 ‘‘අල්ලස’’ අප රටේ මහා ජාතික ව්‍යසනයකි. එය මහා මානව ආපදාවකට ද පාර කපා තිබේ. මුළු මහත් ලෝකයා ඉදිරිපිට අප රට ‘බංකොලොත්’ රටක් ලෙස විලිලජ්ජාවකින් තොරව පිළිගැනීමට අපට සිදුව තිබෙන්නේ සාර සුබාවට වැඩුණු පිළිලයක් බවට පත්ව තිබෙන අල්ලස හා එහි නිවුන් සොහොයුරා වන දූෂණය නිසා බවට විවාදයක් නැත.
‘‘අල්ලස’’ අප රටේ මහා ජාතික ව්‍යසනයකි. එය මහා මානව ආපදාවකට ද පාර කපා තිබේ. මුළු මහත් ලෝකයා ඉදිරිපිට අප රට ‘බංකොලොත්’ රටක් ලෙස විලිලජ්ජාවකින් තොරව පිළිගැනීමට අපට සිදුව තිබෙන්නේ සාර සුබාවට වැඩුණු පිළිලයක් බවට පත්ව තිබෙන අල්ලස හා එහි නිවුන් සොහොයුරා වන දූෂණය නිසා බවට විවාදයක් නැත.
මෙරට බලගතුම රාජ්‍ය ආයතන අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හිමි වන්නේ ප්‍රමුඛතම ස්ථානයකි. මෙම කොමිෂන් සභාවේ නම ඇසූ පමණින් හද්දා පිටිසර ගැමියාගේ දෙකකුල් වෙව්ලන්නට පටන් ගනී. ඒ එම කොමිෂන් සභාවට හිමි නෛතික බලය හේතුවෙනි. හෘද සාක්ෂියට ගරු කරන පුරවැසියෝ අල්ලසට හා දූෂණයට බිය වෙති. හෘද සාක්ෂියෙන් අඩක් ඉතිරි කරගත් පුරවැසියෝ මෙම කොමිෂන් සභාවට ඇති බිය නිසා අල්ලස දූෂණයට යට නොවී සිටීමට උත්සාහ දරති. එහෙත් ඇතැමෙක් ලජ්ජා භය විරහිතව අල්ලස හා දූෂණය තම බඩ රස්සාව බවට පත් කරගෙන සිටිති. එය මැති ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් හා සේවකයන් දක්වා පැතිරුණු වයිරසයකි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැවරී ඇත්තේ එකී දූෂිතයන් ආණ්ඩු මට්ටු කිරීමය. අල්ලසට හා දූෂණයට බිය නැති පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමය.
 කීයක් හෝ අතමාරුවක් නොදී රාජකාරියක් කරගත නොහැකිව අසරණවන රටේ සාතිශය බහුතරයක් ජනතාවට පිහිටවීමට ඇති ප්‍රධානම ආයතනය මෙම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවය. එහෙයින්ම මෙම ආයතනයේ කටයුතු නිරවද්‍යවත්, කාර්යක්ෂමවත් හා විනිවිද භාවයෙන් යුතු විය යුතුය. මෙම කොමිසමේ පැවැත්ම තීරණය වන්නේ එහි විශ්වාසනීයත්වය ආරක්ෂා වන තරමටය.
කීයක් හෝ අතමාරුවක් නොදී රාජකාරියක් කරගත නොහැකිව අසරණවන රටේ සාතිශය බහුතරයක් ජනතාවට පිහිටවීමට ඇති ප්‍රධානම ආයතනය මෙම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවය. එහෙයින්ම මෙම ආයතනයේ කටයුතු නිරවද්‍යවත්, කාර්යක්ෂමවත් හා විනිවිද භාවයෙන් යුතු විය යුතුය. මෙම කොමිසමේ පැවැත්ම තීරණය වන්නේ එහි විශ්වාසනීයත්වය ආරක්ෂා වන තරමටය.
කරුණු කාරණා එපරිදි වුවද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවකින් කියැවෙන්නේ විමතිය දනවන මෙන්ම තිගැස්ම රැගෙන ඒමට සමත් තොරතුරකි. එම තොරතුරෙන් කියැවෙන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉකුත් වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කරන ලද වැටලීම් 29 කින් 14ක් අසාර්ථක වී ඇති බවය. එමෙන්ම මෙම අසාර්ථක වැටලීම් සඳහා රුපියල් ලක්ෂ 25කට වැඩි මුදලක් වැය කර ඇති බවය. එමෙන්ම 2022 වසරේ ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාල සීමාවේ කරන ලද වැටලීම් 29ක් සඳහා රුපියල් ලක්ෂ 47කට අධික මුදලක් අත්තිකාරම් ලෙස නිකුත් කර තිබූ බවද එම විගණන වාර්තාවේ සඳහන්ය.
එම විගණන වාර්තාවේ සඳහන් අන්දමට අසාර්ථක වැටලීම් සඳහා රුපියල් ලක්ෂ 25කට වැඩි මුදලක් වැය කර තිබේ. මෙහිදී රුපියල් ලක්ෂ 25ක මුදල වියදම් කිරීම පිළිබඳව ද යමකුට ප්‍රශ්නයක් මතු කළ හැකිය. එබඳු ප්‍රශ්න නැගීමට හැකි ඉඩක් තිබීම ගෞරවාන්විත ආයතනයේ ප්‍රතිරූපයට යහපත් නැත.
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මට 2019 පෙබරවාරි 5 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී එම සැලැස්ම ක්‍රියාත්මක කර අවුරුදු තුනහමාරක් පමණ ගතවී තිබුණ ද එහි සඳහන් කාර්යයන් 24කින් ඉටුකර තිබෙන්නේ කාර්යයන් 11ක් පමණි.
ඕනෑම ආයතනයක් සම්බන්ධයෙන් පසු විපරමක් කිරීම, ප්‍රගති සමාලෝචනයක් කිරීම කෙතරම් වැදගත් ද? යන්න මෙම ජාතික විගණන වාර්තාව කදිම සාක්ෂියකි.
(***)
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1731										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1731										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1432										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1432										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විගණන කොමිෂන් වාර්තා රාජ්‍ය ආයතන සැලකිල්ලට ගන්න ඕනෑ
nimal Saturday, 07 October 2023 05:34 PM
විගණන කොමිෂන් වාර්තා රාජ්‍ය ආයතන සැලකිල්ලට ගන්න ඕනෑ බව සැබෑවකි.. එසේ වුවත් දූෂිත නිලධාරීන් එම ආයතන තුළම රාජකාරි කරමින් සිටිනවිට කිසිඳු ආයතනයක් දියුණු වන්නේ නැත. ආයතනයක් දියුණු කිරීමට නම් පළමුව දූෂිතයින් තරාතිරම නොබලා ඉවත් කිරීමට කළයුතුවේ. cope / copa කමිටු වෙත නිලධාරීන් ගෙන්වා දිනපතා ප්‍රශ්න කළද විසඳුම් නොලැබීමට හේතුව දූෂිතයින් ඉවත් නොකිරීම වේ.
upali Monday, 09 October 2023 08:31 AM
පෝලිමේ අන්තිමට ඉන්නේ කවුද?