හෙට දවස නිර්මාණය වන්නේ ඊයේ දවස සම්බන්බන්ධයෙන් අද ඇතිකර ගන්නා තීන්දු තීරණ නිගමන මතිනි. එළඹගත් සිහියෙන් යුතු ප්‍රඥාවන්තයෝ ඊයේ දවස නිවැරැදිව කියවා ගනිති. එසේ නොවන්නෝ ඊයේ රෑ වැටුණු වළෙහි අද මහ දවලේත් වැටිති.
අත්‍යවශ්‍ය පෙරවදන අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ පුවතක් සම්බන්ධයෙනි. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ පෞද්ගලික ඉඩමකට යාමට හොරගල ගල්පොත්ත හේන් යාය රජයේ කැලය මැදින් යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් කිලෝමීටර එක හමාරක් දිග මාර්ගයක් ඉදිකිරීම හේතුවෙන් විශාල වනාන්තර ප්‍රදේශයක් විනාශ වී ඇතැයි පරිසරවේදීන් සහ ගම්වාසීන් චෝදනා කරන බවය.
මුළු රටම අරගල බිමක් බවට පත්ව තිබේ. නිර්පාක්ෂික පොදු ජනයා මෙන්ම විවිධ තරාතිරම්වල ජනයා නිරුත්සාහකව සාමකාමී අරගල බිම් නිර්මාණය කළහ. මෙම අරගල බිම් නිර්මාණය වූයේ ගුවන්ගත බඩු මිලට එරෙහිව පමණක් නොවේ. බඩගින්නට එදිරිව පමණක් නොවේ. ගෑස් හිඟය ඉන්ධන පෝලිම් නිසා පමණක් නොවේ. නිදහසින් පසු ගෙවා ආ හැත්තෑ හතර වසරක මජර නාස්තිකාර හා දූෂිත මෙන්ම චෞර ක්‍රියාදාමයන්ට එරෙහි රළ ගසන විරෝධයද සටන් බිම් නිර්මාණය වීමට හේතු සාධක සැපයීය. විශේෂයෙන්ම ජාතික සම්පත් විනාශය මෙන්ම පරිසර විනාශය නූතන දියුණු සමාජය නොඉවසයි. උපනූපන් පරම්පරාවලට නිදහසේ හුස්ම ගත හැකි රටක් සම්බන්ධ අත් නොහළ අපේක්ෂාවෙන් පණ පෙවුණු ජනයාගේ පණ ගැහෙන රිද්මය හඳුනා ගන්නේ නම් අද දවසේ අප පුවත්පතට මෙබඳු පුවත් වාර්තා කිරීමට සිදුවන්නේ නැත.
ඉහත වනාන්තර ඉඩමට පිවිසීමට විකල්ප මාර්ග පහක් හඳුනාගෙන තිබියදීත් මෙම සුවිශේෂි වනාන්තර පද්ධතිය දෙකඩ කරමින් ඇළ මාර්ග තුනක් සම්පූර්ණයෙන්ම අවහිර කර දේශපාලනඥයකුගේ බලය භාවිත කර මෙම මාර්ගය ඉදිකරමින් තිබෙන බව නිරීක්ෂණ චාරිකාවකදී දැන ගන්නට ලැබුණු බව පරිසරවේදී සජීව චාමිකර මහතා අප පුවත්පතට පවසා තිබිණි. වනාන්තරයේ ඇති ඇළ මාර්ග සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබීම හේතුවෙන් ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂවල වාසස්ථානද විනාශවන බව ඒ මහතා පෙන්වා දී තිබිණි.
