”යකෙකුගේ” ප‍්‍රහාරයට ලක්වූ කාන්තාවක ප‍්‍රතිකාර ලබා ගන්නට රෝහලකට ගොස් ඒ බව පොලිසියට පැමිණිලි නොකරන ලෙස ඉල්ලා සිටි බව කියන පුවතක් සියනෑවේ රෝහලකින් වාර්තාවේ.
හිස පැලී ඇඟ පත නිල්වන්නට පහර කෑමට ලක්වූ කාන්තාවක ප‍්‍රදේශයේ රෝහලට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ගියේ කුඩා දරු දෙන්නාද සමගය. තමා වැටීමකින් තුවාල ලද බව ඇය වෛද්‍යවරයාට කීවාය. රෝගී කාන්තාව පරීක්ෂා කළ වෛද්‍යවරයා මෙම තුවාල සිදුව ඇත්තේ වැටීමකින් නොව පහරදීමකින් බව අනාවරණය කර ගෙන ”කවුද ගැහැව්වේ” යැයි ඇගෙන් විමසීය.
”නැහැ වැටුණා” යි ඇය නැවත නැවතත් කියද්දී වෛද්‍යවරයා බොරු නොකියන ලෙසට ඇයට අවවාද කළේය. බොරු කීමෙන් පලක් නැති නිසා ඇය අන්තිමේ සත්‍ය පවසන්නට තීරණය කළාය. ”අනේ දොස්තර මහත්තයෝ මට යකා ගැහැව්වා” ඇය හඬා වැටෙමින් කීවාය. හැමදාම මේ යකා මට ගහනවා අමාරුම හින්දා අද බේත් ගන්න ආවා යැයිද ඇය කීවාය. ඒත් මේ බව පොලිසියට නම් කියන්න එපා ඇය බැගෑපත් වූවාය.
කාන්තාවගේ ප‍්‍රකාශයෙන් වෛද්‍යවරයා කැලඹුනත් ඒ බවක් නොපෙන්වා මොන යකාදැයි අසද්දී කාන්තාව නිහඬව සිටියදී පිළිතුරු දුන්නේ ඇගේ දරුවෙකි. ”මහත්තයා යකා කියන්නේ අපේ තාත්තාට” මේ දරුවා කියද්දී සියල්ල අවබෝධ කරගත් වෛද්‍යවරයා ඇයට අවශ්‍ය ප‍්‍රතිකාර නියම කර පිටත් කර හැරියේ පොලිසියට දැන්වුවහොත් කාන්තාවට යළි මුහුණදීමට සිදුවන දේ ගැන වැටහුණ නිසාය. ඇගේ සැමියාගේ අන්වර්ථ නාමය යකා බව පසුව සොයා බැලීමේදී වෛද්‍යවරයාට දැන ගන්නට ලැබී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අසරණ ගැහැණියට පහර දීපු ඒ සොහොන් පැටියා මගේ වහලේ යට ජීවත් වුනානම් මම දන්නවා දෙන බෙහෙත.ජීවිතේට ගැහැනියකුට අත උස්සන එකක් නැහැ ආයෙත්. කොහොමටත් තමන් පෙර ආත්ම වල කළ පින්වල බලයෙන් තමයි මේ ආත්ම වල අපිට පින්වත් බිරින්දෑවරු ස්වාමිවරු ලැබෙන්නේ. ඉතින් මම පින්කාරියක් කියලා හිතුනා.මතු ආත්මෙත් මේ වගේම පින්වත් ජීවිතයක් ලැබේවා! දිසානායකලත් ටිකක් වැඩියෙන් පින් කරගන්න ඊළග ආත්මෙට! (නි)
බීලා තමයි ඉන්න ඇත්තේ ෂුවර් එකටම. (නි)
