දරුවන් දෙදෙනා මව ඉල්ලා හඬා වැටෙද්දී දඹුල්ල පොලිසියේ නිලධාරීන් මවිතයට පත් කරමින් දෙදරු මවක් අනියම් සැමියා සමග අලූත් යුග දිවියකට යන්නට පිටත්විය. දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක එන්.ජේ. වීරසිංහ මහතා සහ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එස්. ලන්සක්කාර මහතා ඉදිරියේ පවුල් ආරවුලක් පිළිබඳ පැමිණිල්ලක් විභාග කැරිණි. දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචි පවුලක මෙම ආරවුල පැවතී ඇත. පැමිණිල්ලේ සඳහන් වී තිබුණේ තරුණයකුට පහරදීමක් සිදුකැර ඇති සිද්ධියකි. මෙය විභාගකිරීම සඳහා දෙපාර්ශවයම පොලිසියට කැඳවා තිබිණි. පැමිණිල්ල කර තිබූ අවිවාහක තරුණයාට පහරදුන්නේ හොර රහසේ ගෙට රිංගු නිසා බවත් තම බිරියට කරදර කරන්නට තැත් කළ බවත් විත්ති පාර්ශ්වය පොලිසියට කියා ඇත. දෙපිරිස අතර ආරවුල ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූයේ පහරදුන් බව කියන පුද්ගලයාගේ බිරිය මෙම තරුණයා සමග සබඳකමක් පවත්වන බවයි. එම දෙදෙනාම එය පිළිගෙන අවසානයේ දරුවන් දෙදෙනා සැමියාට බාරදී බිරිය නව පෙම්වතා සමග යන බව කීවාය. වයස අවුරුදු තුනක දරුවා සහ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අනෙක් දරුවා ද බලා සිටියදී මෙම ගත් තීරණය සමථයට පත් කරන්නට පොලිසිය වෙහෙසුණි. එහෙත් එය අසාර්ථක විය. සැමියා දරුවන් සමග දැඩි දුක්මුසුව පොලිසියෙන් නිවස බලා පිටව යන්නට විය. සැමියා හා දරු දෙදෙනා සමග එකට පොලිසියට පැමිණි බිරිය දැඩි සතුටින් ඇයට වඩා බාල තරුණයා සමග පොලිසියෙන් පිටව යද්දී පොලිස් නිලධාරීන්ගේ අත්ද ඉබේම තම කම්මුල ආසන්නයට පැමිණ තිබේ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටික දවසයි..!!(නු)
ඔය කොල්ලත් ලස්සන කෙල්ලෙක් එක්ක ගියදාට තේරෙයි. (නි)
නාඩන්න සුදු නංගි දැන් නෑ එන්නේ අම්මා ඉතිං සුදුපාට කොඩිවැල් යටින් අම්මා ගියා අවසන් ගමන්.... (නි)
මෙවැනි ගැහැණුන්ට අලුත්ම නීතියක් ගෙන ඒ අනුව ක්‍රියා කළ යුතුයි. (නි)
අජිත් ඔයාගේ කීම හරි.. විවාහක කාන්තාව නීතියෙන් අයිති සැමියාටයි.. පොලිසියට කම්මුලේ අත ගාසාගෙන ඉන්නෙ නැතිව මේ දෙන්නට උසාවියට ඉදිරිපත් කරන්න තිබුණා අනෙක් අයටත් ආදර්ශයක් වෙන්න..!!(නු)
දිට්ඨ ධම්ම වේදනීය කර්මයට අයත් වන පාපකර්මයක්. (නි)
අපේ රට තුන් වෙනි ලෝකයේ රටක් වුණාට මෙහේ අයගේ හැසිරීම, සදාචාරය වගේ ඒවා ඇමෙරිකාව වගේ රටවලටත් වැඩිය ඉහළින් තියෙන්නේ. ඒකයි මේකට ආශ්චර්යවත් දේශයක් කියලා කියන්නේ. (නි)
