පසුගියදා ඉංගිරිය පොලිසියේ සුළු පැමිණිලි අංශය හමුවේ දිග හැරුණේ අපූරු පැමිණිල්ලකි. පැමිණිලිකරු අවුරුදු 24 ක අවිවාහක තරුණයෙකි. ඔහුගේ පැමිණිල්ලට අනුව කියවුණේ ඉංගිරිය නාච්චිමලේ දිය ඇල්ලේ නෑමට ගොස් සිටියදී ඔහුගේ යතුරුපැදියේ ඉදිරිපස රෝදය අතුරුදන් වූ බවයි. ‘‘තනියෙන්ද නාන්න ගියේ’’ පැමිණිලි අංශයේ නිලධාරියාගේ පැනයට පිළිතුරු දෙනු වෙනුවට තරුණයා කළේ දෙපසට ඇඹරීමයි. ‘‘කියනවා කියනවා ඉක්මනට’’ පොලිස් නිලධාරියා සැර දැමීය. ‘‘නෑ සර්... මේ... මේ ගැහැණු ළමයකු එක්ක’’ ‘‘ඒ කියන්නේ ඔහේගේ ගැහැණු ළමයා...’’ ‘‘නෑ සර් මගේ ගැහැණු ළමයා නෙවෙයි. දන්නෙ නැද්ද ඉතිං’’ තරුණයා අදි මදි කරමින් පවසද්දී සියල්ලන්ටම කාරණය වැටහුණි. ඒ අනුව මෙම යූවළ සැමට හොරා නාච්චිමලේ ඇල්ල වෙත දිය නෑමට ගියේ මදක් විනෝද වී පේ‍්‍රමයේ රස පහස විඳ ගැනීමටය. මගදී හමුවූ දෙදෙනෙකුගෙන් ඔවුන් සුදුසු තැනක් ගැන විමසුවේ ඒ පළාත ගැන එතරම් දැනුමක් නොතිබූ නිසාවෙනි. ‘‘අයියා පොඞ්ඩක් එන්ජෝයි කරන්න හොඳ තැනක් අපිට තියනවද?’’ ‘‘ආ... මල්ලි, ඔතනින් පහළට බහින්න. හොඳ ෂෝක් තැනක් තියෙයි’’ ඒ අනුව ඔවුන් කී පාර ඔස්සේ ගොස් යුවළ නැවත පැමිනෙන විට අයියලා දෙන්නා අතුරුදන්ව තිබුණේ නවතා ගිය බයිසිකලයේ ඉදිරිපස රෝදයද සමගිනි. ලැබුණු හෝඩුවාවක් ඔස්සේ සැකකරුවන් පසුපස පොලිසිය ලූහු බඳිද්දී ඔවුන් පැනගියේ ඔවුන්ගේ යතුරුපැදියද අතරමඟ දමාය. බයිසිකලයේ රෝදය ගරාජයක තිබී පසුව සොයා ගත්තේය.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හොරෙන් ‘එන්ජෝයි’ කරන්න ගිහින් යතුරුපැදියේ රෝදයක් හොරු අරන්