IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ලක් විද්වතකුගෙන් ලොව මවිත කළ සොයාගැනීමක්

 

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සේවය කරන ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතා ලොව ප්‍රථම වරට වායුමය හයිඩ්‍රජන් යොදාගෙන ලෝහමය හයිඩ්‍රජන් නිපදවීමේ විද්‍යාත්මක පර්යේෂණය සඳහා දායක වී ඇති බව වාර්තා වේ. මෙම සාර්ථක පර්යේෂණය සිදු කිරීම සඳහා රංග ඩයස් සහ ඉසාක් සිල්වේරා යන මහාචාර්ය  ද සහභාගී වී ඇති බව 'සයන්ස්' නම් විද්‍යාත්මක සඟරාවේ  දක්වා ඇත.


ඉතා කුඩා හයිඩ්‍රජන් වායු කොටසක් දියමන්ති දෙකක් අතර අධි පීඩනයකට ලක් කිරීමෙන් හයිඩ්‍රජන් ලෝහය නිපදවීමට සමත් වූ බව මෙම විද්‍යාඥයෝ දෙදෙනා පවසති. ලොව පුරා විද්‍යාඥයින් වසර 80ක පමණ කාලයක සිට ලෝහමය හයිඩ්‍රජන් නිපදවීම සම්බන්ධව පර්යේෂණ සිදු කළත් ඒවා සාර්ථක වී තිබුණේ නැත.


කාමර උෂ්ණත්වයේදී ඉතා ඉහළ සන්නායක ගුණයක් දක්වන හයිඩ්‍රජන් ලෝහය අධික වේගයෙන් ගමන් කරන රොකට් යානා, විදුලි දුම්රිය සහ තවත් බොහෝ ඉලෙක්ට්‍රොනික් උපාංගවල කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා යොදාගත හැකි බොහෝ ප්‍රයෝජනවත් ලෝහයකි.


ශ්‍රී ලංකාවේ උපත ලැබූ රංග ඩයස් මහතා  2016 වර්ෂයේ දී සිය ප්‍රථම උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇති අතර පශ්චාද් උපාධිය ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්ත සරසවියෙන් ලබාගෙන ඇත.



අදහස් (1)

ලක් විද්වතකුගෙන් ලොව මවිත කළ සොයාගැනීමක්

nisan Wednesday, 29 March 2017 11:17 PM

අපේ ශුභ පැතුම්. හැමදාම වීරවංශ ගැන නොදා මේ වගේ දේ දාන්න අපේ රටේ අනිත් දරුවනුත් දිරිමත් වෙන්න.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16773 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site