මා දකින ආකාරයට වැරැද්ද තිබෙන්නේ මත්පැන් තුල නොව මිනිස් ගති පැවතුම් තුලයි. ශ්‍රී ලාංකික කලාකරුවන් මාධ්‍ය වේදීන් ලේඛකයින් හා අනිකුත් වෘත්තිකයන් ද මත් පැන් පානය කරති . නමුත් මදුවිත සමඟ ඔවුන් ඔවුන්ගේ විෂයට අදාල කරුණු සාකච්ඡා කරන බැවින් ගැටුම් ඇති නොවේ . එහෙත් ග්‍රාමීය මට්ටමින් ජීවත් වෙන බොහෝ පුද්ගලයන්ට විනෝදය පිණිස තිබෙන එකම පහසු ක්‍රමය මත්පැන් පමණක් නිසා ගැටුම් ඇතිවිය හැක. ද්‍රරිධතාවයට එකම විසදුම විෂ මත්පැන් නොව උත්සාහයෙන් ජීවිතය ජය ගැනීමයි ..(ස)
ගැහැණුන් ශක්තියෙන් දුර්වලයි. මනසින් ශක්තිමත් දරාගන්න බැරි බර උහුලනවා. දරුවකු ඉපැද්දවීමට දරන වෙහෙස හා එහිදී දරන වේදනාව තුළින්ම එය පැහැදිලියි.එහෙව් ස්ත්‍රී රත්නයට අත නොතබන් පුර්ෂයිනේ.......(ස)
ඔය එක් කෙනෙක් විතරනේ... මම දන්නා යක්කුත් ඉන්නවා. එත් කියන්න බැහැ.(ස)
අපිත් පුංචි කලේ ඔය වගේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා . අපේ අම්මා ගුටි කකා බැනුම් අසමින් ගොඩක් දුක් වින්දා මුළු ජීවිතේම අපි තුන් දෙනා වෙනුවෙන් කැප කළා. අද අපි ඉහළම තැන වල ඉන්නවා. බටහිර කාන්තාවන්ට වගේ නෙමෙයි. ආසියාවේ කාන්තාවන් පිරිමින්ගෙන් හුඟාක් ගැහැට විදිනවා. මේ චිත්‍රපටිවල තියෙන විදියට අපිට පිරිමි සමඟ ගහගෙන ජීවත් වෙන්න බැහැ. මම දැක්කේ එක දෙයයි. ඉවසීම, කැප කීරීම ඒක ජයගත්තා ...........(ස)
ඒ මනුස්සයට යකෙක්ම ගහන්න ඕනේ අහිංසක ගැහැණුන්ට ගහනවට !!!! (ස)
පව් දෙවියනේ ..! දුකයි කියවනවිට අසරණ කාන්තාවෝ, දරු පැටව් අද බොහොමයක් ලංකාවේ පවුල් පරිසරයේ ගැවසෙන්නේ මෙවන් අය....?තම ආදරණීය බිරිද, ස්වාමියා, දරුවෝ,මොහොතකින් දරුණු විදියට මේ ලෝකෙන් තුරන් කරන තරමට ,ඒ සදාදරණීය මව ,පියා ,දරුවෝ සමත් වෙන පරිසරයක අපි ජීවත් වෙන්නේ, අනේ දෙවියනේ ..?අප රටේ සෑම දරු පවුලකම ඔව්නොවුන්ට ආදරය කරන, ගරුකරන, ආරක්ෂාකරන,පවුල් සමාජක් ඔවුනෝව්ුන් තුල ඇතිවේවා...!!! (ස)
කාන්තා හිංසනය පිටු දකිමු. (ස)
කාන්තා හිංසනය තරයේ හෙලා දකිමි .කාන්තාවන් රට වෙනුවෙන් දැය වෙනුවෙන් කරන සේවය ඇති විශාලයි. පිරිමින් හැටියට කාන්තාවකගේ වටිනාකම සිහි බුද්ධියෙන් කල්පනා කලයුතුයි. මෙහෙම හිරිහැර කරන අයට උපරිම දඩුවම් දිය යුතුයි ජනාදිපති ආර්යාව මිට වඩාලොකු පියවරක් ගතයුතු බව මගේ හැගීමයි.(නදී)
