IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


සියයේ නෝට්ටුවක උත්තර ලියාගෙන ගුරුවරියගේ කනෙන් රිංගන්න හදලා

(නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)
පසුගියදා අවසන්වුණු දෙවැනි වාර විභාගය අතරතුර රුපියල් සියයේ කොළේකින් මතුවූ විභාග රහසක අපූරු පුවතක් පාසලකින් වාර්තාවේ. සිද්ධිය මෙසේය.
දෙවැනි වාර විභාගයේ අවසන් දිනයක භූගෝල විද්‍යාව ප‍්‍රශ්න පත්තරය සිසුන්ට දී එම විභාග ශාලාවේ ගුරුතුමිය සියලූ සිසුන් නිරීක්ෂණය වන තැනක වාඩිවී සිට ඇත.


පැය භාගයක් පමණ ගෙවුන තැන ශාලාවේ එක් අයිනක සිසුන් කතා කරන හඬ ඇසී ඒ ගැන සොයා බැලීමේදී එක් සිසුවකු අත රුපියල් සියයේ කොළයක් තිබෙනු දැක ඒ ගැන විමසීමේදී යාළුවෙක් ඉල්ලගත්තු ණයක් ලැබුණ බව පවසා සිටීම නිසා ගුරුතුමිය එතනින් ඉවතට ගියාලූ.


ශාලාවේ නිරීක්ෂණයකට නැවත යන අතරතුර රුපියල් සියය කොළයක් සිසුවකු අත තිබෙනු දුටුවත් එය එතරම් ගණන් නොගත් ගුරුතුමිය ආපසු එනවිට වෙනත් සිසුවකු අත රුපියල් සියයේ කොළයක් තිබීම නිසා සැකයට එම රුපියල් සියයේ අතට ගෙන බැලීමේදී එම කොළයේ චිත‍්‍රයක් ලෙස තිබෙන ලංකා සිතියමේ විවිධ සලකුණු ඇඳ තිබෙන ආකාරය දැකීමෙන් ගුරුතුමිය පුදුමයට පත්වුණාලූ.


ශාලාව පුරාම මෙම රුපියල් සියය යවා අදාළ භූගෝල ප‍්‍රශ්න පත්තරයට උත්තර ලියා තිබෙන බව වටහා ගත් ගුරුතුමිය එය අංශබාර ගුරුවරයා මගින් විදුහල්පතිවරයාට දන්වා අදාළ ප‍්‍රශ්න පත්තරයේ එම ප‍්‍රශ්නයට සියලූම සිසුන්ට ලකුණු නොදුන් බවයි වාර්තා වුණේ.



අදහස් (0)

සියයේ නෝට්ටුවක උත්තර ලියාගෙන ගුරුවරියගේ කනෙන් රිංගන්න හදලා

සඳුන් Friday, 07 August 2015 01:17 PM

ජෝති -ක්‍රිස් -ලන්ඩන්, ඔබ එහෙම යාළුවා වෙනුවෙන් හොරට විභාගය ලියනවිට විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉඳලා තියෙන්නේ. විදුහල්පතිට බයවුණු ඔබ නීතියට බයවුණේ නැද්ද? අපි නම් ඒ කාලේ නීතියට ගරුකරන අසාධාරණයට විරුද්ධව වැඩ කරන අය. (නි)

:       0       0

ධම්ම Wednesday, 05 August 2015 05:48 AM

වාර විභාගයේදී අසු නොවී කොපිකල මගේ මිත්‍රයා අද සුප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඉස්කෝලේ යන කාලේ කවුරුත් ඕවා කරනවා නමුත් දක්ෂ ගුරුවරු අපේ දක්ෂකම් හඳුනාගෙන අප යහ මඟ යැව්වා.(නදී)

:       0       0

ම්ලිමි Friday, 07 August 2015 02:00 PM

අනාගතයේ දක්ෂ දේශපාලුවෙක් වෙන්න සුදුසුකම් තියෙනවා (අ)

:       0       0

ජෝති ක්‍රිස්-ලන්ඩන් Friday, 07 August 2015 02:13 PM

සඳුන්,මා ලියපු සටහන නැවත කියවා බල්න්න. මා එ කාලයේ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ නොවෙයි,සඳුන් හිටියේ.උසස් පෙළ පළමු වසරේයි ඉගෙන ගනිමින් සිටියේ.දැන් මා ඉතාමත් කනගාටු වෙනවා එම සිද්ධිය මතක් වෙන වාරයක් පාසා.එම දවස්වල අපි පොඩ්යි,බයයි. නීතියට බය උනත් ,සැර පරුෂ විදුහල්පති ඉදිරියේ ,මා විරුද්ධ වුණා නම් විශාල කරදරයකට වැටෙන්න ඉඩ තිබුනා. (අ)

:       0       0

අමිල Thursday, 20 August 2015 06:30 PM

අපේ ඇමතිතුමෙකුගේ කවුරුහරිද දන්නේ නැහැ. (නි)

:       0       0

සම්පත් Wednesday, 05 August 2015 11:25 PM

දරුවන් දැන්මම වංචාවට යොමුවීම නරකයි (නි)

