විශ‍්‍රාමික ගුරු යුවළකි. සිරිත් පරිදි විශ‍්‍රාම වැටුප් ගැනීමට දෙදෙනාම නගරයේ බැංකුව වෙත ගියහ. ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප සැලකිය යුතු ප‍්‍රමාණයකින් වැඩිවී තිබිණ. දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද අරගලයේ ප‍්‍රතිඵල ලැබී තිබීම ගැන ඔවුහු සතුටට පත්වූහ. ගුරු මාතාව දීර්ඝ කාලීනව බෙහෙත් පාවිච්චි කරන නිසා සෑම මසකට වරක්ම විශ‍්‍රාම වැටුප් ගැනීමට පැමිණිවිට එම බෙහෙත් රැුගෙන යාම ද සිරිතකි. මෙදින ද එසේ බෙහෙත් ටික ගැනීමට දෙදෙනාම ෆාමසියකට ගියහ.
එම බෙහෙත් ගැනීමට වට්ටෝරුවක් අවශ්‍ය නොවූයේ ඒවා කිසියම් රෝගයක් සඳහා දීර්ඝ කාලීනව පාවිච්චි කරන ඖෂධයක් බව ඖෂධශාලා හිමියා දන්නා නිසාය. බෙහෙත්වල මිල රුපියල් දෙසීයකට අඩු මුදලකි. ඇය බෙහෙත් ටික අතට ගෙන රුපියල් පන් දහසේ කොළයක් දුන්නාය. එහෙත් ඖෂධශාලා හිමියා කීවේ එය මාරු කිරීමට නොමැති බවය.
ඒ සමගම එතැනට පැමිණි පුද්ගලයකු දෙන්න නෝනා අල්ලපු කඩෙන් මාරු කරල ගෙනැත් දෙන්නම් කියා ඉල්ලූවේය.
කිසිම සැකයක් නොසිතූ ඇය රුපියල් පන්දහස ඔහුට දුන්නාය. ඔහු එනතුරු දෙදෙනා බොහෝ වේලාවක් බලා සිටියත් ඔහු ආවේ නැත. ඔවුනට කිසියම් සැකයක් ඇති විය. ඖෂධශාලා හිමියාට ද කර කියා ගැනීමට දෙයක් නැත. මේ අතර එතැනට පැමිණි පුද්ගලයකු එම පුද්ගලයාගේ හැඩ හුරුකම් අසා පැවසුවේ ඔහු කුඩුකාරයකු වන අතර මුදල් ගැන ආසාව අත්හරින ලෙසය. කිසිවක් කර කියා ගත නොහැකි වූ ගුරු මාතාව සැමියාගේ මුහුණ බැලූවාය.
ඔහු තමාගේ සාක්කුවේ තිබූ මාරු සල්ලි එකතු කරන්නට විය. අවසානයේ දෙදෙනා ඖෂධශාලාවෙන් පිටවූයේ දීර්ඝ කාලයක් තිස්සේ විශ‍්‍රාම වැටුප් විෂමතාව ඉවත්කරන ලෙස ඉල්ලා සටන් කොට ගත් වැටුපෙන් ලොකු කොටසක් කුඞ්ඩෙකුට පූජා කිරීමෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆාමසියට සීසීටීවී කැමරා සවිකරන්න (නි)
අපේ සමාජය මේ තරම් පහලට වැටිලද අප්පා ? (බ)
ගුරු මාතාවගේ සැමියා,මුලින්ම සාක්කුවේ තිබුන මාරු සල්ලි ටික එකතු කරලා දුන්න නම් ඔය පාඩුව වෙන්නේ නැහැනේ.හිටපු ගමන් පාත් වෙච්ච මිනිහෙකුට රුපියල් පන්දාහේ කොළයක් දුන්නේ කොහොමද?උගත් ගුරු යුවලක්ටත් අකුරු වැරදුනානම් අනෙකුත් මිනිසුන් ගැන කවර කතාද.....? (බ)
පව් වැඩේ! (නි)
කොහොම හරි පෙන්ෂන් එක වැඩි වෙලා. අවුරුදු ගානකට පස්සේ (ම)
ඇයි මේ ? (නදී)
දැක්කා නේද.....?මහා පරිමාන කුඩු බිස්නස් කාරයෝ,එතනෝල් කාරයෝ අපේ පුංචි රටට කරලා තියෙන විනාශය.....? (බ)
ඒ වෙලාවෙම පොලිසියට නොගියේ ඇයි? ගොස් එම පුද්ගලයාගේ හැඩහුරුකම් කියා පැමිණිල්ලක් දා තිබුණා නම් පහසුවෙන් කුඩුකාරයව අල්ලන්න තිබුනා. මොකද හැම කුඩුකාරයන්ගේම වාර්තා පොලිස් පොතේ තිබෙනවා... (නි)
ඕකනේ කීවේ ගුරුන්ටත් අකුරු වැරදෙයි කියලා. (අ)
අපේ රටේ හැමතැනම බොරුව, වංචාව,රැවටීම තමයි තිබෙන්නේ (නි)
ඡන්ද දායකයින්ටත් ඔය ටිකමනේ වෙන්නේ. (අ)
ඔය 5000 න් කොටසක් යන්නේ එක්කෝ වෙලේ සුදාට නැත්නම් නැත්නම් වෙන එකෙක්ට (නදී)