අනේ සිල්වා සොයුර ...දුකයි ඔයාගේ ජීවිත කතාවට...ඔයා ඒ අතීතය සිහිකරන්න එපා...? ඔයා ඔයාගේ දරුවන්ට සහ බිරිදට ඇස්දෙක සහ හදවතේ දෙපැත්ත මෙන් රැක බලා ගන්න, මම අහල තියන තරමට මනෝ විද්‍යා මතයට අනුව...අපි අතීතේ ලද සිත් කම්පා කරවන සිද්දීන් නැවත නැවත අපි ආවර්ජනය කිරීමෙන්. මනස ඒ දෙයම කිරීමට තමන්ව පොලබවන හෝ පළි ගැනීමට පොලබවන බවයි. අද ඔයා ආඩමබර වෙන්න මැරුණු අම්ම ඔයාලව ආරක්ෂා කරා කියලා. ,ඔයාලට දෙවාශිර්වාදයෙන් අද හොද තැනකට එන්න ඒ සිදුවීමම හේතු උනා කියල...?ඔයාලට කවදාවත් වරදින් නැහැ ...! කවදාවත් හිත කම්පා කරගන්න එපා ..ඒ තුලින් ආත්ම ශක්තිය වැඩිකරගන්න . මම එහෙමයි ...අපි ඔයාලට වැඩියෙන් දුක් වින්දා. අද මම ලෝකෙන්ම..?දිනූ උතුම් මිනිස්කම් සමගින් වඩාත් හොද සැපවත් ජීවිතයක් ගතකරනවා කියන්නේ ගොඩක් ආඩම්බරයෙන්. ඒ වගේම ගොඩක් අසරණයින්ට මම උදව් කරනවා. අපේ එසැන පාඨකයෝත් එහෙමයි. ඔයාට සියලු දෙවි රැකවරණයි.(නධී)
සරත් මල්ලිගේ දවසේ ආදායමේ හැටියට 30,000හ ඕකත් කජ්ජක්ද ..?අනික චන්දි කෙල්ලත් හොද බුද්දිමත් වගේම ඇහැට කනට පෙනෙන නාබරියක්, ඔය සල්ලි ටික ගෙවල දාපන් කොල්ලෝ...? කෙල්ලව රස්තුයාදු නොකර ගිනි රාශ්ටක අව්වේ ..!! (නදී)
චන්දි මම මේ අද අහපු කතාවක් මේ කියන්නේ ,මගේ යහළුවෙකුගේ ගෙදරට ගැණු කෙනෙක් මර ලතෝනි දීගෙන දුවගෙන ආවලු .බැලින්නම් මිනිහ වෙඩිතියන්න එනවලු .මගේ යාළුවයි බිරිදයි දෙන්න අරමනුස්සයව ආපහු හරවල ඇරලා ප්‍රස්නේ මොකද කියල ඇහුවලු ඒජන්සියෙන් රටයන එක පරක්කු හින්දලු .(නදී)
කව්ද මේ රූපවතී? (නි)
චන්දි මම ප්‍රථම ප්‍රේමය දිනපු කෙනෙක් මම කවදාවත් වයිෆ් ට ගහල නැහැ .මම මානසිකව වැටුණු හැම වෙලේම එයා තමයි මව ගොඩ දැම්මේ .පුතාටත් මම කියල තියෙන්නේ(එයාට දැන් 4 යි ) අම්ම කියන දේ තමයි තාත්ත අහන්නේ කියලා.(නදී)
සරත් මල්ලි ..කොහොමද ඊයේ බස් එකෙන් දැකපු ලස්සන කෙල්ල, අපිටත් කේක් කැල්ලක් කන්න පුළුවන් වෙයි වගේ ..?අද දෙන්නම ඇවිත් කෝපි බොන්න ...?සතුටුයි ..සතුටුයි ..!!! (ස)
සිල්වා මහත්මයා ඔබ විශිෂ්ඨයෙක්.(නදී)
චන්දි ඒක තමයි කාලකන්නි පුරුෂ ආදිපත්‍ය කියන්නේ .දැන් ඒ ගෑනු කෙනා රට ගිහිල්ලලු මිනිහ ගෙදරට යාලුවෝ ගෙන්නාගෙන බොනවලු .ගෑනිව රට අරින්න තමයි මරන්න හදල තියෙන්නේ (බොරුවක් වෙන්න බැහැ ගල්කටස්, තුවක්කු ඒ පළාතේ තියනවලු ).(නදී)
සරත් මල්ලි....!.. ඔයාගේ කරේ තිබුන මල්ලෙන් ඔන්න පුසෙක් පැන්න එලියට? (නදී)
