සූර්ය පැනලවල දුවිලි අංශු බැඳීම සහ ඇඳුම් අපවිත‍්‍රවීමට විසඳුමක් ලෙස නැනෝ තාක්‍ෂණික දියරයක් නිපදවීමට ඉංජිනේරු උපාධිධාරී රඛිත බි‍්‍රටෝ සමත්වී තිබේ.
කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල රථවාහන සහ කර්මාන්ත ශාලාවලින් පිටවන දුමාරය හේතුවෙන් ඉතා කෙටිකලකදී සූර්ය පැනලවල දූවිලි අංශු බැඳීම සිදුවේ. මේ නිසා සූර්ය පැනලවලින් ලබාගත හැකි කාර්යක්‍ෂමතාව අඩුවේ. ඊට විසඳුමක් ලෙස රඛිත විසින් නිපදවා ඇති නැනෝ තාක්‍ෂණික දියරයෙන් සූර්ය පැනලයක් වසර 15 ක් පමණ දූවිලි අංශුවලින් ආරක්‍ෂාකර ගැනීමට හැකියාව ලැබේ.
“කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල විශාල දූවිලි ප‍්‍රමාණයක් තිබීම සහ දුමාරය හේතුවෙන් සූර්ය පැනලවල මතුපිට පෘෂ්ඨිය දූවිලි අංශු සහ අනෙකුත් අපද්‍රව්‍යවලින් ඉතා ඉක්මනින් වැසී යනවා. මෙම අපද්‍රව්‍ය වර්ෂා කාලවලදී සේදී යාහැකි යැයි අප සිතුවද වැසි ජලයෙහිද පිරිසුදුතාවක් නොමැති නිසා එය වැළකෙනවා. මෙය සූර්ය පැනල සවිකරන බොහෝ ආයතනවලට විශාල ගැටලූවක්.දැනට සිදුකරන්නේ වහලයට මොබ් එකක් රැගෙන ගොස් එමගින් සූර්ය පැනලය පිරිසුදු කිරීමයි. එයත් මාස 3 කට වරක් හෝ සිදුකරන අතර මෙමගින් සූර්ය පැනලයේ ක්ෂුද්‍ර සීරීම් සිදුවිය හැකිය. ඒ වගේම මතුපිටින් පවා සීරීම් සිදුවෙන්න පුළුවන්. මේ හේතු කාරණා සැලකිල්ලට ගෙන දූවිලි අංශුවලට ප‍්‍රතිරෝධීව ක‍්‍රියාකරන නැනෝ තාක්‍ෂණික විසඳුමක් ගෙන ඒමට මට හැකිවුණා. මෙහිදී සිදුවන්නේ හයිඩ්‍රෝපිලික් පෘෂ්ඨයක් සූර්ය පැනලය මත සකස් කෙරෙනවා. එම නිසා එහි ජල බිංදු රැඳීමක් සිදුවෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ජල බිංදු රැඳුන හොත් එහි කුඩා දූවිලි ලප ඇතිවීම සිදුවෙනවා. මෙම නැනෝ දියරය මගින් 85% ක් පමණ දූවිලි අංශු රැඳීම වළකාගන්න පුළුවන්. මෙහි ඇති පරාවර්ථන ප‍්‍රතිරෝධී ක‍්‍රියාවලිය නිසා ආලෝකය පරාවර්ථනය වීමක් සිදුවන්නේ නෑ.“යැයි ඔහු පැවසී්‍ය
“එමෙන්ම මෙය අපගේ ඇඳුම් පැළැදුම්වලටද යොදාගැනීමට හැකිවෙනවා. දරුවන්ගේ දහඩිය,තීන්ත පැල්ලම් සහ දූවිලි නිසා පාසල් නිල ඇඳුම් නිතර අපිරිසිදු වෙනවා. සමහර දරුවන්ට නිලඇඳුම් එකක් හෝ දෙකක් තියෙන්න පුළුවන්. මෙම නැනෝ දියරයෙන් වසරක් පමණ ඇඳුම් ආරක්‍ෂා කරගන්න පුළුවන්. මේ සඳහා මම භාවිත කළේ ‘සුපර් හයිඩ්‍රෝපිලික්‘ තත්ත්වයයි. මෙමගින් සබන්,සෝදන කුඩු සහ ජලය භාවිතය අඩුකර ගැනීමටත් හැකිවෙනවා. ඒවගේම මෙම නිල ඇඳුම් සඳහා ‘සෙවුම් පද්ධතියක්’ සකස් කර තිබෙනවා. එමගින් දරුවා ආගිය තැන් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. නැනෝ තාක්‍ෂණය සහ ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය උපයෝගී කරගෙන නිර්මාණය කළ මෙම ඇඳුම් ලංකාව තුළ ගොඩක් ජනප‍්‍රිය වේ යැයි මා සිතනවා.“ යැයි රඛිත අප සමඟ පැවැසීය.




