අම්බලන්තොට ප්‍රදේශයේ ගොවි ජනපදයකි. මවුපියන් හා දරුවන් දෙදෙනෙකි. ස්වාමිපුරුෂයා 36 හැවිරිදිය. බිරිඳ 32 වැනි වියේය. දරුවෝ අවුරුදු 8 හැවිරිදි සහ 5 වැනි වියේ පසුවෙති.

ගොවිතැන් බත් කරමින් ජීවත් වන මෙ පවුලේ නිවස කාමර දෙකකි. එක් කාමරයක නිවසේ බඩු මුට්ටුය. අනෙක් කාමරයේ පවුලේ සියලු දෙනා නිදා ගත්තේ ඇඳන් දෙකක් යා කරගෙන එකටය.
එදින දහවල් කුඹුරේ වැඩකර මහන්සිවී නිවසට පැමිණි ස්වාමිපුරුෂයා රාත්‍රි ආහාර ගෙන කුඩා දරුවන් දෙදෙනා සමග කලින්ම නින්දට ගියේය. නිවසේ සියලු වැඩකටයුතු අවසන් කළ බිරිඳ නින්දට ගියේ ඉන් අනතුරුවය.
දැන් වේලාව මධ්‍යම රාත්‍රියත් පසුවෙලාය. පවුලේ කවුරුත් තද නින්දේය. එහෙත් බිරිඳගේ ඇඟ ස්පර්ෂ කරනු ඇයට දැනි අවදි වූවාය. ඇය සිතුවේ තම ස්වාමියා පුරුෂයා වෙන්න ඇති කියාය.
ඈ මනුස්සයෝ නින්දට ගියේ සරම ඇඳගෙන. මොකද මේ දැන් කලිසමක් ඇඳගෙනැයි බිරිඳට ඉබේටම කියැවිණි. බිරිඳ එසේ කීවේ දිග කලිසම්කාරයකුගේ සේයාවක් අඩ අඳුරේම දුටු බැවිනි.
මේ හඬට ස්වාමි පුරුෂයා අවදිවිය.
ඒ සමගම කලිසම්කරයා පැන දිව්වේය.
ඒ කාන්තාවන් සිටින නිවෙස්වලට රෑට රෑට එබිකම් කරන්නා බව පසුව දැන ගන්නට ලැබුණි.
(අම්බලන්තොට විශේෂ ඩී.ජී. ජයසුන්දර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලිසම්කාරයා සුදු කලිසමක් ඇඳලා ගෙවිච්ච සෙරෙප්පු දෙකක් දාලද හිටියේ? සතුටින් ඉන්නවාද කියලා බලන්න ආවද දන්නෑ...
අපරාදේ කලිසම ගලවා ගත්තා නම් කවුද කියලා අඳුනගන්න තිබුණා..
සතුටින් ඉන්නවද බලන්න අපු මනුස්සයට සංග්‍රහයක් නොකළ එකනම් වෙරදී