අද (20) ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයට සුවිශේෂ දිනයකි. අකාලයේ පුරප්පාඩු වූ ජනාධිපති ධුරය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නව අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සිදුවන්නේ අද පෙරවරුවේය. රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක තිදෙනාගෙන් එක් අයෙක් ඒ අනුව අද සිට ඉදිරි දෙවසරකට වැඩි කාලයක් සඳහා ජනාධිපති ධුරයට පත්වෙයි. එතැන් පටන් ඔහු ශ්‍රී ලංකාවේ සියලු ජනතාවගේ නායකයා වශයෙන් කටයුතු කළ යුතුය.
ජනාධිපති ධුරය මෙවර පුරප්පාඩු වූයේ අසාමාන්‍ය තත්ත්වයක් යටතේ බව මුලින්ම පෙන්වාදීම අවශ්‍යය. 2019 ඔක්තෝබර් මාසයේදී ඡන්ද 69 ලක්ෂයක ජන රැල්ලක් මතින් ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කරනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවීමෙන් ධුරය පුරප්පාඩු විය. ඔහුට ඉල්ලා අස්වීමට සිදුවූයේ ඒ හා සමානව ජනරැල්ලක් හරහා ධුරයෙන් ඉල්ලා අස්වීමට බල කෙරුණු බැවිනි. අලුතෙන් පත්කර ගනු ලබන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මුලින්ම සිහියේ තබා ගත යුත්තේ එම පසුබිමය.
ඒ අනුව නව ජනාධිපතිවරයාට පැවරෙන වගකීම් සම්භාරය වෙනස්ම මගක් ගනී. සාමාන්‍යයෙන් පැවැත්වෙන ජනාධිපතිවරණයකදී මහජන ඡන්දයෙන් බලයට පත්වන ජනාධිපතිවරයකු ඉදිරි පාලන කාලය සකස් කරගත යුතු වන්නේ මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු මත පදනම් වන ප්‍රතිපත්ති ප්‍රකාශය මූලික කරගනිමිනි. එහෙත් අද දිනයේ ධුරයට පත් වන ජනාධිපතිවරයා ප්‍රමුඛත්වය ලබාදිය යුතු වන්නේ හිටපු ජනාධිපතිවරයාට ධුරය අතහැර රටින් පිටව යාමට සිදුවූ හේතුවලට හැකි පමණින් පිළියම් යෙදීමටය. එය තනිවම කළ හැකි රාජකාරියක් නොවේ. විධායක ජනාධිපති ධුරය නම් රැස්වළල්ල තුළ අසීමිත බලයක් ආරෝපණය වී තිබුණ ද රටේ අර්බුද විසඳාගැනීමට නොහැකි වුවහොත් එම බලය රජ මැදුරට සීමාවී රටම යළිත් ගිනිගොඩකට තල්ලු වීම වැළැක්විය නොහැකි වනු ඇත. එවැනි තත්ත්වයක් මේ රටේ කිසිවකුත් අපේක්ෂා කරන්නේ නැත.
නව ජනාධිපතිවරයා පත් වීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයකු නම් කරගෙන රටේ බලාපොරොත්තුව වන සර්වපාක්ෂික රජයක් හෝ අන්තර්වාර පාලනයක් හෝ පිහිටුවාගෙන අප්‍රමාදීව රාජකාරි ආරම්භ කිරීමට ප්‍රමුඛත්වය ලැබිය යුතුය. මුළු රටම පසුගිය මාස කිහිපය තුළ ජන අරගල කරා මෙහෙය වූ උගත් බුද්ධිමත් තරුණ පිරිසගේ නියෝජනයක්ද සර්වපාක්ෂික, ආණ්ඩුව සමග ඒකාබද්ධ වන්නේ නම් එය වඩාත් සුදුසුය. දෙපිරිස සතුව ඇති රට දවන, පීඩනයට පත්කරන අර්බුද විසඳීම සඳහා වන යෝජනා එක්ව සලකා බලා වඩාත් ප්‍රායෝගික තීන්දු ගැනීමට මේ හෝරාවේ ඉහළම ප්‍රමුඛත්වය ලැබිය යුතුය. ඒ සඳහා රටේ සිටින බුද්ධිමතුන් සහ ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂඥයන් සහාය ලබාගැනීමේ ක්‍රමවේදයක් ද සකස් කිරීම අවශ්‍යය.