රුපවතී යන අයගේ අදහස් හරිම වැදගත් විදියට දාන්නේ.කියවන්න හිතෙනවා.මේ සිද්ධිය නම් හරිම කණගාටුදායකයි.මිනිස්සු හුඟාක් වෙනස් වෙලා.දරුණුවෙලා.මේවා ඉවරයක් වෙන්නේ කවදද? (ස)
මෙම බිරිඳ ඉතාමත් හොඳ කාන්තාවක්. ස්ත්‍රී රත්නයක්. ගුටි කාලත් යක් මිනිහව බේරා ගන්න හදලා. සූකරයන්ට අසූචි ගොඩේ මැණික වැඩක් නැහැනේ. (නි)
මේ වගේ ගෑණුන්ට ගහන නපුංසකයන්ට යක්කු කියන එක ඇත්ත යක්කුන්ට කරන නින්දාවක්. ලංකාවෙ ඉන්නෙ යක්ක, නාග, දේව කියන ගෝත්‍ර තුනම එකට කලවම් වුනු මිනිස්සු කොටසක්. යක් ප්‍රජාව කියන්නෙ වැදගත් ගරු කටයුතු පිරිසක්. නැතුව මේ කෑව බිව්වා කියලා ගෑනුන්ට ගහන "මළ පෙරේතයො" නෙමෙයි. (නි)
චන්දි.නංගි..?. කියන්න එපැයි වේලාසනින් .දැන්වත් ඔය කොහිල වලවල් ගානේ රස්තියාදු නොකර කොල්ල බලාගන්න ..ඔන්න මං ගියා...!(නදී)
රූපවති, අපි කරගෙන තියන පින් හොදටම ඇති. (නි)
පහන් මල්ලි ..ඔයා හොද මිනිස්කම් වලින් පිරුණ දරුවෙක්...ඒ ගරුත්වය ඔයාගේ දෙමපියන්ටයි ගුරුවරුන්ටයි හිමිවෙනවා වගේම...ඔයාගේ දිවිය පුරාවටම උතුම් මිනිස්කම් බැබලේවා ...ඔයාගේ මතු පරපුරත් ඔයා ගිය මගෙහිම යන්නට වසනා වේවා ...!!(නදී)
මට චන්දිට එකපාර රු. 30,000/= ගෙවන්න අමාරුයි. ඒක නිසා ඒ ණය මට ටික ටික තමයි ගෙවන්න වෙන්නේ.(නදී)
කාන්තා ඇමතිවරු ,කාන්තා හිංසන පිළිබඳ කෙස් පැලෙන තර්ක විතර්ක,කාන්තා කාර්යංශ, නිලධාරී, වැටුප්, වාහන, කාන්තා දින සැමරුම් උත්සව,මේ සේරම නිකම්ම නිකම් සල්ලි කන 'ජිල්මාට්' විතරයි කියලා තේරෙනවා නේද. තවමත් අසරණ කාන්තාව අසරණමයි. (නි)
කොපමණ සංවිධාන තියෙනවද,එහෙත් ඒවායේ පිහිට ලබා ගන්න මේ කාන්තාවන්ට දැනුමක් උගත්කමක් නැහැ වගේ කරුණාකර මෙවැනි කාන්තාවන්ට උදව් කරන්න! (ස)
අපේ රටේ 50% කටත් වඩා අයගේ තත්වය ඕක තමයි! නූගත්කමයි! දුප්පත්කමයි! සමග එන මත්පැන් භාවිතයයි යනාදිය තමයි මේවට ප්‍රධාන හේතු! බොහෝවිට මේ දෙන්නාගෙම දෙමව්පියනුත් මෙසේම වෙන්න ඇති!ඒ වගේම යම් දිනක මේ දරුවත් වැඩිහිටියන් වුණවිට 90% වඩා වැඩි හැකියාවක් තියෙන්නේ මෙසේම වීමයි! රූපවතී අක්කේ ඔය යකාගෙන් ගූටිකාල තියන්නේ චන්දී වෙන්න ඕනේ! මතකද අනුරාධපුර බැංකුවක් ලඟදි සල්ලි අරගෙන මාට්ටු උනා! යකා මහත්තයට ආරංචිවෙලා තියෙන්නේ දැන්! (ස)
