IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


මුහුදු උරගයකුගේ ෆොසිලයක් ඉන්දියාවෙන්

වසර මිලියන 152කට පෙර ජීවත් වී වඳවී ගිය බව කියන මුහුදු උරගයෙකුගේ ෆොසිලයක් ඉන්දියාවෙන් සොයාගැනීමට විද්‍යාඥයින් පිරිසත් සමත් වී ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ බටහිර ගුජරාටි ප්‍රාන්තයේ කුච් දිස්ත්‍රික්කයෙන් මෙම ෆොසිලය හමුවී ඇති අතර මෙම වර්ගයේ මුහුදු උරගයෙකුගේ ෆොසිලයක් ඉන්දියාවෙන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව පැවසේ.

දෙවන භූගෝල යුගය හෙවත් මිසසොයික යුගයට අයත් ගල්ගුහාවක තිබී මෙය හමුවී ඇත.

මෙම ගවේෂණය කළ මහාචාර්ය ගන්ට්පාලී ප්‍රසාද් මහතා පවසන්නේ මෙය මීටර් 5.5ක දිගකින් යුතු සම්පූර්ණ ෆොසිලයක් වන බවයි. හිස්කබලේ අස්ථි කිහිපයක් සහ වලිගයේ අස්ථි කිහිපයක් පමණක් දක්නට නොලැබෙන බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

මෙම ෆොසිලය හමුවීමත් සමග ඩයිනෝසර් යුගය සම්බන්ධව අනාවරණය නොවූ බොහෝ තොරතුරු සොයා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

(බීබිසි පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

මුහුදු උරගයකුගේ ෆොසිලයක් ඉන්දියාවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 323 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 351 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1286 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site