IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


කෝටි ගණන් වැයකර හැදූ ගොඩනැගිලි කැලේට දාන්න එපා

පොලොන්නරුවේ සියලු රාජ්‍ය ආයතන එක වහළක් යටට ගෙන ඒමේ සංකල්පය මත ඉදිකෙරුණු මෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිල්ල වසර පහක් තිස්සේ කැලෑවට යටවෙමින් පවතින බව අපගේ ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයකින් පසුගියදා අනාවරණය කළෙමු.

මේ හේතුවෙන් එම ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් අරමුණු කිසිවක් ඉටුකිරීමට නොහැකිවී ඇති බවත් එම ගොඩනැගිල්ල ඉදිකිරීමට වැය කළ රුපියල් කෝටි 100කට අධික මුදල් මකර කටට ගොස් තිබෙන බවත් කියැවෙයි.

මෙම නාස්තිකාරී ක්‍රියාව සම්බන්ධ තොරතුරු අනාවරණය කර තිබුණේ පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව මගිනි. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා මේ කරුණු සම්බන්ධයෙන් තොරතුරු සොයාබලා හැකි ඉක්මනින් වාර්තාවක් සපයන ලෙසට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇතැයි ද අපගේ ප්‍රවෘත්තියේ සඳහන් වෙයි.

පොලොන්නරුව වැනි ඉතා දුෂ්කර වශයෙන් හැඳින්වෙන දිස්ත්‍රික්කයට මහඟු සම්පතක් විය හැකිව තිබූ මෙකී පරිපාලන ගොඩනැගිල්ලට මේ ඉරණම අත්වූයේ ඇයිදැයි සොයා බැලීම අනාගතයේ දී හෝ මෙවැනි නාස්තිකාර ඉදිකිරීම් වළක්වා ගැනීමට හේතුවනු ඇතැයි අපි විශ්වාස කරමු. මෙම ඉදිකිරීමට පියවර ගනු ලැබුවේ ද හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ඔහුගේ ධුර කාලය අවසන්වීමට පෙර එම ගොඩනැගිල්ල ඵලදායී ආකාරයට භාවිතයට ගැනීම වැළැක්වී ගියේ ඇයිදැයි සොයා බැලීමක් අවශ්‍ය ය.

තොරතුරුවලින් හෙළිවන ආකාරයට පෙනී යන්නේ එහි ඉදිකිරීම් කටයුතු නිමවීමත් සමග සිරිසේන මහතාගේ ධුර කාලය ද අවසාන වීම ඊට හේතුවී ඇති බවයි. ඒ පිළිබඳ කිසිදු නිලධාරියකු අවධානය යොමු නොකිරීමට කටයුතු යෙදුණේත් වසර 05ක් තිස්සේ මෙතරම් වටිනා ගොඩනැගිල්ලක් කැලෑවට යටවී ඇත්තේත් ඒ හේතුවෙන් බව පැහැදිලිය.

මේ ව්‍යාපෘතිය හිටපු ජනාධිපතිවරයකුගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවූවක් බැවින් ඔහුගේ ධුරකාලය අවසන් වීමත් සමග නිලධාරීන් අතර කඹ ඇදීම් සිදුවීම බලාපොරොත්තු විය යුතුය. එය ශ්‍රී ලංකාවේ පරිපාලන ඇතුළු සියලු රාජ්‍ය අංශවල සංස්කෘතියේ කොටසකි. එවැනි ව්‍යාපෘතිවලට අවධානය යොමුකර අත පුච්චා ගැනීමට කිසිදු රාජ්‍ය නිලධාරියකු පෙළඹෙන්නේ නැත. මේ නිසා එම ගොඩනැගිල්ලට යායුතු බවට තීන්දු ගැනීමට නොව එයට නොයාමට හේතු පෙන්වාදීමට නිලධාරීහු වඩාත් කැමැති වෙති. එහෙත් මේ ක්‍රියාදාමයේ වින්දිතයන් බවට පත්වෙන්නෝ වෙන කිසිවකුත් නොව පොලොන්නරුවේ වැසියෝය. ඈත පළාත්වල සිට නගරයට පැමිණ එකම වහලක් යටින් සියලු දේ කර ගැනීමට පොලොන්නරුවේ ජනතාව තුළ තිබූ බලාපොරොත්තු මේ වනවිට බිඳී සිඳී ගොස් තිබේ. එහි වගකීම් බාර ගැනීමට කිසිවකුත් නැත.