හරියනවද මෙහෙම අයට (දී)
2012දී ලෝක විනාශය වෙනවා කිවුවේ මේවට තමයි. (නි)
මනමාලකම් ඉවර වුණු දාට විදවන්න වෙයි. (නි)
පව් අහිංසක දරුවා..!!(නු)
මගේ ගෙවල් ළඟ ගෑණූ කෙනෙකුත් මෙහෙම ගියා. දැන් මේ වෙනකොට අලුත් මිනිහා ඒ ගැණිට ගහනවා. මේ ළඟදි අතපයත් කඩා දාලා තිබුණා. මම නම් කියන්නේ මෙහෙම අයට කාලය විසින් දඩුවම් දෙනවා. (නි)
දෙන්න ඕනෑ රජ කාලේ දඩුවම්(වි)
තාත්තා විශ්ෂ්ඨයි...(ස)
ආශාවන් හරස් වෙලා ජීවිත ගිනි අරන් වැඩි සැප සමිපත් හොයන්න නුඹ දීගෙක ගිහින් පැටවුන් ගැන හිතනා හිත රිදෙනා මුත් දුකින් සමාවදෙන්නට මට බෑ එන්න එපා ඉතින්.....................(නු)
කිසිම හිතක් පපුවක් නැති ගැහැණියක්. යම් දවසක ඇයට මහපාරේ හිගමන් යදින්න වේවි. (නි)
ගියා වගේම එන්නත් වෙනවා (නි)
සොබාදහමින්ම ඒ ගෑනු කෙනා දඩුවම් විදියි ලඟදිම දවසක..අද ඒ දරුවන් හෙළන සුසුම් එයාටත් දැනෙන දවසක් එනවාමයි...(ස)
මෙහෙම ගැටලු විසදන්න පොලිසියට අයිතිවාසිකමක් තියෙනවාද? උසාවිය තියෙන්නේ මොකටද? ඔවුන්ව අනිවාර්යයෙන්ම නීතිය හමුවට ඉදිරිපත් කරන්න එතකොට උසාවියෙන් තීරණය කරාවි මොකද්ද කළ යුත්තේ කියලා..!!(නු)
ආශාව තමයි හැමදේටම මුල (නි)
මේ අම්මාට නම් සමාවක් දෙන්න එපා. (නි)
මේ වගේ ගෑණු ඉන්නකොට රටක් හැදෙන්නෙ කොහොමද? ඕවට කවදහරි හොදට විදවන්න වෙනවමයි. (නි)
දරුවෝ දෙන්නෙක් හම්බෙනකම් ඒ මිනිහා හොඳයි..දැන්ද එයා හොඳ නෑ කියලා හිතෙන්නේ..(ස)
නිතර දෙවේලේ දකින කුකුළාගේ කරමලය සුදුවටයි පෙනෙන්නේ. තමන්ගේ මනුස්සයා සමග නිතරම ඉන්නකොට අඩුපාඩු දැනෙනවා. අලුත් තරුණයා ඉදල හිටලා ඇවිත් මේ ගෑනු මනුස්සයාව හම්බවෙලා යනවා ඇති. අර කතාවකුත් තියෙනවානේ හොරෙන් කනකොට රස වැඩියි කියලා. දැන් ඔය මනුස්සයා ඔය තරුණයත් එක්ක සැමදාම එකට ඉන්නකොට ඔය ආසාව නැතිව යනවා. ඒ මදිවට ගෙදර අඩුපාඞුත් එකපිට එනකොට මේ දෙන්නාගේ දීගය කම්මුතුයි . වැඩිම වුණොත් මාස තුනෙන් මේ ගෑනු මනුස්සයා පරණ සැමියා හොයාගෙන එනවාමයි . (නි)
මොනවා කියන්නද?(දී)
දැන් ලංකාවේ ඉන්න ගෑණු ගොඩක් දෙනෙකුට ඔය වගේ අනියම් සම්බන්ධතා තියෙනවා. (නි)
අනෙක් අයගේ ජීවිත දිහා බලලවත් මේ ගෑණු පාඩමක් ඉගෙන ගන්නේ නැති හැටි? (නි)
කාන්තාවන්ට එක් අයෙකුට වඩා කසාද බැදිය හැකි වන ලෙස නීති සකස් කළ යුතුයි. (නි)
මේ වගේ ගෑණුන්ට දෙන්න ඕනෑ රජ කාලේ දඩුවම්. (නි)
ගැලපෙන්නේ නැති ජෝඩු එක්වුණාම ඔහොම තමයි. වතුරයි තෙලුයි එක්වෙන්නේ නැතිව වගෙයි. (ත)
කන බොන , දකින දේවල් වල විෂ නොවැ ඔය. පැටවු දෙන්නා වාසනාවන්තයි. (නි)
