IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


ඩෙංගු මාරයාත් ඇවිත් පරෙස්සමින් සිටිමු

ජීවත්වීමට මගක් නැතැයි කියා දරුවා කැලණි ගඟට විසිකර දිවි නසා ගැනීමට තැත් කළ අම්මා කෙනකු සම්බන්ධයෙන් පසුගිය දිනක පළවූ පුවත මෙන්ම සැමියා රැකියාවක් සොයා  නිවෙසින් පිටව ගිය පසු දරුවාට විෂ ද්‍රව්‍යයක් පොවා නිවෙසින් පලාගිය අම්මාට අදාළ පුවත ද රටේ ඇත්ත ඇතුළාන්තය මනාව නිරූපනය කරයි. දින දෙකක් තුළ ඉන්ධන පෝලිම්වල දී රටේ පුරවැසියන් තිදෙනකුට දිවි අහිමි විය. මේ කුමන ශාපයක්ද? පාපයක්ද? යන්න සිතාගත නොහැකි තරම්ය.

මොහොතින් මොහොත කැළැඹෙන ගැඹුරුවෙන අර්බුද වගුරට තවත් මාරාන්තික බලපෑමක් එල්ල වී තිබේ. ඒ ඩෙංගු මාරයා යළිත් හිස එසවීමෙනි. රට තුළ ඇති මානව ආපදාව තවත් ඉතා භයංකර ඉසව්වකට රැගෙන යාමට ඩෙංගු මාරයා සමත් වී සිටී.

ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා නොබෝදා ප්‍රකාශ කර තිබුණේ ඉකුත් මැයි මාසයේ දී පමණක් ඩෙංගු රෝගීන් හය දහස් හාරසිය අසුතුන් දෙනකු හමුවී ඇති බවය. එමෙන්ම ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා හමුවී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව විසි හතර දහස් පන්සිය විසි තුන් දෙනකු බව ද විශේෂඥ වෛද්‍යවරයා අනාවරණය කර තිබිණි.

රටේ අවධානය ඉන්ධන හිඟය ගැනය. ගෑස් හා භූමිතෙල් හිඟය ගැනය. විදුලිය කැපිල්ල දෙසය. ගුවන් ගත  බඩු මිල දෙසය. ඒ අතරවාරයේ නිරිත දිග මෝසම් වැසි ඇද හැලෙමින් තිබේ. ඩෙංගු මාරයා තම තවාන් තර කර ගනිමින් සිටී. බස්නාහිර පළාත ගල ග්‍රහණයෙන් ගැනීමට ඩෙංගු මාරයාට මේ වනවිටත් හැකිවී තිබේ. ගාල්ල, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්ක ද ඩෙංගු මාරයාට නතු වෙමින් තිබේ. රට තුළ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනතිස්ස මහතා ප්‍රකාශ කර තිබුණේ වසර 10කට පසු බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 50කින්  ඉහළ ගොස් ඇති බවය. දිවයින පුරා මදුරුවන් බෝවීමේ බ්‍රිටෝ ඉන්ඩෙක්ස් දර්ශකය 20 ඉක්මවන බවත් මෙය ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා අනතුරු අඟවා තිබිණි.

ඉතා පැහැදිලිව අවධාරණය කළ යුතු කරුණක් තිබේ. එනම් පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම බාර ගැනීමට අයකු නැති බවය. බලධාරීන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙන් අනාවැකි පළ කරමින් සිටිනවා හැර වගකීම අතට ගෙන දැවෙන ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් සපයන බවක් නොපෙනේ. එහෙයින් තමන්ගේ ජීවිත ආරක්ෂාව පුරවැසියා විසින්ම බාරගත යුතුය. වෙනත් විකල්පයක් නැත.

ඩෙංගු මාරයාට අපගේ  ජීවිත පැහැර ගැනීමට හැකි වන්නේ  අපගේම නොසැලකිලිමත්කම නිසා මිසක් වෙනත් හේතුවක් නැත. කොවිඩ් වසංගතය රට ආක්‍රමණය කිරීමට පෙර යුගයේ දී ඩෙංගු මාරයාට මුහුණදීමේ සවිමත් සුදානමක් ජනයා සතුව පැවතිණි. එහෙයින් ඩෙංගු මාරයාට රිසිසේ තම අණසක පතුරුවා හැරීමට නොහැකි විය. එහෙත් අවධානය වෙනතකට යොමු වී අනතුර සම්බන්ධ භීතිය තුරන්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඩෙංගු මාරයා යළිත් පැමිණ සිටී. නිරිත දිග මෝසම් වැස්ස ඩෙංගු මාරයාට පාවාඩ එළමින් සිටී.

කෝවිඩ් මාරාන්තික ව්‍යසනයේ භයානක පෙනුම තුරන් වී ගියා පමණි. එහෙත් අපට තවත් වසංගතයකට මුහුණ දීමට සිදුවී තිබේ. ජීවත්වීම අමිහිරි මෙන්ම කඨෝර අත්දැකීමක් බවට පත්ව ඇති මෙම ශාපලත් පරිසරය තුළ වුව ද අපට ජීවිතය  අත් හැරිය නොහැකිය.  අපට ජීවිතයෙන් පලායා නොහැකිය. අපගේ දූ දරුවන් කෙසෙල් කඳන් මෙන් මළ කඳන් වනවා බලාගෙන සිටිය නොහැකිය. අපි අපගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු දෑ නොපමාව කළ යුතු වෙමු.

පරිසරයට එදිරිව ගිය ගමනේ ප්‍රතිඵලයක් ලෙස කොරෝනා වැනි මාරක වසංගත ආවේය. අපට තවමත් මුඛ ආවරණ පැළඳ සිටීමට සිදුව තිබේ. මුළු රටම සිපිරි ගෙයක් බවට පත්ව එහි සිරගතවීමට අපට සිදුවිය. දැන් එළැඹ ඇත්තේ අප එදිරිව ගිය පරිසරය සමග යළිත් සහජීවනයට යාමය.

දැන් අපට නැවතත් වත්ත පිටිය ශුද්ධ පවිත්‍ර කිරීමට සිදුවී තිබේ. නිවෙස සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීමට සිදුව තිබේ. කාණු පද්ධති පිරිසුදු කිරීමට සිදුව තිබේ. ඒ කළමනා කටයුතු නොපිරිහෙලා සහ නොපමාව කරන්නේ නම් ඩෙංගු මාරයා පසු බැස්සවිය හැකිය. නොඑසේනම් මාරයා සමග සහජීවනයට හිත හදාගත යුතුය.

(***)



අදහස් (0)

ඩෙංගු මාරයාත් ඇවිත් පරෙස්සමින් සිටිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 502 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 389 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 302 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1445 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 78 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 678 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 593 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1179 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site