COMMENTS
හොඳ සොයාගැනීමක්. (බ)
ඔබගේ වටිනා නිර්මාණ මම අගය කරමි. මම ඔබතුමා හමුවන්න ගොඩක් උත්සාහ කළා.තවම බැරිවුණා. මට පොල් ගස් 50 පමණ තියෙනවා. නමුත් තවම පොල් කන්නේ කඩෙන්. පොල් ඇට්ටේ ඉඳලා සේරම වදුරෝ රිලව් කනවා. මට අර මැෂින් එකක් ගන්න ක්‍රමය කියලා දෙනවද. (නි)
රත්න, කොහෙද යන්නේ මල්ලේ පොල් කියන්නේ මේවට තමයි.
ඔබට ස්තුතියි..(ම)
ඔබට ස්තුතියි..(ම)
හොඳ සොයාගැනීමක්. සුබ පතනවා ඔබට. (ර)
මෙවන් දරුවන් දැයට වාසනාවන්! (නි)
ඉදිරියටම යන්න වාසනා! (නි)
මේකෙන් ශරීරයට හානියක් නැද්ද (බ)
කරුණාකර මෙම නිපැයුම්කරුව සම්බන්ධ කරගැනීමට උදවු කරන්න. මෙම නිපැයුමට ආයෝජනය කිරිමට කැමති කෙනෙකු සිටි.(ම)
දිරිය සිංහල තරුණයෙකුගේ දස්කම් අපි අගය නොකර කවුරු අගය කරන්නද (ර)
දිරිය තරුණයෙකුගේ දස්කම්. ඉතාමත් අගයකොට සළකමි. ඔබට සුබ පැතුම්. (නි)
ස්කොච් ගාර්ඩ් නමින් යුරෝපීය රටවල තියෙන්නෙත් මෙවන් දියරයක්ම තමයි. නමුත් වෘත්තීය මට්ටමෙන් මිසක් ගෘහස්ත පරිභෝජන මට්ටමෙන් මෙය භාවිතා කළනොහැක. යම් යම් රසායනික සංයෝග අඩංගු නිපැයුම් ගෘහස්ත පරිභෝජනයට යාමට පෙර බොහෝ සංසිද්ධීන් සපුරාලිය යුතු වේ (නි)
රත්න, වායු රයිෆලයක් මිලදී ගන්න. වඳුරෝ එකෙකුට දෙන්නෙකුට තියන්න. උන් මැරෙන්නේ නැහැ. නමුත් හොඳට රිදෙනවා. ඊටපස්සේ උන් පළාතක වත් එන්නේ නැහැ. මිල රුපියල් 30000ක් පමණ වෙනවා. එක පොල්මුරයෙන් වැයවූ මුදල සොයාගත හැක (නි)
ඔය තාක්ෂණය වාහන වලට යොදන්න බැරිද? (නි)
ගිය ආණ්ඩුවයි මහින්ද මහත්තයයි හිටිය නම් මේ දරුවට හොද කලක් යන්න තිබ්බා. (හේ)
ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා (ර)
නැනෝ තාක්ෂනය මදුරුවන් බෝවීම වැළැක්වීම සදහා යොදාගතහැකි වනු ඇත (ර)
ඔබතුමා ඉක්මනට පේටන්ට් බලපත්‍රය ගෙන මැද පෙරදිග රටවල වෙළද පොළට යොමු කරන්න. ඔය වගේ නිෂ්පාදන වලට හොඳ ඉල්ලුමක් තියනවා එවැනි රටවල (නි)
බොහොම හොඳ දෙයක් (ම)
හොඳ වැඩක් !, තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ඔබට ශක්තිය වාසනාව ලැබේවා! , මෙවැනි නිර්මාණ තුලින් රටට විදේශ විනිමය ලබාගන්න ඔහුට උදවු කරන්න නිසි බලදාරින් ඉදිරිපත් වෙනවා නම් හුගක් වටිනවා. (ර)
ඔබට සුබ පතනවා. ඉක්මනින් වෙළඳ පොළට හඳුන්වා දෙන්න. (නි)