මේක නීති විරෝධි වෑඩක් නේද? 1. ඔය කියන මෝඩ කොල්ලා ගිහින් තියෙන්නේ විවාහක කන්තාවක් ළගට 2. අන්සතු දේපලකට අනවසරයෙන් අතුල් වීම 3. නීත්‍යානුකූලව වෙන් නොවී අන් අයෙක් සමග යෑම 4. නීත්‍යානුකූලව විවාහ වුණ ස්වාමියා හා දරුවන් ද්වේශ සහගත ලෙස අත හැර යෑම තවත් නීති විරොධී වෑඩ ඇති , පොලිසිය මේවා නොදැනද නිදහස් කළේ? (නි)
මෙහෙම වෙච්ච එක දරුවන්ගෙත් තාත්තාගෙත් වාසනාව. නැත්නම් මේ ගෑණි ළමයින්ට වසක් විසක් වුණත් දෙන්න තිබුණා. (නි)
අලුත් පෙම්වතාටත් ඉතිං බෙදන්න තියෙන්නේ ඔය හැන්දමනේ, නේද නංගී? (නි)
දරු දෙදෙනාට ලේ කිරි කර පෙවූ අම්මාමද මේ? මාතෘත්වය අගයන මවුවරුන්ට මගේ ප්‍රණාමය! (නි)
මේවා දැන් සුලු දේවල්. (නි)
මෙහෙමත් අම්මලා (දී)
අනේ අමමා කෙනෙක්? (අ)
සුභ මංගලම්.. කවදාහරි අනියම් සැමියාට එපා වූ දවසට දරුවන් දෙදෙනා තනිකළ පව පලදේවි..!!(නු)
මේ වගේ ගිය අය හිගමන් යදිනවා මම දෑසින් දැකලා තියෙනවා..!!(නු)
මිනිහා දැන ගන්න එපැයි ගෑණිව සතුටින් තියන්න. (නි)
මේක ඔය මහත්තයාගේ වාසනාව වෙන්නත් පුළුවං නැතිනම් මේ කොල්ලත් එක්ක එකතුවෙලා ඔබට කරදරයක් කරන්නත් ඉඩ තිබුණා..!!(නු)
මොකටද ළමයි හැදුවේ (දී)
මෙවැනි කතුන් මුලු කාන්තා පරපුරටම නිගාවකි.අහිසංක දරැවන් අතමන් කරන අම්මලාට දැඩි දඩුවම් දිය යුතුයි.ලංකාවවේ වැරදි කරන අයට නිසි දඩුවම් මෙතෙක් ලැබී නොමැති නිසා දිනෙන් දිනම මේවැනි දේවල් වලට පෙළඹේ. මෙවැනි අහිසංක දරැවන් රටේ අනාගතයයි.මෙවාට නිසි දඩුවම් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.(නු)
මගේ පෞද්ගලික මතය නම් ඔය වගේ ගැහැණු අයට අරාබි නීතිය භාවිතා කිරීම සුදුසුය. (නි)
මෙහෙමත් ගැහුණු ඉන්නවානේ..!(නු)
පව් වැඩ කරන්න එපා. හෙන ගහන අපරාධ ඕව (දී)
මේවා තාවකාලිකයි...ගියා වගේම එන්න වෙයි... එතකොට බාර නොගෙන හිටියනම් හරි..! (නු)
හුගක් අය හොර රහසේ මේක කරනවා.. මෙයා ප්‍රසිද්ධියේම ගියා..!!(නු)
සැමියා එක්ක ඉදලා හොර රහසේ වෙන කෙනෙකු හා සම්බන්ධකම් පවත්වනවාට වඩා නම් මේක හොදයි..!!(නු)
මේ තරුණයාටත් වඩා හොද කෙනෙක් ලැබුණ ගමන් එයාත් එක්ක යනවා.. මෙහෙම අයට දඩුවම් දෙන්න ඕන..!!(නු)
ලංකාවෙන් කුවේට් ඇවිත් සමහර අය කරනදේවල්.. එයාල ලංකාවෙ ඉන්න තමන්ගෙ දරුවන් ගැන හොයන්නෙ නැහැ.. මෙහෙ වෙනම ජීවිත ගෙවනවා..!(නු)
අනේ මෙහෙමත් ගැහැණු? ඉන්නවට වැඩිය හොදයි මැරෙනවා නම්. අලුත් එක්කෙනා කොහොමද දන්නේ නැහැ? (නි)
