රටෙන් බාගයක්ම සමෘද්ධියට වැටීම
සමෘද්ධිය උදාවනවා, සමෘද්ධිමත් වෙනවා යන්නෙහි ප්‍රකාශිත අර්ථය වන්නේ දියුණුව ලබනවා, ප්‍රගතිය කරා පිවිසෙනවා යන්නයි. එහෙත් වර්තමානයේ එක් නාම විශේෂණයකින් දැක්වෙන ‘සමෘද්ධිය’ යනු මීට වඩා හාත්පසින් ප්‍රතිවිරුද්ධ අරුතක් ප්‍රකට කරන්නකි. ඒ අනුව සමෘද්ධිය යනු දුප්පතාගේ යැපුම් මට්ටම දියුණු කරන එක්තරා රාජ්‍ය ව්‍යාපෘතියකි.