රූපවතී අක්කගේ කතාව ඇත්ත .එත් මතට තිත හරියට ක්‍රියාත්මක වෙනවනම් ගෙවල්වල මෙවන් ප්‍රශ්න බොහෝදුරට අඩුවෙනවා.මිනිස්සු හම්බ කරන තුට්ටු දෙකෙන් කනමදයා වගේ බීගෙන හතර ගාතෙන් ගෙදර ඇවිත් ගෙදර බඩු පොඩිකරලා ගෑණිට ළමයින්ට ගහලා දරුවන්ගේ අනාගතේ විනාශ කරලා දානවා .අන්තිමට බිරිද දමල ගහල වෙන මිනිහෙක් එක්ක හෝ දරුවන්ගේ අනාගතය ගැන හිතල රට යනවාා අන්තිමට දරුවෝ තවත් තනිවෙනවා අසරණ වෙනවා . ගෑණු දරුවෝ යන්තම් අවුරුදු 15-16 වෙන කොට මොකක් හරි රස්සාවක් හොයාගෙන දුක් ඉවසා ගන්න බැරුව කවුරු හරි එක්ක දීග යනවා. නැත්තම් ඒ තාත්තලා අතින්ම අපයෝජනයට ලක්වෙනවා. මම නම් මේවා දකින්නේ රටේ මත්ද්‍රව්‍ය පිළිබඳ හරි තීරණයක් නොගැනීම හා ජාවාරම් කරුවන්ට නිසි දඩුවම් නොදීමයි. (ස)
ඒ මනුෂ්‍යාගේ නම යකා මහත්තයලු. නෝනා කේන්තියෙන් නිසා මහත්තය කෑල්ල අමතක කරලා දාලා. ගණන් ගන්න එපා. (නි)
ඔව් දර්ශන ..මටත් කියන්න තියෙන්නේ ? අපේ ලංකාවේ තියෙනවා නේද, කාන්තා සමිති කියලා සමිති. මෙවැනි සමිතිවල ඉන්න කාන්තාවෝ තමා මේ වගේ දේවල් ග්‍රාමීය මට්ටමින් සොයා බලා කාන්තාවන්ට සිදුවන හිංසන අවම කිරීමට වැඩ පිළිවෙලක් සාකච්ඡා කරන්න ඕන... මට නම් ඕව ගැන එපමණ වැටහීමක් නැහැ ....?නැතිව කාටවත් බැණ බැණ හිටියට කවදාවත් මේ ප්‍රශ්නේ විසදෙන් නැහැ ..? අපිට දකින්න වෙන්නේ හැමදාම උදේට...කොහේහරි මන්නෙන් කොටලා ගිනිතියලා මරපු, ගහල ඔලු පලපු ...අසරණ කාන්තාවෝ සහ අසරණ දරු පැටවුන් ...?අනික තවත් දෙයක් තමා අපේ රටේ ඉන්නවා ගොඩක් පවුල් සෞඛ්‍ය සේවිකාවෝ මෙයාලටත් පුළුවන් සේවයක් කරන්න දුප්පත් පවුල් වල දරුවන්ගේ සෞඛය ගැන සොයා බැලීම. එවිට දරුවන්ගේ රැකවරණයත් නිතර දෙමාපියන් කැපවීමෙන් සොයා බැලීමකට පත්වෙනවා ..මේවා තමා අදට ගැලපෙන්නේ .. ග්‍රාමීය මට්ටමින් ....? (ස)
පහන්,මම ඔයාට හිස නමා ආචාර කරනවා. ඒක තමයි පිරිමින් නොදන්නා සත්‍යය. ,මා මුළු හදවතින්ම ඔයාගේ ජිවිතයට සුබ පතනවා, ඔයාගේ නෝනා කව්රු වුණත් එයා හරි වාසනාවන්තයි !!!! (නි)
මොනවාද මේ රුපවති කියන පිස්සු වති කියන්නේ ඕපා දුප මල්ලක්.(නදී)
සරත් මල්ලි, එහෙනම් ඔයා මට කිවුවේ චන්දි ඔයා දිහාවේ ඇහි පිල්ලන් නොගහා බලාගෙන හිටියා කියලා ඊයේ බස් එකේදී. රු.484ක් දෙද්දී ..? ආ..චන්දිද මේ සේරම ඔයාට කිවුවේ ..? හරි හරි දැනුයි තේරුනේ (නි)...?
