(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීතිවිරෝධීව අලෙවි කළ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුක් විදෙස් රටක නිෂ්පාදිත මත්පැන්, දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික කාන්තාවක් සහ පුද්ගලයකු කොල්ලුපිටියේ චීන අවන්හලකදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
අවන්හලේ විකිණීමට තබා තිබූ මත්පැන් බෝතල් 385ක්, දුම්වැටි පැකට් 6200ක්, චීනයේ නිෂ්පාදිත නීතිවීරෝධී මත්පැන්, මුහුදු කූඩැල්ලන් හයදෙනෙකු හා වියළන ලද මුහුදු අශ්වයන් ද පොලිසිය භාරයට ගෙන ඇත.
චීන අවන්හලේ නීතිවිරෝධී ආකාරයේ විදේශයේ නිෂ්පාදිත මත්පැන් හා දුම්වැටි අලෙවිකරන බවට ලද තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් චීන කාන්තාව 30 හැවිරිදි වියේ පසුවන්නියක වන අතර 28 හැවිරිදි අනෙක් පුද්ගලයා ඇගේ බාල සොහොයුරකු බවත්, සැකකාරියට මෙරට වෙළඳාම් කිරීම සඳහා බලපත්‍රයක් තිබුණද සොහොයුරාට එවැන්නක් නොතිබූ බවත් පොලිසිය කියයි.
අත්අංඩගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.