මෙම වනාන්තරය කෙනකුට අනුව‘‘කැලෑවක්’’ විය හැකිය. මේ කැලය සංහාරය කරමින් යන්නේ එසේය. එහෙත් මෙම වනාන්තරය එබඳු කැලෑවක් නොවේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වැනි වගන්තිය යටතේ පාලනය වන වනාන්තරයක් වන මෙහි ලංකාවට ආවේණික මහ කොණ්ඩ කවුඩා, හබන් කුකුලා, රත් මහ කෑරලා, අළු කෑඳැත්තා, ගිරා මලිත්තා, රන් නළල් කොට්ටෝරුවා, හිස කළු කොණ්ඩයා වැනි පක්ෂීහු වාසය කරති. එම වනාන්තරය දෙකඩ කරමින් නව මාර්ගයක් තනන්නේ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
කොටපොළ ප්‍රාදේශීය ලේකම් ශානිකා අයි. පෙරේරා මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ පුද්ගලයකුට හිමි මධ්‍යම පාන්තික ඉඩමකට ප්‍රවේශ වීමට වසර දහයකට වැඩි කාලයක් පුරා මාර්ගයක් ඉල්ලා තිබූ බවය. ඒ සඳහා මිනුම්දෝරු දෙපාර්තමේන්තුවෙන් විකල්ප මාර්ග පහක් පෙන්වා දී තිබූ බවත් ඉන් එක් මාර්ගයක් නීත්‍යානුකූල පිඹුරක් මගින් ඉඩමට ප්‍රවේශවීම සඳහා ඇති මාර්ගයක් බවය. පසුව මිනුම්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව, ජනපද නිලධාරීන් ඇතුළු අදාළ සියලු පාර්ශ්වවල නිලධාරීන් කැඳවා මෙම මාර්ග පහෙන් වඩාත් සුදුසු මාර්ගය කුමක්දැයි විමසූ බවත් වැඩි ආයතන සංඛ්‍යාවක් එකඟ වූ ව්‍යවස්ථාපිත නීත්‍යානුකුල මාර්ගය සඳහා එකඟ වූ බවය. එමෙන්ම වන සංරක්ෂණ ජනරාල් ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අනුමැතිය සහිතව මෙම මාර්ගය සඳහා අනුමැතිය ලබාදී ඇති බවය.
කොටපොළ ප්‍රාදේශීය ලේකම්තුමිය එසේ ප්‍රකාශ කළත් පරිසරවේදීන් හා ගම්වාසීන් පවසන්නේ පෙර කී ප්‍රවේශ මාර්ග තිබියදී යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් කිලෝමීටර එක හමාරක් දිග නව මාර්ගයක් ඉදිකරන බවය. ඒ සඳහා දේශපාලන රැකවරණය හා ආශිර්වාදයද හිමිවන බවය.
රට වනාහි මිනිසා පමණක් නොවේ. පරිසරය යනුද මිනිසා පමණක් නොවේ. මිනිසා යනු මෙම සොබා දහමේ එක් අංගයක් පමණි. ගහකොළ, ඇළ දොළ, සතා සීපාවා මෙම පරිසරයේ අනෙකුත් අංග වේ. මිනිස් ජීවිතය පරිපූර්ණත්වයට පත්වීමට මෙන්ම ජීවත්වීමට මෙම අනෙකුත් අවශේෂ අංග අත්‍යවශ්‍ය වේ. එහෙත් ‘ඔක්සිජන් කන්නදැයි’ අසන දේශපාලනඥයන් සිටින රටේ ඔවුන්ටම අනුගත බූරු පුරවැසියන්ට සොබාදහම යනු මුදල් කොළ පමණි. ගස් කොළන් දෙපළු කර ඒවා මුදල්වලට විකුණා තම පැවැත්ම සරිකර ගැනීමට ඔවුහු උත්සාහ කරති. මේ රට මේ තරම් අගාධයකට ඇදවැටුණේද එහෙයිනි.
ඊයේ දවස නිවැරැදිව කියවා ගත යුතු වන්නේ එහෙයිනි. ඊයේ දවසෙන් පාඩම් ඉගෙන නොගැනීම යනු ස්වයං විනාශයට පාවාඩ එළීමකි. වඩාත් යහපත් හෙට දවසක් සම්බන්ධ ප්‍රාර්ථනාවන්ගෙන් පිරීගත් මිනිසුන්ට මෙබඳු පුවත් ළය විනිවිදින කිණිසි තුඩක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. එහෙයින් මෙම ජාවාරම්කාර එමෙන්ම පරිසර සංහාරයකයන්ට එදිරිව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුය.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පරිසරය විනාශ කරන්නේ රට කාන්තාරයක් කරන්නද?
nimal Saturday, 15 October 2022 08:44 PM
ශ්‍රී ලංකාව සදාහරිත රටක් බවට පත්කිරීමට දැඩි පරිසර නීති ක්‍රියාත්මක කලයුතුවා පමණක් නොව පරිසරය පිලිබදව හැගීමක් සහිත පුදගලයන් යටතට පත් කලයුතුවේ. එවිට නිතිය ක්‍රියාත්මක වේ. දෙවානි ජයතිලකලා වැනි රාජ්‍ය සේවයේ කාන්තවන් නැගී සිටියේ සමස්ත පරිසරය අරක්ෂ කරගැනීම වෙනුවෙන් මිස ඔවුන්ගේ පුද්ගලික අවශ්‍ය තත්වයන් වෙනුවෙන් නොවේ.