රූපවති අක්කේ,ඔයා දන්නවද වැඩක්?බැංකුව ළගදි මට සල්ලි දුන්නේ සරත්නේ! ඉතින් එයාගේ වයිප්ට අහුවුණා හැබැයි එයා මට දුන්නේ කලින් මගෙන් ගත් ණයක්. (නි)
මෙයට හේතුව නුගත්කම (නි)
මෙය ඇත්ත සිදුවීමකි. අපේ පවුලේ 8 සිටී. මම බාලයාය.මා කුඩා කල වයස 2 දී,අපේ අම්මා වස බී සිය දිවි නසා ගත්තා. එයට හේතුව තාත්තා හැමදා බීගෙන ඇවිත් අම්මට ගහන නිසාලු,මෙය පසු කලක මම පවුලේ උදවියගෙන් දැන ගතිමි,අපේ පවුලේ ළමයි ටික හරියට පඩි පෙළක් වගේ,අන්තිමට අපේ නෑදෑයෝ ටික ළමයි ටික බෙදා ගත්තලු.නමුත් මෙයාල අපිව තියාගෙන තියෙන්නේ වැඩකාරයෝ විදිහටලු,කාලයත් සමග මා තරුණ වියට එලබිනි. කෙසේ හෝ පහු කලක අපේ තාත්තා අපේ සහෝදරයන්ගේ ගෙවල් වලට බීගෙන ඇවිත් කෑ ගස ලැජ්ජා කළ වාර අනන්ත විය.පාසල් වයසේ පසු වූ මා හට මෙය හරිම කණගාටු දනවන සිදුවීමක් විය.අවසානයේ ඔහු රෝහලක සිටියදී මිය ගියේය. අප පවුලේ සියල්ල මේ වන විට ඉතා හොද ජීවිත ගත කරති. (නි)
තාත්තා උනත් මා බත සරි කරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින....// මට පෙර උරුම ආලය දරු කැළට දෙමින් රෑ දාවල් දෙකේ වෙහෙසන විටදි නොමින් ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්.... බැතිබර හැගුම් දනවන නුඹගේ සුවද අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබද අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස නොහැගෙයි ළගින් හිද මගෙ හිස සිඹින සද....(පණ්ඩිත් අමරදේව )(නදී)
හැමෝගෙම අදහස් ඉතාම හොදයි. නමුත් දරිද්‍රතාවය යම් ප්‍රමාණයකට හෝ අඩු වුවහොත් මේ ප්‍රශ්නත් ඉබේම අඩුවේවි (නි)
අපි ජීවත් වෙන සමාජය අද දෝතට අරන් මිරිකුවොත්..?වැක්කෙරෙන්නේ ඔන්න ඔය වරුණ මල්ලි කියපු ටික තමයි. හිතට දුකයි. ඒත් අපිට කළයුතුව ඇත්තේ තම තම පවුල්වත් රැකගැනීම පමණයි. (නි)
ගමේ දුප්පත් මිනිස්සුන්ගේ ,සියයට 80 ක්ම ගත්තොත් හැමදාම එකම තැන. දුප්පත් කමින් පෙළෙන්න ප්‍රධානම හේතුව මත් වතුර පානය සහ දුම් පානය. දවසට උපයන මුදල දරුවෝ වෙනුවෙන් හරි පවුලේ දියුණුව වෙනුවෙන් හරි වැය කරනවා නම්, මේ තරම් අසරණ වෙන්නේ නැහැ මිනිස්සු. අනේ කරුණාකරලා මත් වතුර හා සිගරට් මිල අධික ලෙස වැඩිකරලා ගමේ බඩු වල මිළ අඩු කරන්න ඕනෑ (නි)
ලංකාවේ ඉන්න තරමක් යක්කුනේ ඉන්නේ. එනිසා හැමෝටම යක්කු ගහනවා (නි)
