IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සුරූපි තරුණිය රෙදි සාප්පුවේ කූඩු කර සේවකයෝ පාටියකට ගිහින්

ඇය සුරූපීය. නිතරම පිරිසුදුව සිටින ඇය ඇඳුම් විලාසිතාවලට අතදිග හැර වියදම් කළේ ලස්සනට ඇඳ පැලඳ සිටින්නට ආසා කළ බැවිනි.


දහවල් 12ට පමණ මේ කියන කාන්තාව සාප්පු සවාරියේ යමින් හෙට්ටිපොළ නගරයේ රෙදි සාප්පුවකට ඇතුළු වූයේ ඇඳුම් කිහිපයක් මිලදී ගැනීමටය.


“ඇයට  කාලය යනවා දැනුණේ නැත. මේ ඇඳුම ලස්සනයි. හා අරක හොඳා, මේක හොඳ වුණාට ටිකක් ගාන වැඩියි..” ආදිය සිතමින් ඇය ඇඳුම් තෝරමින් සිටියාය. 


අවට සිදුවන කිසිදු දෙයක් ඇයට කල්පනා වූයේ නැත.


“යමු අනේ පරක්කු වෙනවා” කඩසාප්පුවේ හිමිකරුට ඒ ඇමතුම ආවේ හත්වැනි වතාවටය.


“ළමයි සාප්පුව වහන්න” ඒ උපදෙස් ලැබුණු සැණින් සාප්පුවේ වීදුරු සියල්ල වැසී ගියේය. සාප්පුව ඉදිරිපිට නවතා තිබූ වාහනයට සේවකයින් කිහිප දෙනා ගොඩ වූයේ එදින මේ සියලු දෙනාට විශේෂ උත්සවයකට යෑමට තිබූ නිසාය.


පිරිස උත්සවයට යන අතර හිමිකරුගේ දුරකතනය යළි නාද විය.


“මහත්තයා සාප්පුවට හොරු පැනලා....” ගමන නවතා දැමූ හිමිකරු ඇතුළු පිරිස සාප්පුවට ආවේ ඊයක වේගයෙනි.


 ඒ වනවිටත් හෙට්ටිපොළ නගරයම බලා සිටියේ මහදවාලේ සාප්පුව කඩන්නට ආ හොරු අල්ලා පහරදෙන හැටි ගැන සිතමිනි.
 සාප්පුවේ දොර විවර විය.


 හඬාගෙන ආවේ සුරූපී කතකි. හැඬීම කාටත් වැටහුනද ඇය කී දේවල් බොහෝ දෙනාට නොතේරුණේ ඉංග්‍රීසියෙන් හයියෙන් හයියෙන් කී දේවල් නිසාය.


“මොනවද සර්... අල්ලලා පොලිසියට දෙමු” ඉංග්‍රීසි නොතේරුණු සේවකයෙක් ඉදිරියට පැන්නේ ඇය ඇල්ලීමටය.


“මෝඩයා පැත්තකට  වෙයන්. මේ කස්ටමර් ඇතුලේ ඉන්දැද්දියි උඹලා සාප්පුව වහලා තියෙන්නේ. ඔහොම තමයි ඉංග්‍රීසියෙන් කුණුහරුපයෙන් බනින විදිහ”.


අහල පහළ සිටි පිරිසට සිදුවී ඇති දේ තේරුණේ ටික වෙලාවකට පසුවය.


හොරු අල්ලන්නට බලා සිටි පිරිසටද බැණ වදිමින් ඇය කෙළින්ම ගියේ හෙට්ටිපොළ පොලිසියටය. සාප්පු සවාරි ගිය නෝනා සාප්පුවේ සිර වූ කතාව හෙට්ටිපොළ පුරාම පැතිර ගියේ සැණිනි.
(බිංගිරිය - නන්ද එස් ඒකනායක)

 



අදහස් (0)

සුරූපි තරුණිය රෙදි සාප්පුවේ කූඩු කර සේවකයෝ පාටියකට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site