:       0       0

අනිල් Wednesday, 05 August 2015 02:02 AM

කාවද ඉතින් මේ රවටන්න හදලා තියෙන්නේ? (නි)

:       0       0

අනිල් Wednesday, 05 August 2015 02:04 AM

කාවද මේ රවටන්නේ, කියලා මදක් සිතන්න (නදී)

:       0       0

චමිලා Wednesday, 05 August 2015 02:24 AM

එසේ ලකුණු කිරීම ඔහුගේ හැකියාව හා දක්ෂතාවයයි!! (නි)

:       0       0

දිනේෂ් Wednesday, 05 August 2015 11:50 PM

මම උසස් අධ්‍යාපන ආයතනයක වැඩකරන කාලේ අත් ලේන්සුවක සමස්ත විශය නිර්දේශයම ලියාගෙන ආ ගැහැණු ළමයෙක් අහුවුණා. අගල් 1.5 x 2 ප්‍රමාණයට පිටු 20 විතර පොතක් හදාගෙන ආ පිරිමි ළමයෙකුත් අහුවුණා. මේ දෙන්නට ඒ සඳහා දින ගණනක් ගිහිල්ලා තියෙනවා. අපරාදේ ඒ කාලයේ පාඩම් කරගන්න තුබුනා. කොට සායක් ඇඳගෙන කලව ප්‍රදේශයේ ලියාගෙන ආ ගැහැණු ළමයව අල්ලාගත් මගේ යාලුවට අපි තාමත් විහිලු කරනවා. මම දැන් උගන්වන විදේශ විශ්ව විද්‍යාලයේ ළමයි නම් කිසිම හේතුවකට කොපි කරන්නේ නැහැ. (නි)

:       0       0

ජෝති -ක්‍රිස් -ලන්ඩන් Wednesday, 05 August 2015 12:30 PM

ධම්ම,එවන් දක්ෂ ගුරුවරු ලැබුන ඔබ වාසනාවන්තයෙක්.මා අපොස සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත්වෙද්දී මගේ හොඳම යාලුවා, අපේ විදුහලේ විදුහල්පතිගේ දෙටු පුත් විභාගය අසමත් වුණා.ඊළඟ වසරේ මා උසස් පෙළ පළමු වසරේ ඉගෙනගන්නාවිට යාලුවාගේ විදුහල්පති පියා, මා ලවා එයාගේ පුතු වෙනුවෙන් හොරට විභාගය ලියා පාස් වුණා. කාටවත් කියන්න එපා කියලයි මා පොළඹවා ගත්තේ.මාත් බයට කාටවත් කිවුවේ නැහැ.දුව බැඳපු බෑනාගේ කරේ එල්ලිලා දැන් මුළු පවුලම ඉන්නේ ඇමරිකාවේ. මේ කතාව මගේ බිරිඳට කිවුවාම එයා කිවුවා,බැරිවෙලාවත් අහුවුණොත් එයා බේරිලා මුළු ජීවිත කාලයටම මට විඳවන්න වේවි නේද කියලා.බළලුන් ලවා කොස් ඇට බාවගත්ත කතාව තාමත් මගේ දෙමව්පියෝ දන්නේ නැහැ. (නි)

:       0       0

නිෂා Wednesday, 05 August 2015 07:28 AM

මුළු පන්තියම දේශපාලනයට යොමු කරන්න (ම)

:       0       0

සුනිල්. Saturday, 08 August 2015 10:39 PM

මම දන්නා දෙන්නෙක්ට අවුරුචු දෙකක්දී එකම කෙනා විභාගය ලිව්වා. එ් දෙන්නම විශ්වවිද්‍යාලයේ ගියා 1987,1988 දී. තැපල් හැඳුනුම්පත් හදලයි එ්ක කලේ. (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 05 August 2015 04:01 AM

මුළු භූගෝල ප්‍රශ්න පත්තරයටම උත්තර ලියලා තියෙන්නේ මේ රුපියල් සියයේ කොලේ බලාගෙනද?(නදී)

:       0       0

සුනෙත් Wednesday, 05 August 2015 04:02 AM

ඔය වගේ දේවල් ඕන තරම් අපිත් කළා. (නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 05 August 2015 04:11 AM

චමිලා, ඒ හැකියාව හා දක්ෂතාව නෙමෙයි. වංචාව. සීයේ කොළයේ ඕවා ලියන්න ගතකළ වෙලාව පාඩමට යොදවන්න තිබුණා. (නි)

:       0       0

ආනන්ද Wednesday, 05 August 2015 05:05 AM

වැඩේ නම් වැරදි තමයි. ඒත් අලුත් විදියට හිතන ළමයි තමා නව නිපැයුම් කරන්නෙත්.(නදී)

:       0       0

මහේෂ මුතුකුඩ Wednesday, 05 August 2015 05:21 AM

ප්‍රසන්නගේ කතාව ඇත්ත. අපි හැමදාම කරන්නේ වංචාවක් කරපු කෙනෙක් උනත් අගය කරන එක ලාංකිකයන්ගේ හැකියාව බුද්ධිය කියල. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 49 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 445 0

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 31 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 783 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 871 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 685 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 740 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1231 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site