ඔය වගේ කතාවක් පරණ කෙටි කතා පොතක කියෙව්වා. ඒකේ කාන්තාවක් අසනීපවෙලා රෝහලට එනවා දොස්තරලට ලෙඩේ හරියට හොයා ගන්න බැරිවෙනවා. ලෙඩේට හේතුව තමන්ගේ ස්වාමිපුරුෂය ගහපු පාරක් නපුරු තැනක වැදිලා. නමුත් මේ කාන්තාව තමන්ගේ ස්වාමිපුරුෂයාට කරදරයක් වෙයි කියලා ඇත්ත කියන්නේ නැහැ. අන්තිමේදී කාන්තාව බොහොම දුක් විඳලා මියයනවා. කොහොම වුණත් ස්වාමිපුරුෂයා ඇවිල්ලා අඩ අඩා දොස්තරට ඇත්ත කියනවා. මට මතක විදියට ඒක ඇත්ත අත්දැකීමක්. එහෙම දේවල් මේ යුගයේදීත් සිදුවෙනවා කියන එකනම් කණගාටුවට කාරණයක්. මට හිතෙන විදියට ජනතාව තමන් අදහන ආගමෙන් ඈත්වීම මෙයට හේතුවක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ආගමික නායකයන්ටත් මේ ගැන වැදගත් වගකීමක් තියනවා. (නි)
හොඳ කාන්තාවක් , ඔය මිනිහා වඳින්න ඕනෑ බිරිඳට. ඉස්පිරිතාලයකට යන තරමට ගහලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔහු බීලා ඉඳලා ඇත්තේ . (නි)
මටත් තියනවා මේ වගේම අත්දැකීමක්. අපේ තාත්තා රජයේ ටෙක්නිකල් කොලේජ් එකක විදුහල්ති කෙනෙක්. අම්මා ගුරුවරියක්. අපේ තාත්තා ඇන්ටි කෙනෙක් (ටීචර්) එක්ක අනියම් සම්බන්දයක් තියනවා. ඒ ඇන්ටි තාත්තගේ පරණ යාලුවෙක්ගේ නෝනා.අපේ තාත්තට විදුහල්පති වෙන්න උදවු කලෙත් ඒ මාමා. අපේ අම්මාත් අපිත් මේ දේ දන්නවා. තාත්තා හැමදාම ඒ ඇන්ටිත් එක්ක ගතකරලා ගෙදර එන්නේ හොඳටම බීලා. ඇවිත් අම්මට ගහනවා. අපිටත් ගහනවා. හොදටම බනිනවා. අපට ගහ ගහා ෆෝන් එකෙන් ඒවා තාත්තගේ යාලු ඇන්ටිට අහන්න සලස්සනවා. කීප දවසකම මහ රෑ අපට ගහලා ගෙදරින් එළියට දාලා තියනවා. එදාට නංගීත් මමත් මල්ලීත් අම්මාත් ගෙයි එළියට වෙලා එලිවෙන කම් අඞ අඞා ඉන්නවා. අපට කන්න, ඉගෙනගන්න වියදම් කරන්නේ අපේ අම්මා. ඇය මේ ලෝකේ උතුම්ම මවක්. අපට දුකක් වෙන්න දෙන්නැතිව ආදරෙන් බලාගන්නවා. අපිට උගන්වන්න අම්මා අපා දුකක් විඳින්නේ. අම්මා තාත්තට විරැද්ධව පොලිසි යන්නෙත් නැහැ. අපට ලැජ්ජා වෙයි කියලා . තාත්තගේ නපුරු පහරදීම් වලින් අපේ අම්මත් වෙලාවක මැරෙයි කියලා හරි බයක් අපට තියෙන්නේ. මේ ලෝකේ ඉන්න නපුරුම කෙනා අපේ තාත්තා කියලයි මට හිතෙන්නේ. තාත්තා අපෙන් අයින් වෙලා අර ඇන්ටිත් එක්කම ඉන්නවා නම් අපි හැමෝම කැමතියි. ඒත් එයා එහෙම කරන්නෙත් නැහැ. (ස)
රුපවති ඔව් අපිටත් තේරෙනවා අමනුස්ස ලේ නෑකමක් තියනවා කියල ..දුවෙක් කිවේ ..(අ)
මම නම් අපේ ගම පළාතේ යක්ෂණියක් මිනිහෙකුට ගහපු කතාවක් ඇහුවා. ආරංචි ආකාරයට හොදටම ගහලා උණුවතුර ගහලා ඇගත් පුච්චලා.අන්තිමේදී පොලිසියට අල්ලල දීලා මිනිහා තමන්ට ගහනවා කියා. කාන්තා හිංසනය විතරක් නොවෙයි මිනිසුන්ටත් සමහර ගැහැණුන් හිංසා කරනවා.(නදී)
