(නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)
පසුගියදා අවසන්වුණු දෙවැනි වාර විභාගය අතරතුර රුපියල් සියයේ කොළේකින් මතුවූ විභාග රහසක අපූරු පුවතක් පාසලකින් වාර්තාවේ. සිද්ධිය මෙසේය.
දෙවැනි වාර විභාගයේ අවසන් දිනයක භූගෝල විද්‍යාව ප‍්‍රශ්න පත්තරය සිසුන්ට දී එම විභාග ශාලාවේ ගුරුතුමිය සියලූ සිසුන් නිරීක්ෂණය වන තැනක වාඩිවී සිට ඇත.
පැය භාගයක් පමණ ගෙවුන තැන ශාලාවේ එක් අයිනක සිසුන් කතා කරන හඬ ඇසී ඒ ගැන සොයා බැලීමේදී එක් සිසුවකු අත රුපියල් සියයේ කොළයක් තිබෙනු දැක ඒ ගැන විමසීමේදී යාළුවෙක් ඉල්ලගත්තු ණයක් ලැබුණ බව පවසා සිටීම නිසා ගුරුතුමිය එතනින් ඉවතට ගියාලූ.
ශාලාවේ නිරීක්ෂණයකට නැවත යන අතරතුර රුපියල් සියය කොළයක් සිසුවකු අත තිබෙනු දුටුවත් එය එතරම් ගණන් නොගත් ගුරුතුමිය ආපසු එනවිට වෙනත් සිසුවකු අත රුපියල් සියයේ කොළයක් තිබීම නිසා සැකයට එම රුපියල් සියයේ අතට ගෙන බැලීමේදී එම කොළයේ චිත‍්‍රයක් ලෙස තිබෙන ලංකා සිතියමේ විවිධ සලකුණු ඇඳ තිබෙන ආකාරය දැකීමෙන් ගුරුතුමිය පුදුමයට පත්වුණාලූ.
ශාලාව පුරාම මෙම රුපියල් සියය යවා අදාළ භූගෝල ප‍්‍රශ්න පත්තරයට උත්තර ලියා තිබෙන බව වටහා ගත් ගුරුතුමිය එය අංශබාර ගුරුවරයා මගින් විදුහල්පතිවරයාට දන්වා අදාළ ප‍්‍රශ්න පත්තරයේ එම ප‍්‍රශ්නයට සියලූම සිසුන්ට ලකුණු නොදුන් බවයි වාර්තා වුණේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝති -ක්‍රිස් -ලන්ඩන්, ඔබ එහෙම යාළුවා වෙනුවෙන් හොරට විභාගය ලියනවිට විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉඳලා තියෙන්නේ. විදුහල්පතිට බයවුණු ඔබ නීතියට බයවුණේ නැද්ද? අපි නම් ඒ කාලේ නීතියට ගරුකරන අසාධාරණයට විරුද්ධව වැඩ කරන අය. (නි)
වාර විභාගයේදී අසු නොවී කොපිකල මගේ මිත්‍රයා අද සුප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඉස්කෝලේ යන කාලේ කවුරුත් ඕවා කරනවා නමුත් දක්ෂ ගුරුවරු අපේ දක්ෂකම් හඳුනාගෙන අප යහ මඟ යැව්වා.(නදී)
අනාගතයේ දක්ෂ දේශපාලුවෙක් වෙන්න සුදුසුකම් තියෙනවා (අ)
සඳුන්,මා ලියපු සටහන නැවත කියවා බල්න්න. මා එ කාලයේ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ නොවෙයි,සඳුන් හිටියේ.උසස් පෙළ පළමු වසරේයි ඉගෙන ගනිමින් සිටියේ.දැන් මා ඉතාමත් කනගාටු වෙනවා එම සිද්ධිය මතක් වෙන වාරයක් පාසා.එම දවස්වල අපි පොඩ්යි,බයයි. නීතියට බය උනත් ,සැර පරුෂ විදුහල්පති ඉදිරියේ ,මා විරුද්ධ වුණා නම් විශාල කරදරයකට වැටෙන්න ඉඩ තිබුනා. (අ)
