IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හොරා සමාව ඉල්ලා ලිපියක් ලියා හොරබඩු යළි අයිතිකරුටම එවලා

(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
රාත්‍රියේ ව්‍යාපාරික ස්ථානයක් බිඳ භාණ්ඩ සොරාගත් සොරෙකු පසුව සී.සී.ටී.වී. කැමරාවලට බියෙන් සොරාගත් එම බඩු, සමාව ගැනීමේ ලිපියක්ද සමග ව්‍යාපාරිකයාට එවීමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා නගරයකින් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


මෙම සොරා සොරකම නුහුරු අයෙකි. ඔහු නිතර ආගිය නගරයේ දුරකථන උපාංග හා සේවා ව්‍යාපාරික ස්ථානයේ ඇති දෑ සොරකම් කර තමා සතු කර ගැනීම සඳහා රාත්‍රියේ ව්‍යාපාරික ස්ථානය බිඳ තමාට අවශ්‍ය දෑ ලොකු ෂොපින් බෑග් දෙකකට පුරවාගෙන ආපසු නිවසට ගොස් ඇත.


සී.සී.ටී.වී කැමරා ගැන නොදැන සිටි සොරා පසුව මිතුරෙකුගෙන් ඒ පිළිබඳව දැනුවත් වී සොරාගන්නා ලද බඩු බෑග් දෙක සමග සිදුවූ දෙයට සමාවන ලෙසට ලිපියක් ලියා එය ද බඩු බෑග් තුළට දමා ඒවා රහසේම එම නිවස අසලින් තබා ගොස් ඇත.


මෙය ඇස ගැටුණු ව්‍යාපාරිකයා මේ සියල්ලම රැගෙන පොලිසියට ගොස් ඇත.

 



අදහස් (3)

හොරා සමාව ඉල්ලා ලිපියක් ලියා හොරබඩු යළි අයිතිකරුටම එවලා

sam Wednesday, 06 November 2019 06:13 AM

මෝඩ මුදලාලි කෙනෙක්. බඩු ටික අරන් නිකම් හිටියනම් ඉවරයි. දැන් මේ බඩු සියල්ලම නඩු භාණ්ඩ වශයෙන් පොලිසියට බාර අරගෙන, ඒවායින් වටිනා කියනා දේවල් සියල්ලම කට්ටිය බෙදා හදා ගනීවි. තව වසර කිහිපයකින් නඩුව අඬගහනකොට ඉතුරු දේවලුත් දිරාපත්වෙලා විනාශ වෙලා තියේවි. ඉන්පසුව නඩුවට පෙරකදෝරුවෙකුත් සමග ඉදිරිපත් වෙලා (නඩුව කල් යන වාරයක් වාරයක් පාසා ) ගාස්තු ගෙවමින් නඩු වාර හත අටක් උසාවියේ ගත කරන්න ලැබේවි.

:       0       220

lalithmThursday, 07 November 2019 02:53 AM

ඒක පරම සත්‍යයක්. අපි නීතියේ පිළිසරණ පැතුවත් නීතිය අපිව බංකොලොත් කරනවා.

:       0       70

sampath Wednesday, 06 November 2019 07:40 AM

මේ මුදලාලිනම් කිසිම ගුණයක් නැති මනුස්සයෙක් මේ තරම් උද්දවක් කරපු හොද මනුස්සයෙක්ට නිවැරදි වෙන්න අවස්ථාව දෙන්න ඕනේ.

:       11       111

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site