(ගලිගමුව විශේෂ - රොහාන් කුමාර දිසානායක)
බීමත් නයි නටවන්නකු වෙරිමතින් හීලෑ නයා යැයි සිතා අලුතින් අල්ලා ගත් නාගයකු නැටවීමට යාමේදී දෂ්ට කිරීම හේතුවෙන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් නිලධාරීහු කියති.
මේ ලෙස තුවාල ලබා ඇත්තේ සත්දින වාසි 47 හැවිරිදි තෙලිඟු ජාතිකයෙකි.
මේ වෙන විට ඔහු කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද, ඔහුගේ වම් අතෙහි කීප පොලකට නාගයා දෂ්ට කර ඇති බවද රෝහල් පොලිසිය පැවසීය.
කැලයකින් අල්ලාගෙන රිළවෙකු හා නාගයකු පුහුණු කර නාගයාගේ විෂ දල ගලවා පෙට්ටියක දමාගෙන දිවයිනේ තැනින් තැන ගොස් මුදල් උපයා ජීවත් වෙන මොහු හා රැහේ පිරිස මේ දිනවල රඹුක්කන ප්‍රදේශයේ පොල්වත්තක තාවකාලිකව නවාතැන් ගෙන සිටී.
ඒ යන අතරතුරදී හමු වූ කැලෑ නාගයකු අල්ලා තම මල්ලේ දමාගෙන ඇත්තේ පසුව විෂ දල ගලවා පුහුණු කර ගැනීමටයි.
සවස තැබෑරුමකට ගොස් නවාතැනට යන අතරතුරදී හමු වූ පිරිසක් නයා නටවන ලෙස ඉල්ලා ඇති අතර, මුදලක් ලැබෙන බැවින් නයා නැටවීමට මල්ලට අතදමා රැගෙන ඇත්තේ පැය කීපයකට පෙර අල්ලා ගත් නාගයා බව නොදැන නැටවීමට යාමේදී කිහිපවිටක් දෂ්ට කර ඇත.
තුවාල ලැබූ නයිනටවන්නාව එහි සිටි පිරිස රඹුක්කන රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා කෑගල්ල මහ රෝහලට මාරුකර එවා ඇති බව ද පොලිසිය කියයි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
හීලෑ නයා සිටියදී කැලෑ නයා නටවා ජංජාලයක්