අපේ ඇමතිතුමෙකුගේ කවුරුහරිද දන්නේ නැහැ. (නි)
දරුවන් දැන්මම වංචාවට යොමුවීම නරකයි (නි)
කාවද ඉතින් මේ රවටන්න හදලා තියෙන්නේ? (නි)
කාවද මේ රවටන්නේ, කියලා මදක් සිතන්න (නදී)
එසේ ලකුණු කිරීම ඔහුගේ හැකියාව හා දක්ෂතාවයයි!! (නි)
මම උසස් අධ්‍යාපන ආයතනයක වැඩකරන කාලේ අත් ලේන්සුවක සමස්ත විශය නිර්දේශයම ලියාගෙන ආ ගැහැණු ළමයෙක් අහුවුණා. අගල් 1.5 x 2 ප්‍රමාණයට පිටු 20 විතර පොතක් හදාගෙන ආ පිරිමි ළමයෙකුත් අහුවුණා. මේ දෙන්නට ඒ සඳහා දින ගණනක් ගිහිල්ලා තියෙනවා. අපරාදේ ඒ කාලයේ පාඩම් කරගන්න තුබුනා. කොට සායක් ඇඳගෙන කලව ප්‍රදේශයේ ලියාගෙන ආ ගැහැණු ළමයව අල්ලාගත් මගේ යාලුවට අපි තාමත් විහිලු කරනවා. මම දැන් උගන්වන විදේශ විශ්ව විද්‍යාලයේ ළමයි නම් කිසිම හේතුවකට කොපි කරන්නේ නැහැ. (නි)
ධම්ම,එවන් දක්ෂ ගුරුවරු ලැබුන ඔබ වාසනාවන්තයෙක්.මා අපොස සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත්වෙද්දී මගේ හොඳම යාලුවා, අපේ විදුහලේ විදුහල්පතිගේ දෙටු පුත් විභාගය අසමත් වුණා.ඊළඟ වසරේ මා උසස් පෙළ පළමු වසරේ ඉගෙනගන්නාවිට යාලුවාගේ විදුහල්පති පියා, මා ලවා එයාගේ පුතු වෙනුවෙන් හොරට විභාගය ලියා පාස් වුණා. කාටවත් කියන්න එපා කියලයි මා පොළඹවා ගත්තේ.මාත් බයට කාටවත් කිවුවේ නැහැ.දුව බැඳපු බෑනාගේ කරේ එල්ලිලා දැන් මුළු පවුලම ඉන්නේ ඇමරිකාවේ. මේ කතාව මගේ බිරිඳට කිවුවාම එයා කිවුවා,බැරිවෙලාවත් අහුවුණොත් එයා බේරිලා මුළු ජීවිත කාලයටම මට විඳවන්න වේවි නේද කියලා.බළලුන් ලවා කොස් ඇට බාවගත්ත කතාව තාමත් මගේ දෙමව්පියෝ දන්නේ නැහැ. (නි)
මුළු පන්තියම දේශපාලනයට යොමු කරන්න (ම)
මම දන්නා දෙන්නෙක්ට අවුරුචු දෙකක්දී එකම කෙනා විභාගය ලිව්වා. එ් දෙන්නම විශ්වවිද්‍යාලයේ ගියා 1987,1988 දී. තැපල් හැඳුනුම්පත් හදලයි එ්ක කලේ. (නදී)
මුළු භූගෝල ප්‍රශ්න පත්තරයටම උත්තර ලියලා තියෙන්නේ මේ රුපියල් සියයේ කොලේ බලාගෙනද?(නදී)
ඔය වගේ දේවල් ඕන තරම් අපිත් කළා. (නදී)
චමිලා, ඒ හැකියාව හා දක්ෂතාව නෙමෙයි. වංචාව. සීයේ කොළයේ ඕවා ලියන්න ගතකළ වෙලාව පාඩමට යොදවන්න තිබුණා. (නි)
වැඩේ නම් වැරදි තමයි. ඒත් අලුත් විදියට හිතන ළමයි තමා නව නිපැයුම් කරන්නෙත්.(නදී)
ප්‍රසන්නගේ කතාව ඇත්ත. අපි හැමදාම කරන්නේ වංචාවක් කරපු කෙනෙක් උනත් අගය කරන එක ලාංකිකයන්ගේ හැකියාව බුද්ධිය කියල. (නදී)