(තිහගොඩ උපසේන ලියනගම)
සබරගමුව පළාතේ උපනගරයක පසුගියදා පැවති සෞඛ්‍ය සායනයකි. එහි අවසානයේ සංවිධායකවරයා ඒ සඳහා සහභාගි වූ වෛද්‍යවරුන්ට තම ස්තුතිය පළ කරන අවස්ථාවේ ප‍්‍රධාන වෛද්‍යවරයා ගැන විශේෂ සඳහනක් කොට එතුමා කරන සේවයට අනාගතයේ දිව්‍ය ලෝකයේ දිව්‍ය පුත‍්‍රයෙක්ව ඉපදේවායි ප‍්‍රාර්ථනා කළේය.
ඉතාම නිහතමානී වූ එම වෛද්‍යවරයා තම අවසන් කතාවේදී කී දෙයින් සංවිධායකවරයාට තරු පෙනිණි.
අපේ සංවිධායකතුමා මීළඟ ආත්මයේ මම දිව්‍යලෝකයේ දේව පුත‍්‍රයෙක් වෙන්න පැතුවා. ඒත් එහේ ලෙඞ්ඩු නැහැ. ඒ නිසා එහේ ඉපදෙනවාට වඩා ඊළඟ ආත්මෙත් මේ රටේම වෛද්‍යවරයෙක් වෙන්න මම පතනවා.
ඔහුගේ ප‍්‍රකාශයෙන් බලවත් සතුටට පත් පිරිස සිනාසෙමින් අත්පොළසන් දුන්නේ වෛද්‍යවරයාගේ ප‍්‍රාර්ථනාවට එකඟතාව පළ කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර මහත්තයා මේ ලෝකේදී හොඳට හම්බකරන පාටයි වගේ. නැත්නම් ඇයි දිව්‍යලෝකයේ දේව පුත‍්‍රයෙක් වෙන්න අකමැති වෙන්නේ? මම දන්නා හැටියට කිසිම මනුස්සයෙක් දිව්‍යලෝකයේ දේව පුත‍්‍රයෙක් වෙන්න අකමැති වෙන්නේ නැහැ. (නි)
දුමින්ද,අද කාලා හෙට මැරුණත් සැපයි කියලා ජීවත්වෙන මිනිසුන්ට හොඳ,නරක,සැප දුක තේරෙන්නේ නැහැ.දැන් සසරට බැඳතබන දේ මිසක් සසරෙන් එතෙරවෙන මඟක් පන්සලක ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟවත් නැහැ.එහෙම තැනක් අමාරුවෙන් හරි ඇති කරන්න හැකි නම් ඒක නිවන් දකින්න පිනක්... (නි)
සමහරවිට දොස්තරට හිතෙන්න ඇත්තේ, මේ මිනිස් ලොවේ එක දිව්‍යාංගනාවක් සමඟ ගෙවන පවුලේ ජීවිතය මෙච්චර දුෂ්කර නම්, බැරිවෙලාවත් දිව්‍ය ලෝකයේ අන්තඃපුරයටවත් පත්වීම ලැබුනොත් මාව මොන අමාරුවේ වැටේවිද කියලා වෙන්නත් පුලුවන් (නි)
දිව්‍යලෝකේ හුගක් කල් සැප විඳින එකත් මහ කට්ටක්. කොහොම හරි සංසාරේ කෙටි කර ගන්නයි බලන්න ඕනේ. (ස)
සංවිධායකතුමා එහෙම කීවේ දොස්තර මහත්තයාට තියෙන ගෞරවය හදවතින්ම ප්‍රකාශ කිරීමට නේද? (නදී) /
මුදලට යටනොවන දොස්තරවරු තමා මිහිපිට දෙවියෝ! (නි)
හොඳ දොස්තර මහත්මයෙක්. (නි)
හිපොක්‍රටීස්ගේ දරුවෙක්... (නි)
සමහර දොස්තර මහත්වරු ඉන්නවා, දුප්පත් ලෙඩුන්ට තමන්ගේ මුදළින්ම බෙහෙත් ටිකත් අරන්දෙන. ඒ වගේම තව සමහර දොස්තරලා ඉන්නවා විනාඩි දෙකෙන් ලෙඩාව බලල රුපියල් දෙදාහක් විතර අයකරනවා. මේ දොස්තර මහත්තය පළමුව කියපු ගොඩට අයිතිවෙන කෙනෙක් වගෙයි මටනම් හිතෙන්නේ.
නැවත ආත්මයක් පැතීම බියකරු සසර ගැන නොදන්නා අය කරන දෙයකි (නි)
හොඳ වෙද මහත්මයෙක් වගෙයි. (නි)
ඉතින් එයා ප්‍රාර්ථනා කළේ දිව්‍ය ලෝකේ දොස්තර කෙනෙක් වෙන්න නෙමෙයිනේ (නි)