ජලය හිඟ වියළි කාන්තාර ප්‍රදේශවලදී පානීය ජලය ලබාගත හැකි ජීවිතාරක්ෂක උපකරණයක් නිර්මාණය කිරීමට මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇත.
මෙම උපකරණය භාවිතයෙන් ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ වියළි කාන්තාර ප්‍රදේශයකදී ජලය ලබා ගැනීමට පර්යේෂකයින් කටයුතු කර තිබේ. ලොව ඕනෑම කාන්තාර ප්‍රදේශයක දී මෙම උපකරණය භාවිතයෙන් ජලය ලබාගත හැකි බව ඔවුහු පවසති.
සූර්යාලෝකය මඟින් මෙම උපකරණය බලගැන්වෙන අතර වාතයේ ඇති තෙතමනය ජලය බවට පරිවර්තනය කිරීම මෙමඟින් සිදුවේ.
ලෝහ-කාබනික සැකැස්මේ කිලෝ ග්‍රෑමයකට ජලය ලීටර් 1 ත් 4 ත් අතර බැගින් නිපදවීමට මෙම උපකරණයට හැකි බව පර්යේෂකයෝ සඳහන් කරති.
පෘථිවියේ වඩාත් ශුෂ්ක කාලගුණික තත්ත්වවලදී මිනිසුන්ට උපකාර කිරීම සඳහා මෙම නව පර්යේෂණයේ ප්‍රතිඵල යොදාගත හැකි බව මැසචුසෙට්ස් පර්යේෂකයෝ පවසති.
209

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය එක්ක බලනකොට අපේ විශ්වවිද්‍යාල ඉන්නේ අහසට පොලව වගේ.
අපේ අයට දිය යටින් ගින්දර ගෙනියන්න පුළුවන් ඒගොල්ලන්ට පුලුවන්ද ඒවා
එච්චර දුරට හිතන්න එපා. විශ්ව විද්‍යාලයක උපකාරයෙන් එක ඇනයක් හෝ මුරිච්චියක් නිපදවලා තියෙනවද?
රටක් ලෙස අප කල යුත්තේ දේශපාලනිකව බෙදීගෙන කුලල් කාගෙන ඉන්නවට වඩා දේශීයත්වයට ගැලපෙන නව සොයා ගැනීම් කිරීමයි. රට වටේම මුහුද ඒත් මාලු රටින් ගෙනෙනවා. අපේ පලතුරු අසුරලා අපනයනය කරන්න පුළුවන්. බුරුමය කුරුම්බා වතුර පොලොස් වෙනි දේවලුත් අපනයනය කරනවා. සියලුදේටම පාලකයන්ගෙන් ස්වායත්ත ජාතික ප්‍රතිපතියක් අවශ්‍යයි.
මේ වගේ එකක් දැනටම හදලා තියෙන්නේ. ඒකට කියන්නේ Atmospheric water generator කියලයි.
අපේ විශ්ව විද්‍යාලවල ළමයින්ට ඔය වගේ වැඩ කරන්න වෙලාවක් නැහැ. උද්ඝෝෂණ කරන්න විතරක් කාලය මදි. තියන ඉතුරු කාලයත් මහා පොළ ගාන අරගෙන මල් කඩන්න ගියාම වැඩේ හරි...
මේක මහ ලොකු දෙයක්ද. සෝලා එකෙන් කරන්ට් එක ගන්නවා. Thermoelectric Peltier Thermo Electric Cooling කියල අර්ධ සන්නායක උපාංගයක් තියනවා. මේක ඊබේ එකේ ගන්නත් තියෙනවා. ඒ ප්ලේට් එකට කරන්ට් දුන්නාම එක පැත්තක් අධික කූල්, අනිත් පැත්ත හීට් වෙනවා. අර කූල් පැත්තේ ජල වාෂ්ප තැන්පත් වෙලා අයිස් හෝ වතුර බිංදු එකතු වෙනවා.
අපරාදේ ජයන්ත මහත්තයට කලින් හදන්න තිබුනණේ...
Atmospheric water generator කියල සොයලා බලන්න. ලෝකේ මෙහෙම යන්ත්‍ර හදලා තියෙන්නේ.
අපේ රටේ විශ්ව විද්‍යාල වලට ගරහන අයට පේරාදෙණිය කටුබැද්ද ඉංජිනේරු පීඨවල ශිෂ්‍යයන්ගෙ නව නිපැයුම් පේන්නේ නැත්තෙ කුහක කම නිසාද ?
අර අපේ විශ්ව විද්‍යාල හෙළා දකින්නේ තනිකර කුහකකමට. අපේ විශ්ව විද්‍යාල වල දේවල් කෙරෙනවා තියෙන සම්පත් වල හැටියට. මොරටුව, ජ'පුර, පේරාදෙණිය උදාහරණ
මීට කලින් ඊශ්‍රායලය මෙවැන්නක් නිෂ්පාදනය කළා. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මෑතකදී ඊශ්‍රායලයට ගිය අවස්ථාවේදී එතුමා සහ ඊශ්‍රායෙල් අගමැති තුමා මෙවැනි ජලය නිපදවන වාහනයක නැගී එරට සංචාරය කරනවා දක්නට ලැබුනා.