අම්බලන්තොට ප්‍රදේශයේ ගොවි ජනපදයකි. මවුපියන් හා දරුවන් දෙදෙනෙකි. ස්වාමිපුරුෂයා 36 හැවිරිදිය. බිරිඳ 32 වැනි වියේය. දරුවෝ අවුරුදු 8 හැවිරිදි සහ 5 වැනි වියේ පසුවෙති.

ගොවිතැන් බත් කරමින් ජීවත් වන මෙ පවුලේ නිවස කාමර දෙකකි. එක් කාමරයක නිවසේ බඩු මුට්ටුය. අනෙක් කාමරයේ පවුලේ සියලු දෙනා නිදා ගත්තේ ඇඳන් දෙකක් යා කරගෙන එකටය.
එදින දහවල් කුඹුරේ වැඩකර මහන්සිවී නිවසට පැමිණි ස්වාමිපුරුෂයා රාත්‍රි ආහාර ගෙන කුඩා දරුවන් දෙදෙනා සමග කලින්ම නින්දට ගියේය. නිවසේ සියලු වැඩකටයුතු අවසන් කළ බිරිඳ නින්දට ගියේ ඉන් අනතුරුවය.
දැන් වේලාව මධ්‍යම රාත්‍රියත් පසුවෙලාය. පවුලේ කවුරුත් තද නින්දේය. එහෙත් බිරිඳගේ ඇඟ ස්පර්ෂ කරනු ඇයට දැනි අවදි වූවාය. ඇය සිතුවේ තම ස්වාමියා පුරුෂයා වෙන්න ඇති කියාය.
ඈ මනුස්සයෝ නින්දට ගියේ සරම ඇඳගෙන. මොකද මේ දැන් කලිසමක් ඇඳගෙනැයි බිරිඳට ඉබේටම කියැවිණි. බිරිඳ එසේ කීවේ දිග කලිසම්කාරයකුගේ සේයාවක් අඩ අඳුරේම දුටු බැවිනි.
මේ හඬට ස්වාමි පුරුෂයා අවදිවිය.
ඒ සමගම කලිසම්කරයා පැන දිව්වේය.
ඒ කාන්තාවන් සිටින නිවෙස්වලට රෑට රෑට එබිකම් කරන්නා බව පසුව දැන ගන්නට ලැබුණි.
(අම්බලන්තොට විශේෂ ඩී.ජී. ජයසුන්දර)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සරම හැඳ නිදාගත් සැමියා ළඟ මහ රෑ කලිසම්කාරයෙක්
Dilan Saturday, 19 October 2019 12:21 PM
කලිසම්කාරයා සුදු කලිසමක් ඇඳලා ගෙවිච්ච සෙරෙප්පු දෙකක් දාලද හිටියේ? සතුටින් ඉන්නවාද කියලා බලන්න ආවද දන්නෑ...
gamarala Monday, 21 October 2019 07:09 AM
අපරාදේ කලිසම ගලවා ගත්තා නම් කවුද කියලා අඳුනගන්න තිබුණා..
sampath Monday, 21 October 2019 12:39 PM
සතුටින් ඉන්නවද බලන්න අපු මනුස්සයට සංග්‍රහයක් නොකළ එකනම් වෙරදී