නිල ඇඳුම සහිත රාජකාරියක යෙදෙන දෙදෙනෙක් සවස සේවා විවේකය අතරතුර හමුවූහ.
රජරට ප‍්‍රධාන නගරයේ මූලස්ථානයක් අසල රාජකාරි කරන මේ දෙදෙනා සේවා විවේකයෙන් පසු නිවෙස් බලා යාමට පෙර මධුවිතෙන් සප්පායම් වීමට කතිකාවේ යෙදුණි. මේ හිතවතුන් දෙදෙනා අවන්හලකට ගොස් මධුවිතෙන් හොඳ හැටි සප්පායම් වූ අතර එක් අයකුට පදම වැඩි වී තිබිණි. තම හිතවතාට තරමක් වැඩි වෙරිමතක් තිබෙන බව අවබෝධ කරගත් අනෙක් තැනැත්තා ඔහුට නිවෙස බලා යාමට පහසුවන අයුරින් බස් නැවතුම කරා තම යතුරු පැදියෙන් ඇරලවීමට කටයුතු කළේය.
තම හිතවතා මගී බස් නැවතුමට ඇරල වූ අනෙකා යතුරු පැදියෙන් ගෙදර යන්නට ගියේය. බස් නැවතුමේ සිටි අනෙක් තැනැත්තා මද වේලාවකට පසු බස් රියට ගොඩනැගුනේ නිවෙස බලා යාමේ අටියෙනි. වෙරි මත වැඩිකමට ඔහුට බස්රිය අසුනේම නින්ද ගියේය. සැතපුම් පහක් පමණ දුර ගිය පසු ඔහුට ඇහැ ඇරිණි.
ඒ අතර වටපිටාව විපරම් කරමින් බලද්දී ඔහුට අමුත්තක් දැනිණ. මෙය තම නිවෙස පැත්තට යන බස් රිය නොවන බව ඔහුට තේරුම් ගියේය. බස් රියේ සීනුව නාදකර එය නැවැත් වූ පස ඉන් බැසගත් ඔහු තම ආයතනයට සම්බන්ධ ඒ ප‍්‍රදේශයේ සේවා ස්ථානයට ගොඩ විය. තමන්ට වූ ඇබැද්දිය කියූ පසු එම ස්ථානයේ අධිපතිගේ නියමය අනුව මේ හිතවතා වෙනත් කෙටි මගක් හරහා නියමිත බස්රියට ගොඩ නැංවීය. ඔහු නිවෙසට යන විට බොහෝ රෑ බෝවී තිබුණි.
පමාවට හේතුව බිරිඳ ඔහුගෙන් විමසුවාය. තමන්ට වූ ඇබැද්දිය ඔහු බිරියට කීවේය. මෙම සිද්ධියෙන් පසු තම ස්වාමිපුරුෂයා නිවෙසට එන බව දුරකථනයෙන් බිරියට දන්වන අවස්ථාවලදී ”අද නැග්ගේ හරි බස් එකට දැයි” අසනවාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න අදහන්න ඕන කාන්තාවෝ ජය වේවා කිව !(ම)
කියන්නත් ලැජ්ජයි. ඒත් කියන්නම්. කවුරුහරි පාඩමක් ඉගෙනගනිවී. මම කොල්ලා කාලේ හොටෙල් රෙස්ටුරන්ට් කිහිපයකින් හොඳටම බීලා ගෙදර ආවා. අන්තිමට බීපු තැනවත් මතක නැහැ. ගෙදර ආ විදිහවත් දන්නේ නැහැ. පහුවදා හැමතැනටම කෝල් කරලා මිතුරන්ගේ මාර්ගයෙන් මගේ කාර් එක හොයාගත්තේ. හැබැයි ඊටපස්සේ කවදාවත් එවැනි දෙයක් වුණේ නැහැ (නි)
පුඤ්ඤසෝම මහත්තයෙක් වගේ පේන විදිහට. (අ)
මගේ නමින් වෙන කෙනෙක් අදහස් දාලා (නි)
ඇත්තටම හොද බිරිදක්. තමන්ගේ මනුස්සය ගැන හොයාබලන ගුණයහපත් කාන්තාවක්. (බ)
සමහර අයට ඔය මධුවිත වැඩිවුණාම ඉන්න තැන, යන තැන, ගෙදර අඹුදරුවෝ සේරම අමතක වෙනවා. (නි)
නොවැරදීම පොලිස්කාරයො දෙන්නෙක් වෙන්න ඇති (බ)