IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


හොරෙන් තෙල් ගැසූ රියැදුරා පොම්පකරු ආයෙත් අන්දලා

මුරකරු සහ පොම්ප ක‍්‍රියාකරු නින්දේ පසුවෙද්දී ඊයේ (08) අලූයම ඉන්ධන පිරවුම්හලකට පැමිණි ත‍්‍රීරෝද රථයක රියැදුරා ඉන්ධන පොම්පය රැගෙන තමන්ට අවශ්‍ය ඉන්ධන ලබාගෙන පොම්පකරු අවදි වූ පසුවද රුපියල් 100ක් දී අත්මුදලට ඉන්ධන ලබාගෙන ගිය සිද්ධියක් හිඟුරාන නගරයෙන් වාර්තා වේ.

ඉන්ධන පිරවුම්හලේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරාවේ සටහන් වී ඇති තොරතුරුවලට අනුව එම සිද්ධිය මෙසේය.

ඉදිරිපස පාඨයක් සඳහන්ව ඇති  ත‍්‍රීරෝද රථයක් ඉන්ධන පොම්පය අසල නතර කරයි. වේලාව අලූයම 2.00යි. ඉන් බැසගත් තරුණයෙක් වටපිට බලා ඉන්ධන පොම්පය ක‍්‍රියාත්මක කර තම රථයට ඉන්ධන ලබා ගැනීමෙන් පසුව නැවත පොම්පය පසෙකින් තබයි.
මේ අතර නින්දෙන් අවදිවන පොම්පකරු එතනට පැමිණ ඔහුට අවශ්‍ය ඉන්ධන නිකුත්කරයි. ඒ සඳහා මුදලක්ද දී ඔහු ත‍්‍රීවීලරයේ විදුලි පහන් දල්වාගෙන පිටවී යයි.

වේලාව අලූයම 2.5යි.

ඉන්ධනහල් හිමිකරු සඳහන් කළේ මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන බවය.
 



අදහස් (0)

හොරෙන් තෙල් ගැසූ රියැදුරා පොම්පකරු ආයෙත් අන්දලා

සෑම් Tuesday, 10 June 2014 12:47 PM

ඉස්සර නම් රාත්‍රියට පොම්ප වලට ඉබ්බෙක් දාලා ලොක් කරනවා. ඇයි දැන් එහෙම කරන්න බැරිද?? (දී)

:       0       0

අජිත් Wednesday, 11 June 2014 07:05 PM

සෑම් මහත්තයා මොකටද එන්න හදන්නේ? (නි)

:       0       0

ගාමින්ද Tuesday, 10 June 2014 01:38 PM

අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි ලු (දී)

:       0       0

ශාන සෞදි Monday, 09 June 2014 10:05 PM

රාත්‍රී මුර සේවය හරියාකාරව නොකෙරීම වරදට තමයි මේ දඩුවම ලබා දී ඇත්තේ මොකද මුරකරු හා පොම්ප කරු දෙදෙනාම නිදිනම් පිරුම්හල අයිති කරු මොකටද පඩි ගෙවන්නේ රාත්‍රී මුර සේවය කරන අය‍ට දිවා කාලය නිදාගන්න පුළුවන් දිවාකාලය ඔහේ ගෙවා ඇවිත් රාජකාරිය කරන වෙලාවේ නිදා ගන්න අය‍ට හොදම දඩුවමක් අප කණගාටු විය යුතු නැ . අපි පවු අහිංසක සේවකයා කීවහම ඔවුන් දිගටම මෙය කරනවා (දී)

:       0       0

ගාමින්ද Monday, 09 June 2014 10:06 PM

රටක් දියුණු කරන්න බැරි ඔන්න ඔයවගේ වැඩ නිසා තමයි (දී)

:       0       0

ලක්ෂපාන Monday, 09 June 2014 10:21 PM

ඔය ත්‍රීවීල් එකේ හාදය ටැංකිය ෆුල් ටෑන්ක් නොකර සීයකට විතර තෙල් ගහන්න ඉතිරි කරගත්ත එක නම් මාරම මාරයි. (ස)

:       0       0

පිටිගල Monday, 09 June 2014 11:18 PM

ලංකාවේ තෙල් වල වටිනාකම ඉහළ අගයක පවතින බැවින් සොරකමක් වේ යැයි විමසිල්ලෙන් සිටිය යුතු තැන මේ දෙදෙනාම එකවර නිදාගෙන. එනිසා පාඩමක් වශයෙන් අලාභයත් අය කරගෙන දෙදෙනාම සේවයෙන් පහ කළ යුතුයි.ත්‍රීරෝද හිමියා ගැන අමුතුවෙන් යමක් කිවයුතු නැත. (නි)

:       0       0

ශාන්ති Tuesday, 10 June 2014 02:06 AM

ඒ වගේ කපටි වැඩ කරලා ඔහුට හොඳ පළපුරුද්දක් ඇති. ඒකනේ සීයක තෙල් ගහන්න ඉඩ තියාගත්තේ (නි)

:       0       0

මාලක Monday, 09 June 2014 10:25 AM

මොනවා කළත්, මිනිසුන්ගේ හොර හිත නැතිකරන්න බැහැ (නි)

:       0       0

කුමුදිනි වත්සලා Monday, 09 June 2014 05:30 PM

අනේ පවු අහිංසක සේවකයාගේ රැකියාව (නි)

:       0       0

රූපවතී Tuesday, 10 June 2014 09:00 AM

පහන්දී නංගි, ආදරණිය සමදරා අක්කා කොහෙද දන්නේ නැනේ? පවු (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 10 June 2014 09:33 AM

අපේ රට ධර්මද්විපයක්නේ. එකනේ මෙච්චර යහපත් වැඩකටයුතු සිදුවෙන්නේ. (දී)

:       0       0

සරත් Tuesday, 10 June 2014 04:52 PM

දැන් නම් ඉන්නේ බොහොමයක් බල්ලෝ මරලා හරි හම්බ කරන අය.ලොකු කුඩා බේදයක් නැහැ, බොහොම දෙනෙක් එහෙමයි. ඉස්සර නම් මෙහෙම නැහැ.තවත් කෙනෙකුට විනකරලා ,කොහොම කාලා බීලා ඉන්නවද මන්දා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 538 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 578 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 660 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 900 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 503 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 872 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 311 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1333 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 342 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site