තවත් අතකින් මෙවැනි සුවිසල් ව්‍යාපෘතියක් සැලසුම් කිරීමේ දී ඊට අදාළ සියලු ක්ෂේත්‍රවල නිලධාරීන්ගේ සහ විද්වතුන්ගේ උපදෙස් ලබාගැනීමේ වැදගත්කම ද පෙන්වාදිය යුතු ය. අදාළ පරිපාලන ගොඩනැගිල්ලට යාම ප්‍රතික්ෂේප කිරීමට ඇතැම් නිලධාරීන් හේතු වශයෙන් පෙන්වාදී ඇතැයි පැවසෙන්නේ ගොඩනැගිල්ල වායුසමනය කර නොතිබීමත් අධික කුලී මුදලක් ගෙවීමට සිදුවීමත් බව සඳහන් වෙයි. මේ සම්බන්ධ ක්ෂේත්‍රවල ප්‍රවීණයනගේ අදහස් උපදෙස් ගත්තේ නම් මෙවැනි තත්වයක් උද්ගත නොවන බවද කිව හැකිය.

මේ රටේ ඇතැම් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති අවසානයේ මහජන මුදල් කා දමන බවට පත්වූ අවස්ථා ද විරල නොවේ. පොලොන්නරුවේ “මෙත්සිරිපාය” එවන් ව්‍යාපෘතියක් වශයෙන් හැඳින්වීම නිවැරැදි යැයි සිතේ. සමහර දේශපාලන නායකයන් තමන්ගේ ගම් ප්‍රදේශ පමණක් සංවර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කිරීමත් එවන් නාස්තිවලට හේතුවකි.

පොලොන්නරුවේ “මෙත්සිරිපාය” නමින් ඉදිකරන ලද පරිපාලන ගොඩනැගිල්ලට ද ඒ කල දසාව උරුම කරදිය යුතු නැත. තවමත් එම ගොඩනැගිල්ල ඵලදායී ලෙස යොදාගැනීමට කාලය තිබේ. හැකි ඉක්මනින් එහි පවතින අඩුපාඩු සකසාගෙන පරිපාලන කටයුතු නොහැකි නම් වෙනත් මහජනතාවට ප්‍රයෝජනයට ගතහැකි වෙනත් කටයුත්තක් සඳහා හෝ එය භාවිතයට ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. කෝටි 100ක ගොඩනැගිලි සංකීර්ණයක් කැලෑවට යට කිරීම ජාතික අපරාධයක් නොවේදැයි කෙනකු ප්‍රශ්න කළහොත් එය අසාධාරණ නොවේ.

(***)



අදහස් (2)

කෝටි ගණන් වැයකර හැදූ ගොඩනැගිලි කැලේට දාන්න එපා

sathyapala Thursday, 27 June 2024 08:09 PM

මේ ගොඩනැගිල්ලේ ස්ලැබ් එක සමහර තැන්වලින් ගොඩක් එළියට කැන්ටිලිවර් කරලා තියෙන විදිහට භය හිතෙනවා. නිසි ඉංජිනේරු ගණනය කිරීම් අනුව කරලද කියලා. ගොඩනැගිල්ලට ඇතුල්වෙන තැනට ඉහලින් තියෙන කොටස ගැන මම කියන්නේ...

:       1       6

Perera Thursday, 04 July 2024 06:55 AM

ඉතිහාසයේ රජවරුන්ගේ වැඩයි දැන් රජවරුන් කියලා හිතන් ඉන්න එවුන්ගේ වැඩයි පොලොන්නරුවේ පෙනෙන්නම ඔය තියෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 287 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 321 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1249 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site