IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


බලශක්ති අර්බුදයට වැදගත් නඩු තීන්දුවක්

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් ඉතා වැදගත් වන නඩු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ප්‍රකාශයට පත් කළේය. එහි සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයක් තිබිය දී සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මීට වසර 06කට පෙර කළ ඉල්ලීමකට අනුමැතිය නොදීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය බරපතළ අන්දමින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවය.

මේ තත්ත්වය පිළිබඳ විමර්ශනය කර ඊට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වහාම අධිකරණයට දැනුම් දිය යුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය අමාත්‍යංශ ලේකම්වරයාට නියෝගයක් ලබා දුන්නේය.

අදාළ නඩුව පවරා තිබුණේ වව්නියා සෝලාපවර් ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගමක් මගිනි. එම සමාගමේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දියක් එම සමාගමට ගෙවීමට ද විදුලිබල මණ්ඩලයට නියම විය. එපමණක් නොව අදාළ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපිය වහාම නිකුත් කිරීමට ද නියම කෙරිණි. අදාළ සම්පූර්ණ අලාභයම පෙත්සම්කාර සමාගමට ගෙවීමට නොහැකි වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ කනගාටුව ද පළකරනු ලැබීය.

මෙරට බලශක්තිය සම්බන්ධයෙන් අර්බුදයක් ඇතිවීමට තරමක දිගු ඉතිහාසයක් තිබේ. සංඛ්‍යා ලේඛන පිළිබඳ වාර්තා සලකා බැලුවහොත් 1996 වර්ෂය පමණ තෙක් මේ අතීතය විහිදී තිබේ. බලශක්තිය සම්බන්ධ අර්බුදයට බලපෑ හේතු ගණනාවක්ම තිබෙන අතර එයින් කොටසක් දේශපාලනයට සම්බන්ධය. සෙසු කොටසෙන් වැඩි ප්‍රමාණයකට වගකිවයුත්තේ නිලධාරීන් බව අපගේ වැටහීමය. එයට අමතරව මෙරට කාලගුණයේ බලපෑම ද හේතුවක් වශයෙන් දැක්විය හැකිය.

ඉහත සියලු කාරණා එක මිටට ගෙන සැලකීමේ දී කැපී පෙනෙන්නේ බලශක්ති අර්බුදයේ කේන්ද්‍රය බලශක්ති උත්පාදනය පිළිබඳ ගනු ලැබූ තීන්දු වටා භ්‍රමණය වන බවය. එකී ඇතැම් තීන්දු හේතුවෙන් බලශක්තිය උත්පාදනය සඳහා වන පිරිවැය ඉහළ ගියේය. 1996 පමණ වනතෙක් ලාබ ලබන අත්‍යාවශ්‍ය සේවා කර්මාන්තයක් වශයෙන් පවත්වාගෙන ගිය බලශක්ති උත්පාදනය ඉන්පසුව දැඩි ලෙස අලාභ ලබමින් පවත්වාගෙන යන කර්මාන්තයක් බවට පත්විය. බලශක්ති උත්පාදනයේ ප්‍රධාන ආයතනය වන ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) එතෙක් ලබමින් සිටි ලාභය දැඩි අලාභයක් දක්වා පරිවර්තනය වීමේ දී ඒ සඳහා පිළියම් යොදනු වෙනුවට සිදු වූයේ කෙසේ හෝ රටට විදුලිය සැපයීම අරමුණු කර ගනිමින් දැඩි ලෙස පාඩු ලබන ආයතනයක් හැටියට ලංවිමට කටයුතු කිරීමට ඉඩ හැරීමය. එවැනි තීන්දු ගැනීම් පිටුපස ක්‍රියාත්මක වූයේ දේශපාලන අවශ්‍යතා බව ප්‍රකට රහසකි.

ඇමැතිවරුන් කිහිප දෙනකු පමණක් අලුත් අදහස් ක්‍රියාත්මක කිරීමට වෙර දැරුවත් ඒ වනවිට මේ ක්ෂේත්‍රය තුළ අඬු විහිඳුවාගෙන තිබූ විවිධ බලවේග හේතුවෙන් ඒවා යටපත් වී ගියේය. ඉතිරි වූයේ දිගින් දිගටම පාඩු ලබන එහෙත් සුපිරි රාජ්‍ය ආයතනයක් බවට පත් වූ ලංවීමත් අධික මිලක් ගාස්තු වශයෙන් ගෙවීමට සිදු වූ පාරිභෝගික ජනතාවකුත් පමණි. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවට අදාළ සූර්ය බලශක්ති ව්‍යාපෘති ලංවිමට සම්බන්ධ වන්නේ මෙහිදීය.

බලශක්ති උත්පාදනයේ දී එක් විදුලිය ඒකකයක් නිපදවීමට වැය කෙරෙන මුදල දිගින් දිගටම ඉහළ යාම නිසා පාරිභෝගිකයා මත පැට වෙන බර අඩු කිරීමට නම් කළ යුතුව තිබුණේ දීර්ඝ කාලීන විකල්ප බලශක්ති ප්‍රභවයන් කෙරෙහි යොමුවීමය. ඒ සඳහා ඉදිරි සැලසුම් ආණ්ඩුවලට ඉදිරිපත් කිරීමේ වගකීම තිබුණේ ලංවිම නිලධාරීන් අතේය. එවැනි සැලසුම් නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබූ බවත් ඒවායින් යම් ප්‍රමාණයක් සාර්ථක කර ගැනීමට හැකිව තිබෙන බවත් සත්‍යයකි. එහෙත් ඇතැම් දේශපාලනඥයන්ගේ දූෂිත සහ වංචනික ක්‍රියාවලට පාර කැපෙන තීන්දු තීරණ ගැනීමත් ඒවාට උඩගෙඩි දෙන නිලධාරීන් පිරිසක් බිහිවී සිටීමත් හේතුවෙන් විකල්ප බලශක්ති ව්‍යාපෘති ඉදිරියට ගියේ ඉතා සෙමිනි. වව්නියා සමාගමේ සැලසුම් වසර 06ක් තිස්සේ යට ගැසුණේ ඒ හේතුවෙනි.

ඒවා ක්‍රියාත්මක කිරීම් වළක්වන, ප්‍රමාද කරන සහ කකුලෙන් අදින විවිධ බලවේග ක්‍රියාත්මක විය. එසේ වූයේ පෞද්ගලික බලශක්ති උත්පාදකයන් හරහා මණ්ඩලයට වැඩි මිලට විදුලිය මිලදී ගෙන එය පාරිභෝගිකයාට අඩු මිලකට අලෙවි කිරීම ඇතැම් දූෂිත දේශපාලකයන්ටත් නිලධාරීන්ටත් මහා ධනයක් හම්බ කර ගැනීමේ මාර්ගයක් බවට පත්වීම නිසාය. මෙවැනි සිදුවීම් ඉතාම දැඩිව හෙළාදැකිය යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව මීට වගකිවයුතු නිලධාරීන් කවුදැයි ඉදිරියේ දී අනාවරණය වනු ඇතැයි ද ඔවුන්ට සුදුසු දඬුවම් ලැබෙනු ඇතැයි ද අපේක්ෂා කරමු.

(***)

 



අදහස් (0)

බලශක්ති අර්බුදයට වැදගත් නඩු තීන්දුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1343 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 826 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 347 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 754 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 368 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 480 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 507 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site