මෙය ඉතා උසස් නිර්මාණයක් බවට මුලින්ම සදහන් කරන්න පුළුවන්. විශේෂත්වය වන්නේ මෙය අප රටේ තරුණයෙකු විසින් නිර්මාණය කිරීමයි. මොහුගේ මෙවැනිම පෙර නිර්මාණ කිහිපයක් මා භාවිත කළ අතර එමඟින්ද ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබුණි. මෙයද ඉතා සාර්ථක නිෂ්පාදනයක් විය හැකි බව මාගේ අදහසයි. සුබ පැතුම්! (නි)
සුබ පතනවා ඔබට (හේ)
ඉතාම හොද වටිනා නිෂ්පාදනයක් ඔබතුමා විසින් නිපදවල තියෙන්නේ. රෙදි අපිරිසිදු වීම වළක්වගන්න මේ නිෂ්පාදනය විශාල උදව්වක් වනබව සහතිකයි. මේ නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ වෙළදපොලට ඉක්මනින්ම ඔබේ නමින් එවියි බලාපොරොත්තු වෙනවා. ඔබට ජය වේවා..(බ)
ෂා.........රඛිත සුපිරි වැඩකරුවෙක්නේ. අපේ සුබ පැතුම් ....! (නි)
ලංකාව තුළ මෙවැනි නිර්මාණයක් කිරීම හොඳයි. හැබැයි මේක අලුත් දෙයක් නෙවෙයි. නැනෝ තාක්ෂණය භාවිතා කරන රටවල මෙම ක්‍රමය දැනටමත් ඉතා හොඳින් කරනවා (නි)
තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ඔබට ශක්තිය වාසනාව ලැබේවා! (බ)
ලබන වසරේ සිට මේ තාක්ෂනය නොවරදවා යොදවා ගන්නා බව ඒ සොයාගත් තරුණයාට පොරොන්දු වෙමි.... (ර)
බමුණු, වඳුරන් සදහා බ්‍රිටෝ මහත්මයා මෙවැනිම උපකරණයක් නිපදවා ඉදිරිපත් කළා. මට එතුමාගෙන් උපකරණයක් ලබාගන්න ඕනෑ. එ්කට උදව් කරන්න (නි)
ලබාගතහැකි තැන් ඇතිනම් දන්වන්න (බ)
හොද නිර්මාණයක්. ඔබට ජය! (නි)
මේක නම් නියම වැඩක්. කවුරු මොනවා කීවත් පොඩි ළමයින්ගේ ඇදුම් වල කුණු ගැවෙනවා.ළමයින්ගේ ඇදුම් ලස්සනට පිරිසිදුවට තියාගන්න මේක ගොඩක් වැදගත් වෙයි.ඔබට ජය. (බ)
මෙවැනි නිර්මාණ අප රටට කීර්තියක් (නි)
ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්.නියමම .මේ වගේ ගොඩක් දේවල් කරලා රටට කීර්තියක් ගෙන්න පුළුවන් වෙන්න කියල හදවතින්ම සුබ ප්‍රර්ථනා කරනවා .ජයවේවා.බුදු සරණයි (බ)
ඉතා හොඳ නිෂ්පාදනයක්. (ර)
මිතුර, ඔබගේ සොයාගැනීම ඉතාමත්ම විශිශ්ටයි. මේ සදහා හැකි විගස පේටන්ට් බලපත්‍රයක් ලබාගන්න. එය ජාත්‍යන්තරයට බලපාන ආකාරයෙන් ලබාගන්න. ඔබත් ඔබගේ නිපැයුමත් ලෝකයේ සන්නිවේදන, තොරතුරු තාක්ෂණ, ගගන සහ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ රන් අකුරින් ලියවේවි. (නි)