කෝටි ගණන් පාඩු ලබන මත්තල ගුවන් තොටුපොළ
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලබන පාඩුව සම්බන්ධයෙන් වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා ප්‍රකාශයක් කර තිබිණි. අමාත්‍ය ධුරයේ රාජකාරි බාර ගැනීමෙන් පසුව ගුවන්තොටුපොළ නිරීක්ෂණය කිරීමේ චාරිකාවක යෙදී සිටියදී අමාත්‍යවරයාට දැනගන්නට ලැබුණු තොරතුරු අනුව ඔහු කියා තිබුණේ, මත්තල ගුවන්තොටුපොළ මාසිකව ලබන පාඩුව රුපියල් කෝටියකට අධික බවය. අද වන විට මත්තලට එකම ගුවන් යානයක්වත් නොපැමිණෙන බව ද සඳහන් විය.