IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


මෙවැනි තිරිසන් ඝාතන මින් මතු ඇති නොවේවා

අරගලකරුවන් අතින් ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. එහිදී ඝාතනය වූ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන් ද වන්දි මුදලක් ගෙවීමට නියමිත බව ද සඳහන් විය.

රුපියල් කෝටියකින් මිනිස් ජීවිතයක වටිනාකම තක්සේරු කිරීමට හැකියාවක් නැත. එහෙත් කිසිදු වන්දි මුදලක් නොලැබී යනවාට වඩා කෝටියක මුදලක් හෝ ලබාදීම ඝාතනය වූ මන්ත්‍රීවරයාගේ බිරිඳටත් දරුවන්ටත් මඳ සැනසීමක් හෝ ලබා දෙනු ඇත. එම පිරිසට තම සැමියා සහ පියා මහමෙරකටත් වඩා වටිනා බව දැනුණත් ඔවුන්ට මේ ලැබීම හෝ අවස්ථාවේ හැටියට සහනයක් බව අපි සිතමු. හැකි නම් පක්ෂයේ මට්ටමින් හෝ තව තවත් එම ඝාතනය වූ මන්ත්‍රීවරයාගේ පවුලේ දූ දරුවන්ට දිගින් දිගටම ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් හෝ ක්‍රියාත්මක කළ හැකි නම් එය වඩාත් ප්‍රතිඵලදායක වනු ඇත. වසර 05ක පාර්ලිමේන්තු කාලසීමාව අවසන් කිරීමට පෙර ඔහුගේ මරණය සිදුවූ බැවින් අතුකෝරාළ මන්ත්‍රීවරයාට විශ්‍රාම වැටුපකට හිමිකමක් ද නැත.

මිනිස් ජීවිතයක වටිනාකම තුට්ටුවකට මායිම් නොකළ ප්‍රචණ්ඩකාරී පිරිසකගේ මාරාවේශ වූ ක්‍රියා හේතුවෙන් මෙසේ අමරකීර්ති අතුකෝරාළ මන්ත්‍රීවරයා ඝාතනය වීම මහත් ඛේදවාචකයකි. අරගලයට කවර ආකාරයක දායකත්වයක් දැරූ පිරිසක් අතින් මේ මිනීමැරුම සිදුවී දැයි අපි නොදනිමු. කවුරුන් මේ සඳහා වගකිවයුතු වුවත් මෙවැනි අපරාධයක් කිසිදු රටක සිදුවිය යුතු නැත. පණ බේරා ගැනීමට දිවයන පුද්ගලයකු හඹා ගොස් ඔහුට පහර දී ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ හැක්කේ මිනීමරු මනසකින් ක්‍රියා කරන අපරාධකරුවන්ට පමණි. මේ සිද්ධිය වූ පසුගිය මැයි මස 09 වැනිදා එවැනි සිත් පිත් නැති අපරාධකරුවෝ සිය ගණනින් වීදි බැස සිටියහ. නිවෙස්, වාහන ඇතුළු කෝටි සංඛ්‍යාත දේපළ එදින රාත්‍රියේ වැනසී ගියේ එම අපරාධකරුවන් අතිනි. මේ සිද්ධි ශිෂ්ට සම්පන්න රටක සිදුවිය යුතු නැත. අනාගතයේ දී වුවද එවැනි තත්ත්වයකට රට මුහුණ දිය යුතු නැත.

ආණ්ඩුවලට එරෙහිව ජනතාවගේ නැගිටීම් සිදුවීම රටේ ලෝකයේ දේශපාලනයට අමුත්තක් නොවේ. එවැනි නැගිටීම් සිදුවුව ද ඒවා ප්‍රචණ්ඩත්වයට නැඹුරු වූ අපරාධකරුවන් අතට පත්වීමට ඉඩ නොතැබීමට ඒවාට නායකත්වය දෙන පිරිසේ වගකීමකි. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සහ විරෝධතා ප්‍රචණ්ඩකාරී තත්ත්වයට පෙරළිය හැකි වුවත් එය පුද්ගලයන් සහ දේශපාලකයන් හඹා යමින් ඔවුන් ඝාතනය කරන තත්ත්වයට පත්වීම මොනම රටක වුවද අරාජික තත්ත්වයට පාර කැපීමකි. එවැනි අරාජික තත්ත්වයට රටක් පත්වීමෙන් පසුව සිදුවිය හැකි බිහිසුණු ප්‍රතික්‍රියා අරාබි වසන්තය නම් වූ විරෝධතා ව්‍යාපාරයෙන් දැකගත හැකි විය. අවසානයේ ඇතැම් රටවලට එය වසන්තයක් නොව වසංගතයක් විය. එය මෙහෙයවූ ඇතැම් නායකයන් ලැබූ ජයග්‍රහණයක් ද නොවීය. ඒ ඇතැම් රටවල් තවමත් වසන්තයට පෙර තත්ත්වයට වඩා වෙනසක් නැත.

