IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ධීවරයන්ගේ හඬටත් සවන්දී ප්‍රශ්න විසඳනු

ගාලු මුවදොර ඇතුළුව  ස්ථිර අරගල භූමි පැවැති ස්ථාන ජන ශුන්‍ය වී තිබේ. අරගලකරුවන් පවසන්නේ අරගලයේ පළමු අදියර අවසන් බවය. එහෙත් රටේ නන්දෙසින් යළිත් විරෝධතා ව්‍යාපාර  මතු වෙමින් තිබේ. මාර්ග අවුරා  ඔවුහු විරෝධතා දක්වති. ඒ විරෝධතාවලට හේතුව ද ඉන්ධන හා භූමිතෙල්ය.

අප පුවත්පත සේයාරුවක් ද සමගින් ඉකුත් දා වාර්තා කළේ කල්පිටිය අර්ධද්වීපයේ සියලුම ධීවර සංවිධානවල එකතුවෙන් ධීවර උද්ඝෝෂණයක් පාලතුඩාව මංසන්ධියේ පැවැති බවය. ඉන්ධන මිල සංශෝධනයේ දී භූමිතෙල්වලට සහන මිලක් ලබාදීම, හිඟයකින් තොරව ධීවරයාට භූමිතෙල් ලබා ගැනීමට ඉඩ සැලසීම, ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉකුත් මාස තුන තුළ රැකියා අහිමි වූ ධීවරයන් සඳහා  සහනාධාරයක් ලබාදීම සහ ඉන්දීය ධීවරයන් මෙරට මුහුද සංක්‍රමණය කිරීම වැළැක්වීම ආදි ඉල්ලීම් මුල් කර ගනිමින් ධීවරයන් මෙසේ උද්ඝෝෂණයේ යෙදුණ බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

මෙයට දෙතුන් මසකට එපිට දී රට තිබූ තත්ත්වය සම්බන්ධ මතකය අලුත් කරගත හැකිනම් අද රට තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විමතියක් ඇතිවීම වැළැක්විය නොහැකිය. එදා පැවැතියේ කිලෝ මීටර් හතර-පහ දිගු ඉන්ධන පෝලිම්ය. එම පෝලිම්වල රැඳී සිටි ජනයා රැයක් -දහවලක් නොමැතිව විඳි නිරා දුක් මනුෂ්‍යත්වයේ අසරණකම කියා පාන්නකි. ඉන්ධන පෝලිම්වල අවසන් සුසුම් හෙලු මිනිසුන්ට සම්බන්ධ දුක්බර පුවත් ද ආවේග ප්‍රචණ්ඩ ලෙස මුදාහැරීමේ ත්‍රාසජනක සිදුවීම් ද එකල අඩු නොවීය.

එකල හා මෙකල සන්සන්දනය කිරීමේ දී අද තත්ත්වය බොහෝ වෙනස්ය.  ඉන්ධන අර්බුදය පැමිණීමට පෙර තිබූ සාමාන්‍ය තත්ත්වයට රට පත්වී නොමැති වුවද කිලෝ මීටර් ගණන් ඉන්ධන පෝලිම් නැත. අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන නොලැබුණත් ලැබෙන ඉන්ධන ප්‍රමාණය අර පිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනයා හුරු වී සිටිති. පසුගිය දිනවල ඉන්ධන මිල  සූත්‍රයක් ගැන ද කතා බහට ලක්වූ හෙයින් ඉන්ධන හරහා සිදුකළ ජාවාරම් ද නතර වී ඇත. මෙම තත්ත්වය දවසෙන් දවසට සාර්ථකත්වය කරා ළංවේවායි යන්න අපගේ ප්‍රාර්ථනය වේ.

ඉන්ධන අර්බුදයෙන් යම් අස්වැසිල්ලක් ලැබුණේ එක්වරම නොවේ. එයට යම් යම් පරීක්ෂණ මෙන්ම අත්හදා බැලීම්වලට යොමුවීමට සිදුවිය. අවසානයේ මෙතෙක් අත්හදා බැලු හොඳම ක්‍රමයෙන් යම් විසඳුමක් නිර්මාණය කර ගැනීමට හැකි වී තිබේ. මෙම විසඳුම සෑම ක්ෂේත්‍රයකටම සාධාරණ ලෙස බෙදී යාමේ ක්‍රමවේදයක් ඉතා ඉක්මනින් අවශ්‍ය කර තිබේ.

ධීවර ක්ෂේත්‍රය යනු ඉතා සුවිශේෂි ක්ෂේත්‍රයකි. ධීවරයාගේ රැකියාව උදේ ගොස් හවස  එන රැකියාවක් නොවේ. අතැම් විට දින ගණන්, සති ගණන් මුහුදේ ගත කිරීමට ඔවුන්ට සිදුවේ. එය මාස ගණනක් ද විය හැකිය. එම නිසා ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන තිබිය යුතුය. ඉන්ධන නොමැතිනම් ධීවරයාට මුහුදු රස්සාව අත හැරීමට සිදුවනු ඇත.

ධීවර වෘත්තියෙන් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ ගණනකි. මුහුදු රස්සාවට යාමට නොහැකි වුවහොත් එම පවුල් ලක්ෂ ගණනම බඩගින්නේය. අපේම සහෝදර පුරවැසියන්ට එබඳු දුක්ඛිත ඉරණමක් අත්විය යුතු නැත. එමෙන්ම ධීවරයා මුහුදු නොයන්නේ නම් රටේ මාළු ලෑලි පාළුවට යයි. එහි  තාර්කික අවසානය වන්නේ මාළු මිල ඉහළ යාමය.

‘‘මාළුවල මිල අහන කොට ඇඟේ මාළු නටනවා’’ මේ දිනවල මාළු සම්බන්ධයෙන් ඇසෙන්නේ එබඳු කතාය. ‘‘මාස ගණනකින් මාළු කෑල්ලක් කෑවේ නෑ’’ ඇතැමෙක් එසේ කියති.  රට වට කොට මුහුද තිබුණ ද මාළු කෑල්ලක් ආහාරයට ගැනීම මාර යුද්ධයකි. මාළු මෙතරම් ගණන් යෑමට ධීවරයාට ධීවර වෘත්තියේ යෙදීමට ඇති බාධා ඉවහල් වී තිබෙන බව සත්‍යයකි.

අප පුවත්පත වාර්තා කළ එක් ප්‍රවෘත්තියකින් කියවුණේ වගා කටයුතු සඳහා ඉන්ධන සැපයීම සම්බන්ධිකරණයට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිලධාරියකු පත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන බවය. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ අරමුණෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ  වගකිව යුතු නිලධාරියකු පත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දී ඇතැයි එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

ක්ෂේත්‍රයටත් ආදේශ කළ හැකි කදිම පිළියමකි. මෙබඳු අත්හදා බැලීම් කරමින් ධීවර ප්‍රජාවට කඩිනමින් හා අවශ්‍ය ප්‍රමාණයෙන් ඉන්ධන ලබාදීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ  යුතුය. එසේ නොවුණහොත් ධීවර වෘත්තියත් ධීවරයාගේ ජීවිතත් බරපතළ අනතුරකට පත්වීම වැළැක්විය නොහැක.

(***)



අදහස් (0)

ධීවරයන්ගේ හඬටත් සවන්දී ප්‍රශ්න විසඳනු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site