IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


22 වැනි සංශෝධනයට සියලු පක්ෂවල අනුමැතිය ගනිමු

විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වා දුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 22 වැනි වරටත් සංශෝධනය සඳහා මැතිසබයට කෙටුම්පත් ඉදිරිපත් කර තිබේ. පසුගිය කාලයේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ගණනාවකින්ම කියැවුණේ රටේ තිබෙන බොහෝ ප්‍රශ්නවලට විසඳුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් බවය. ඒ අනුව අදාළ කටයුත්ත ඉටුවී ඇත. ලිබරල්වාදී මත දරන දේශපාලන කණ්ඩායම් මෙයට ප්‍රශංසාව පළකරද්දී ජාතිකත්ව අරමුණ වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ගණනාවක් දැනටමත් 22 සංශෝධනයට සිය දැඩි විරෝධය පළකර තිබේ. එම සංවිධාන එකතුව වෙනුවෙන් ආචාර්ය ගුණදාස අමරසේකර සිය විරෝධය කතානායකවරයාට ලිඛිතවම ඉදිරිපත් කළේය.

පසුගිය කාලයේ මෙරට ව්‍යවස්ථා සම්පාදන ක්ෂේත්‍රයේ දක්නට ලැබුණ එක්තරා පොදු ලක්ෂණ වන්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ සිට මේ දක්වා පැවති හැම ආණ්ඩුවක්ම වරින්වර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළේය. ඒ සෑම රජයක්ම ව්‍යවස්ථා සංශෝධනයට පදනම් කරගත්තේ තම තමන්ගේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති සහ ඇතැම්විට විවිධ දේශපාලන පක්ෂවල පෞද්ගලික අභිලාෂයන්ය. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංශෝධනයේ සිට මෙවර ඉදිරිපත් කර තිබෙන 22 වැනි සංශෝධනය දක්වා මෙම ලක්ෂණය තදින්ම කැපී පෙනෙයි.

ලෝකයේ බොහෝ රටවල් ව්‍යවස්ථා සම්පාදනය කරන්නේ තම තමන්ගේ රටේ සහ ජාතියේ අභිලාෂ සාක්ෂාත් කර ගැනීමටයි. ඉන්දියාවට 1950දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළ නීති විශාරද ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කාර් ව්‍යවස්ථාව සම්පාදනයට පෙර පුළුල් දේශපාලන මත විමසුමක් කළේය. එසේම මෙරටට හඳුන්වා දුන් ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොඩලය එංගලන්තයේ වයිට්ගෝල් ව්‍යවස්ථා සම්පාදක අධිකාරියෙන් අපට ලැබුණ ද එය මෙරට දී පිරිපහදු කළ ව්‍යවස්ථා විශාරද ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට පෙර ප්‍රධාන දේශපාලන පක්ෂවල හා සුළු පක්ෂ නායකයන්ගේ මත විමසුමක් කළේය. ඒ සමඟ අපට නිදහස ලබාදීමට නිර්දේශ කළ සෝල්බරි කොමිසම හමුවේ නියෝජනය වූ විවිධ දේශපාලන මතද විමසා බැලීය. ඒ අනුව ශ්‍රීමත් ජෙනිංග්ස් කෙටුම්පත් කළ 1948 ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 ශ්‍රී ලංකාව ජනරජයක් වනතෙක්ම නිර්බාධිතවම ක්‍රියාත්මක විය.

අපේ දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළේ ව්‍යවස්ථා විශාරදයකු වන ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාය. ඒ සඳහා යෝජනා ලබාගන්නට මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පත්කළ බව අපට මතකය. ශ්‍රී ලංකාව ජනරජයක් කරමින් මෙරට සමඟ බ්‍රිතාන්‍ය කිරීටයට තිබූ අවසන් නිල බැඳීම අත්හිට වූ 1972 ජනරජ ව්‍යවස්ථාව ද 1978 වෙනසට භාජන වනතුරුම ගැටලු‍වකින් තොරව නිසියාකාරව පැවතුණි.

1978 ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ නීතිඥ එච්.ඩබ්ලිව්. ජයවර්ධන ප්‍රමුඛ නීතිඥ පිරිසක් විසින් සැකසූ 1978 ව්‍යවස්ථාව ගත වූ වසර 44 තුළ මේ වනවිට වාර 21 ක් සංශෝධනය කර තිබේ. 22 වැනි සංශෝධනය මැති සබයට දැන් ඉදිරිපත් කර ඇත. මෙමගින් වෙනස් කරන්නේ පසුගිය රජය සම්මත කළ 20 වැනි සංශෝධනයයි. එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වූ පසු ගෙනා 20 වැනි සංශෝධනය ස්ථාපිත කළේ යහපාලන රජය සම්මත කරගත් 19 වැනි සංශෝධනය අහෝසි කරන්නටය. එය ඔවුන්ගේ මැතිවරණ පොරොන්දුවකි. යහපාලන රජය 19 වැනි සංශෝධනය ගෙන ආවේ ඊට පෙර පැවැති මහින්ද රාජපක්ෂ රජයේ සම්මත කර තිබූ 18 වැනි සංශෝධනය අහෝසියටය. මහින්ද රාජපක්ෂ රජය 18 වැනි සංශෝධනය ගෙන ආවේ ඊට පෙර ක්‍රියාත්මක කර තිබූ 17 වැනි සංශෝධනය අහෝසි කරන්නටය. මෙලෙස ව්‍යවස්ථා සම්පාදනයේ පූර්වාපර සන්ධි ගළපා බලන විට පෙනී යන්නේ 17 වැනි සංශෝධනයේ සිට 22 වැනි සංශෝධනය දක්වා ආණ්ඩුවෙන් ආණ්ඩුවට ව්‍යවස්ථා සංශෝධන කර ඇති බවය. ඒ ඒ දේශපාලන පක්ෂවල පෞද්ගලික න්‍යාය පත්‍ර ඒ සඳහා මුල් වූ බව මෙහි දී පැහැදිලිව පෙනෙන කරුණකි.

ව්‍යවස්ථා සම්පාදනය යනු ජාතික වශයෙන් වැදගත් වන පුළුල් කාරණාවකි. එය පෞද්ගලික දේශපාලන අරමුණුවලට ලඝු නොකළ යුතුය. එසේම ව්‍යවස්ථාවක් සම්පාදනය කිසියම් දේශපාලනඥයකු විසින් තනිව කළ යුත්තක් නොවේ. ඒ සඳහා පුළුල් සංවාදායක් හා ජනමත විමසුමක් අවශ්‍යය. එසේ නොවුණහොත් ව්‍යවස්ථා සංශෝධනය ඊළඟ ආණ්ඩුවක දී නැවතත් සංශෝධනය වන බව පසුගිය වසර කිහිපය තිස්සේ සිදුවූ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අධ්‍යයනය කරන විට පැහැදිලි වෙයි. මෙවර ඉදිරිපත් කර තිබෙන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මැතිසබා බලතල පුළුල් කෙරෙන යෝජනා ඇතුළත් බව ප්‍රකාශ වී ඇත. ඒ ගැන සුබපතන අතරම ව්‍යවස්ථා සංශෝධනය පුළුල් සමාජ පිළිගැනීමකට ලක්වන ලෙස ක්‍රියාත්මක කිරීම එහි මතු පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව සඳහන් කළ යුතුය.

(***)



අදහස් (0)

22 වැනි සංශෝධනයට සියලු පක්ෂවල අනුමැතිය ගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 501 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 388 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 302 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1444 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 78 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 678 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 593 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1179 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site