IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ෆාමසියේදී පන්දාහේ කොළය මාරු කරන්න කුඞ්ඩෙකුට දීලා

විශ‍්‍රාමික ගුරු යුවළකි. සිරිත් පරිදි විශ‍්‍රාම වැටුප් ගැනීමට දෙදෙනාම නගරයේ බැංකුව වෙත ගියහ. ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප සැලකිය යුතු ප‍්‍රමාණයකින් වැඩිවී තිබිණ. දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද අරගලයේ ප‍්‍රතිඵල ලැබී තිබීම ගැන ඔවුහු සතුටට පත්වූහ. ගුරු මාතාව දීර්ඝ කාලීනව බෙහෙත් පාවිච්චි කරන නිසා සෑම මසකට වරක්ම විශ‍්‍රාම වැටුප් ගැනීමට පැමිණිවිට එම බෙහෙත් රැුගෙන යාම ද සිරිතකි. මෙදින ද එසේ බෙහෙත් ටික ගැනීමට දෙදෙනාම ෆාමසියකට ගියහ. 

එම බෙහෙත් ගැනීමට වට්ටෝරුවක් අවශ්‍ය නොවූයේ ඒවා කිසියම් රෝගයක් සඳහා දීර්ඝ කාලීනව පාවිච්චි කරන ඖෂධයක් බව ඖෂධශාලා හිමියා දන්නා නිසාය. බෙහෙත්වල මිල රුපියල් දෙසීයකට අඩු මුදලකි. ඇය බෙහෙත් ටික අතට ගෙන රුපියල් පන් දහසේ කොළයක් දුන්නාය. එහෙත් ඖෂධශාලා හිමියා කීවේ එය මාරු කිරීමට නොමැති බවය.

ඒ සමගම එතැනට පැමිණි පුද්ගලයකු දෙන්න නෝනා අල්ලපු කඩෙන් මාරු කරල ගෙනැත් දෙන්නම් කියා ඉල්ලූවේය.

කිසිම සැකයක් නොසිතූ ඇය රුපියල් පන්දහස ඔහුට දුන්නාය. ඔහු එනතුරු දෙදෙනා බොහෝ වේලාවක් බලා සිටියත් ඔහු ආවේ නැත. ඔවුනට කිසියම් සැකයක් ඇති විය. ඖෂධශාලා හිමියාට ද කර කියා ගැනීමට දෙයක් නැත. මේ අතර එතැනට පැමිණි පුද්ගලයකු එම පුද්ගලයාගේ හැඩ හුරුකම් අසා පැවසුවේ ඔහු කුඩුකාරයකු වන අතර මුදල් ගැන ආසාව අත්හරින ලෙසය. කිසිවක් කර කියා ගත නොහැකි වූ ගුරු මාතාව සැමියාගේ මුහුණ බැලූවාය.

ඔහු තමාගේ සාක්කුවේ තිබූ මාරු සල්ලි එකතු කරන්නට විය. අවසානයේ දෙදෙනා ඖෂධශාලාවෙන් පිටවූයේ දීර්ඝ කාලයක් තිස්සේ විශ‍්‍රාම වැටුප් විෂමතාව ඉවත්කරන ලෙස ඉල්ලා සටන් කොට ගත් වැටුපෙන් ලොකු කොටසක් කුඞ්ඩෙකුට පූජා කිරීමෙනි.



අදහස් (0)

ෆාමසියේදී පන්දාහේ කොළය මාරු කරන්න කුඞ්ඩෙකුට දීලා

දයාරත්න Monday, 17 August 2015 01:22 AM

ෆාමසියට සීසීටීවී කැමරා සවිකරන්න (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 14 August 2015 08:29 AM

අපේ සමාජය මේ තරම් පහලට වැටිලද අප්පා ? (බ)

:       0       0

තුෂාරී Friday, 14 August 2015 08:37 AM

ගුරු මාතාවගේ සැමියා,මුලින්ම සාක්කුවේ තිබුන මාරු සල්ලි ටික එකතු කරලා දුන්න නම් ඔය පාඩුව වෙන්නේ නැහැනේ.හිටපු ගමන් පාත් වෙච්ච මිනිහෙකුට රුපියල් පන්දාහේ කොළයක් දුන්නේ කොහොමද?උගත් ගුරු යුවලක්ටත් අකුරු වැරදුනානම් අනෙකුත් මිනිසුන් ගැන කවර කතාද.....? (බ)

:       0       0

මාලිික Thursday, 20 August 2015 06:18 PM

පව් වැඩේ! (නි)

:       0       0

ලහිරු ජයකොඩි Friday, 14 August 2015 10:11 AM

කොහොම හරි පෙන්ෂන් එක වැඩි වෙලා. අවුරුදු ගානකට පස්සේ (ම)

:       0       0

දුමින්ද Friday, 14 August 2015 06:32 AM

ඇයි මේ ? (නදී)

:       0       0

සුබෝදිනී Friday, 14 August 2015 10:41 AM

දැක්කා නේද.....?මහා පරිමාන කුඩු බිස්නස් කාරයෝ,එතනෝල් කාරයෝ අපේ පුංචි රටට කරලා තියෙන විනාශය.....? (බ)

:       0       0

මොහොමඩ් Saturday, 15 August 2015 06:32 AM

ඒ වෙලාවෙම පොලිසියට නොගියේ ඇයි? ගොස් එම පුද්ගලයාගේ හැඩහුරුකම් කියා පැමිණිල්ලක් දා තිබුණා නම් පහසුවෙන් කුඩුකාරයව අල්ලන්න තිබුනා. මොකද හැම කුඩුකාරයන්ගේම වාර්තා පොලිස් පොතේ තිබෙනවා... (නි)

:       0       0

ඉනෝකා Friday, 14 August 2015 06:52 AM

ඕකනේ කීවේ ගුරුන්ටත් අකුරු වැරදෙයි කියලා. (අ)

:       0       0

ගෞරියෙල් Saturday, 15 August 2015 07:52 AM

අපේ රටේ හැමතැනම බොරුව, වංචාව,රැවටීම තමයි තිබෙන්නේ (නි)

:       0       0

පෙරේරා Friday, 14 August 2015 07:13 AM

ඡන්ද දායකයින්ටත් ඔය ටිකමනේ වෙන්නේ. (අ)

:       0       0

අසංක Monday, 17 August 2015 09:31 AM

ඔය 5000 න් කොටසක් යන්නේ එක්කෝ වෙලේ සුදාට නැත්නම් නැත්නම් වෙන එකෙක්ට (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 591 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 503 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site