මේ රටේ ආණ්ඩු විරෝධී අරගලවලට සහ කැරලිවලට ඉතිහාසයක් තිබේ. 53 හර්තාලයේ පටන් මේ දක්වා පැවැති අරගල සහ කැරලි අතර 71 කැරැල්ල, 87 කැරැල්ල සහ කැරැල්ලක් ලෙසින් ඇරඹී පසුව සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වූ එල්.ටී.ටී.ඊ. සටන ඒ අතරින් කැපී පෙනෙයි. මේ සියලු‍ අවස්ථා, ඝාතන සහ සමූහ ඝාතනවලින් පිරී තිබිණි. එහෙත් ආණ්ඩු විරෝධී වැඩවර්ජන, උද්ඝෝෂණ සහ විරෝධතා මිනිස් ජීවිත බිලිගන්නා තත්ත්වයට පත්වූයේ කලාතුරකිනි. ඒවාට නායකත්වය ලබාදුන් පිරිසගේ බලපෑම ඊට හේතු වී යැයි පිළිගත යුතුය.

එසේ වුවද අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ ඝාතනය ඇතුළු නීතිවිරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා දක්වා වර්ධනය වූ අරගලයේ ආරම්භය ප්‍රචණ්ඩකාරී නොවීය. එය රසායනික පොහොර තහනම හේතුවෙන් හටගත් ගොවීන්ගේ විරෝධතාවලින් ඇරඹී පසුව එම තීන්දුවේම ව්‍යාති රේඛයක් වශයෙන් හටගත් ආර්ථික අර්බුදයේ කොටසක්ද නියෝජනය කළේය. පසුව අරගලය ගෝල්ෆේස් පිටිය දක්වා පැමිණ එහි ස්ථානගත වී සාමකාමී ලෙස සති ගණනක් පැවතිණි. රට පුරාද අරගලයේ ශාඛා පැවතුණත් ඒවාද සාමකාමී විය. ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වී රටේම පෝලිම් ඇතිවී තෙල් හිඟ වී විදුලිය කැපීම ද දීර්ඝ වනවිට රටම නොසන්සුන් විය.

එසේ වුවද සාමකාමීව පවත්වාගෙන ගිය අරගලයට කඩා වැදී එහි සිටි පිරිසට පොලු‍වලින් ගසා බරපතළ තුවාල කර කූඩාරම් ගිනි තබා සිදු කළ විනාශය ඉන් පසුව හටගත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයට මග පෑදුවේය. එසේ නොවන්නට මැයි 09 වැනිදා අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ ඝාතනය සිදුවන්නේ ද නැත. දුරදිග නොබලා එම ප්‍රහාරය සිදු කිරීමට නායකත්වය දුන් සහ එයට සහභාගි වූ කිසිදු දේශපාලකයකුට එම වගකීමෙන් මිදිය නොහැකි බවද මෙහිදී පෙන්වා දිය යුතුය. පුද්ගලයකු ඝාතනය කිරීමෙන් පසුව ඔහු වෙනුවෙන් කෝටි ගණන් වන්දි ලබාදුන්නත් සිදුවූ පාඩුව පිරිමැසිය නොහැකි බවද ඒ සමඟ කිව යුතුය.

(***)



අදහස් (2)

මෙවැනි තිරිසන් ඝාතන මින් මතු ඇති නොවේවා

ganegoda Monday, 31 October 2022 03:03 PM

දේශපාලනයට බැස්සාම ඔව්වාම සාමාන්‍ය දේවල් කියලා අපි ඉතිහාසය කියලා දීලා තියෙනවනේ... නැතිනම් අදත් ‘‘ජෝර්ජ් කෙනඩි‘‘ ජීවත් වෙනවනේ...!

:       1       5

Nandasena gr Tuesday, 01 November 2022 05:53 AM

දැන් ඔය මන්ත්‍රීගේ ජීවිතේ සහ අර ගෑස් ටැංකි පුපුරලා මැරිච්ච අය, ගෑස් පෝලිම් වල, තෙල් පෝලිම් වල දවස් ගානක් ඉඳලා මැරිලා ගිය මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම් දෙකක්?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 502 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 389 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 302 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1445 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 78 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 678 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 593 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1179 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site