගීත්වයෙන් මහනුවර ඔක්රේ රිජන්සි(හෝටලයේදි පැවැති සම්මන්ත්‍රනයකදි ඒකනායක මහතා එසේ කීය.
මුහුදු කැස්බැවන් වද වි යැමට ප්‍රධාන හේතුවන් වන්නේ මුහුදු කැස්බැවුන්ගේ බිත්තර ආහාරයට ගැනිම හා ධිවරයන්ගේ දැල් වලට හසුවන මුහුදු කැස්බැවුන්ගේ මස් ආහාරයට ගැනිම බවත් ඔහු කීය.
දකුණු මුහුදු තීරයේ ගල්කිස්ස සිට පහලට යන විට කොස්ගොඩ, තංගල්ල, රැකව,බුන්දල වගේම නැගෙනහිර වෙරලේ තැන් කිහිපයක වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් හා තවත් ආයතන කිහිපයකින් මුහුදු කැස්බැවුන් බිත්තර දමන ස්ථාන සංරක්ෂණය කළත් එසේ සංරක්ෂණය කිරිමට අපහසු තැන් වල මුහුදු කැස්බැවුන්ගේ බිත්තර ආහාරයට ගැනිම සිදුවන බවද ඔහු සඳහන් කළේය.
යුද්ධය නිම වීමත් සමගම වැඩි වශයේන් ධිවරයන් ධිවර කර්මාන්තයේ යෙදීම සුලබ වි ඇති විම නිසා මීගමුව,හලාවත,කන්දකුලිය,කල්පිටිය,දක්වා ධිවරයන්ගේ දැල් වලට හසුවන මුහුදු කැස්බැවුන් මරා මස් සඳහා ගන්නා බවත් මැතකදි ඒකනායක මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු සංවිධානයේ නිලධාරින් කළ සමික්ෂණයකදි මුහුදු කැස්බැවුන්ගේ කටු විශාල ප්‍රමාණයක් හමු වු බවද ඒ මහතා කීය.



COMMENTS
හරක් මස් කෑවේ නැතිවුණාට කැස්බෑ මස් කනවා අපේ අය. (නි)
ලෝකෙටම මුහුදු කැස්බැවන් වර්ග 7 යිද ? (බ)
ධීවරයන්ගේ දැල්වලට පැටලෙන කැස්බෑවන්ගේ මරණ ගැන මේ කියන්නේ. මේ මිනිසුන්ගේ දැල් රක්ෂණය කරන්න වැඩපිළිවෙලක් තියනවද? නැත්නම් සංචාරක ව්‍යාපාරයෙන් යම්කිසි මුදල් ප්‍රමාණයක් මේ වෙනුවෙන් වෙන්කර ධීවරයන්ගේ දැල්වලට ගෙවන්න වැඩපිළිවෙලක් ගැන කල්පනා කළොත් වැඩිය යහපත් වේවි (නි)
මම හිතන්නේ සාකච්ඡා තියල මේ පිළිබඳ කතාකරනවා වගේම ඒ පැතිවල ඉන්න මිනිසුන්ව දැනුවත් කරන්න ඕනෑ. පාසලෙන් මේක පටන්ගන්න පුළුවන්. ඉහළ පන්තිවල ඉන්න ළමයි දැනුවත් කිරීම කළාම නිකම්ම මේ පවුල් වලට මේ සතුන්ගේ වටිනාකම යනවා. දැන් කාලේ ළමයි බුද්ධිමත්. එයාලගේ මාර්ගෙන් මේ තත්වය වෙනස් කරන්න පුළුවන්. (නි)