ආගම දහමට නැති නූගත් කාන්තාවන් මෙහෙම තමයි. තමන්ගේ ආශාව ගැන පමණයි බලන්නේ. අනියම් සම්බන්ධකම් පවත්වන්න තිබුනේ දරැවන් ලැබෙන්න කලින්.. මොකද ඒ වේලාවට ඇයට ද්‍රෝහි වන්නට සිදුවන්නේ තමන්ගේ සැමියාට පමණයි. ඒත් දරැවන් දෙන්නේ ක් ලැබුනට පස්සේ මෙහෙම කර දරුවනුත් අනාථ කරන මව්වරුන්ටනම් මේ ලෝකයේම දඩුවමක් සොබාදහම විසින්ම දෙන්න ඕන. එතකොට මේව දැකලවත් කාන්තාවන් අනියම් සම්බන්ධකම් නවත්වයි....(නු)
නීත්‍යානුකූල විවාක යුවලකගේ විවාහ ජීවිත කඩාකප්පල් කිරීම අපරාධයක් හැටියට නීති සම්මත කළ යුතුයි.. ඒ යටතේ අනියම් සැමියාට තදබල දඩුවම් නියම කළ යුතුයි.. එවිට අනාථවන මේ කුඩා දරැවන්ගේ අනාගතය සුරැකේවි..!!(නු)
දැං අපේ රටේ සදාචාරයක් නැහැ.. අනාගත පරපුරට රටක් ඉතුරු වෙන්නෙ නැහැ.. මේකද රටේ සංවර්ධනය..!!(නු)
අමිලගේ කතාව හරියටම හරි. මේක පියාගේ සහ දරුවන්ගේ පිනක්. (නි)
දැන් ඔහොමගියාට ඒතරුනයාටත් ඒසන්තෑසියම තමා.(නු)
වැඩිකල් යන්න කළින් අර කොල්ලා මෙයාව දාලා යනවා.. එතකොට මෙයාට කවුරුත් නැහැ..!!(නු)
අහිංසක දරුවො දෙන්නා.. අම්ම කෙනෙක්ට පුළුවංද මෙහෙම කරන්න..?(නු)
මේ වගේ ගැනු නෙවෙයි ....දැන් කලේ ලංකවේ ඉන්න කෙල්ලෝ හැමෝම මේ වගේ ........ටික කලක් යද්දී හැදිච්ච කෙල්ලෙක් හොයාගන්න එක සුදු කපුටෝ හොයනවා වගේ වැඩක් වෙනවා (ස)
ඔය කොල්ලටත් මේ ටික වෙයි කවදා හරි... ළමයෙකුත් දීලා යයි තව කෙනෙක් එක්ක...!!(නු)
අල්ලගෙන ගහන්නයි තියෙන්නේ හොදටම. (නි)
අඩන්න එපා පුතේ තාත්තා එක්ක හොදට ඉන්න.. තාත්තා හොදින් දරුව්න බලා ගනීවි.. දරුවො ගැන හිතලා කියලා ආයෙ ආවොත් මේ අම්මව එහෙම ගෙටවත් ගන්න එපා..!!(නු)
පුතාලා අඩන්නෙ නැතිව තාත්තත් එක්ක සතුටින් ඉන්න...!!(නු)
දරුවනේ, මෙහෙම අම්මෙක් නැති වෙච්ච එකත් ඔයාලගේ වාසනාවක්. (නි)
අනිත්මට මේ කාන්තාවට වෙන්නේ කවුරැවත්ම නැති වෙන එකයි...!!(නු)
අප්පිරියයි මේ වගේ ගෑණු ගැන අහනකොටත්. (නි)
හැබැයි මේ තරුණයාටත් තිබුණා මේ ළමයි ගැන හිතලා මේ බැදපු කාන්තාව අත හැරලා දාන්න... ඔය කාන්තාවට දඩුවම් අනිවාර්යනේම ලැබෙනවා.. ඔය කොල්ලම කියාවි දරුවන් දෙන්නාව අතහැරලා දාල ආපු කෙනාව මම කොහොමද විශ්වාස කරන්නෙ කියලා..!!(නු)
මෙවැනි තීරණයක් බිරිය විසින් ගත්තේ ඇයි කියලා දන්නේ ඇය පමණයි. (නි)
මේ වගේ ගෑණුන්ට රජෙ කාලේ දඩුවම් දීලත් මදි. (නි)
අරාබියේ වගේ ගල් ගහලා මරන්නයි තියෙන්නේ (නි)
දරුවො ගැන හිතලා කියලා ආයෙ ආවොත් මේ අම්මව එහෙම ගෙටවත් ගන්න එපා. (නි)
ඔය සතුට තාවකාලිකයි. හැබැයි ළමයි දෙන්නා පවු. (නි)
මෙහෙම ගෑණුන්ට දෙන්න ඕනෑ හොද දඩුවමක්. (නි)
මම ඒ තාත්තයි පුතයි දෙන්නම බලා ගන්න කැමතියි. (නි)