අපේ රට ලොවේ ඉහළම අධිඋද්ධමන අනුපාතයක් සහිත රටවල් 10 අතරේ සිටින බවද ප්‍රකාශිතය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනතාවගේ ජීවන බර දෙගුණයකටත් වඩා වැඩිවී තිබේ. ඒ සමග රටපුරා ඉන්ධන හල් අවට එකම යුද්ධයකි. රටේ ජනතාව දින ගණන් තෙල් පෝලිම්වල රැඳී සිටීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වී තිබේ. මේ හේතුවෙන් අතිවිශාල පිරිසක් ආදායම් අහිමිවීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටිති. මේ ගැටලුවලට එකවර විසඳුම් සෙවීම පහසු නැත. එහෙත් ජනතාව මහත් බලාපොරොත්තු තබාගෙන සිටින්නේ එම ගැටලු විසඳීම සඳහා සාධනීය පියවර ගැනීමට අලුත් ආණ්ඩුව කටයුතු කරනු ඇති බවය.
ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගැනීමකින් තොරව ආර්ථික අර්බුදය විසඳාගැනීමට හැකියාවක් නැත. කොතරම් උත්සාහ දැරුවත් රටේ දේශපාලන ස්ථාවරභාවය ස්ථාපිත කිරීමට නව ජනාධිපතිවරයා අපොහොසත් වන්නේ නම් විදෙස් ආධාර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි රටට ඩොලර් ලබා ගැනීමට තිබෙන මාර්ග දිගටම වැසී තිබෙනු ඇත. මහ බැංකු අධිපතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ හැකි තරම් ඉක්මනින් රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කළ යුතු බවය. අපේ අසල්වැසි බලවතා වන ඉන්දියාවද ලංකාවේ ජනතාවගේ අභිලාෂවලට පිටුපා කටයුතු නොකරන බව ප්‍රකාශ කර තිබේ. එසේම දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවකු වූ ජපානය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ පාලන කාලය තුළදී අමනාප කර ගැනීම මහත් අවාසියක් විය. එය වහාම ඉවත් කර ගැනීම ද නව ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ වගකීමකි. සියලු මිත්‍ර රටවල් සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි දුරදක්නා විදේශ ප්‍රතිපත්තියකට මේ අවස්ථාවේදී මූලිකත්වය ලැබිය යුතුය.
රටට ඩොලර් ගලාඒමට මාර්ගය සදා ගැනීමකින් තොරව අපේ රටට ඉදිරි ගමනක් නැත. ඒ සඳහා ජාත්‍යන්තරයේ සහයෝගය දිනාගත හැකි ඔවුන් සමග රටට වාසිදායක සබඳතා ගොඩනගා ගත හැකි තත්ත්වයකට රට ඔසවා තැබීම අවශ්‍යය. ලෝකයේ හුදෙකලා වූ රටකට ලබාගත හැකි දියුණුවක් නැත. එවැනි රටකට ආයෝජන ලැබෙන්නේද නැත.
අභිනව ජනාධිපතිවරයාට සුබපතමින් ඔහුට සියලු වගකීම් ඉටුකිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනය කරමු. ජයෙන් උදම්වීමට කාලයක් නැති බවත් ජනතාවගේ බලාපොරොත්තු රැලි ගසමින් පවතින බව සිහියේ තබාගත යුතු බවත් ඒ සමග සිහිපත් කරමු.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නව ජනපතිට වගකීම් සම්භාරයක්
Gamunu Wednesday, 20 July 2022 05:34 PM
නව ජනපතිට පැවැරී තිබෙන්නා වූ වගකීම් සම්භාරය කරගෙන යාමට අවංක, බුද්ධිමත්, විනිවිද භාවයෙන් කැපවී කටයුතු කළහැකි පිරිසක් ඔහු සමග එක්විය/ එක්කර ගත යුතුම වේ...