ඉන්දියානු තරුණයෙකුගේ හිසේ තිබී කිලෝග්‍රෑම් 1.8ක් බර ගෙඩියක් සාර්ථක ලෙස ඉවත් කරනු ලැබූ බව ඉන්දියාවෙන් වාර්තා වේ.
සැත්කම සිදුකල වෛද්‍යවරු පවසන්නේ මෙය ලෝකයේ වෛද්‍ය ඉතිහාසයේ සැත්කමකින් ඉවත් කරන ලද විශාලම ගෙඩිය වන බවයි.
පසුගිය පෙබරවාරි 14වනදා මුම්බායි නගරයේ රෝහලක සිදුකරන ලද මෙම සැත්කම සඳහා පැය 7ක් ගතවී ඇත.
වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ සැත්කමේ සාර්ථක බව තීරණය වන තුරු මෙය මාධ්‍යයට හෙළි නොකල බවයි. දැන් රෝගියාගේ ජීවිත අවදානම පහවගොස් ඇති බවද රෝගියා සුවය ලබමින් පසුවන බවද වාර්තා වේ.
අවුරුදු 31ක් වයසැති ශාන්ත්ලාල් පාල් නැමැති මෙම පුද්ගලයා අවුරුදු තුනක පමණ කාලයක් මෙම ගෙඩිය සමග ඉතා අපහසුවෙන් දිවි ගෙවා ඇති අතර ඇස් පෙනීම පවා නොලැබී තිබූ බව පැවසේ.වෛද්‍යවරු පවසන්නේ සැත්කමින් පසු පෙනීම යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.