ඔව්.,පහන් .ඇත්ත වෙන්නැති !!!සත් පුරුෂයන් අතරේ අසත් පුරුෂයිනුත් ඉන්නවානේ !!! සමහර පිරිමි ඇඟට පතට නොදැනී ගැහැණුන්ට කියලා හම්බ කරවන් කනවා. ලැජ්ජාවේ බැහැ. දරුවන්ගේ බර කරට අරන් පිරිමියෙක් වගේ වැඩ කරන ගැහැණු මේ අපේ රටේ ගොඩක් ඉන්නවා !!! ''අත්දැකීමෙන් කියන්නේ'' (ස)
දිසානායක අයියේ, ටිකක් ඊරිසියා හිතුනා ඔයා එහෙම කියද්දී...? (නි)
මේ තැනැත්ති බොරුවක් කියල නෑ. ඒ මිනිහා යක්කෙක් වගේ,ඇත්තනේ. අනික අපි ඔකේ අනික් පැත්ත දන්නේ නෑ ..නේ.ගැහැණු ඇත්තොත් දැනගන්න ඕන මිනිහා බීගෙන ආවම,මොකුත් ප්‍රශ්න ඇති නොකරගන්න.අවවාද,අනුශාසනා,හා තර්ජන පසුද මිනිහා හොද සිහියෙන් සිටින විට කතා කල යුතයි.(නදී)
ගුටි කාලත් සැමියාව ආරක්ෂා කරනවා? අනේ මෙහෙම කාන්තාවකටනේ මේ පව්කාරයා කරදර කරලා තියෙන්නේ. (නි)
ලංකාව, ඉන්දියාව, පකිස්ථානය වගේ රටවල කාන්තා හා ළමා හිංසනය තදින් තියෙනවා. ඉන්දියාවේ 'සති පුජාව' තවමත් හොරෙන් කෙරෙන බව කියවෙනවා. අවුරුදු කීපෙකට පෙර පකිස්තානයේ එක්තරා ගමක තරුණයෙකු කල වරදට දඬුවමක් හැටියට ඒ තරුණයාගේ නංගිව දුෂණය කරන්න ගමේ තරුණයන්ට අණ කළා ඔවුන්ගේ ගෝත්‍රික සභාවෙන්. සිරි කියනවා වගේ ආගමික පුජ්‍ය පක්ෂයට විශාල මග පෙන්වීමක් කල හැකියි. මෙවැනි අඬ දබර පවතින ගැමි පවුල වලට නිසි මඟ යන්න. සිංගප්පුරුව හෝ එවැනි රටක 'කාන්තා සංවිධාන' තියෙනවලු මෙවැනි කාන්තාවන්ට පිහිටවෙන. ඒ සංවිධානවල සාමාජිකාවෝ අදාල ගෙවල්වලට ගිහින් ස්වාමි පුරුෂයාට තර්ජනය කරනවලු 'මීට පස්සේ බිරිඳට ගහල තිබුනොත් අඬු කඩනවා' කියල. අපිත් හදමුද එහෙම සංවිධානයක්වත්? (ස)
සිරි, මටත් තියෙනවා දෙයක් කියන්න කාන්තාවක් හොදටම පිච්චිලා ගේනාවා රෝහලට.ඒ කාන්තාව කිව්වේ ලාම්පුව පෙරලුනා කියලා ඒ කාන්තාව පුංචි දරුවෙකුට කිරි දෙන අම්ම කෙනෙක් .කිරි එරිලා අඩනවා. වාට්ටුව දෙකක් වෙන්න.කෙසේ වෙතත් දොස්තර මහත්වරු හොඳ කරන්න බැරි බව.ලෙඩටම කිව්වා .අන්තිමට කියන්න දෙයක් තියෙනවාද කියලා අහන කොට තමා කියල තියෙන්නේ පුරුෂයා මට ගිනි තිබ්බ කියලා. අදටත් මට දුක ඒ ලෙඩා කියපු දරු නැලවිලි ගීත.ඒ දරුවට මස 3ක් විතර ඇති. (ස)
නුගත් මෝඩයෝ මත්පැනින් කාන්තා ජීවිතය කර්කශ කාන්තාරයක් කර මුළු පවුල් සංස්ථාවම කාලකන්නි කරයි .(නදී)
නැතුව ..නැතුව ..! දිසානායකලා වගේ අයගෙන් අපි කොහොමද නැත්නම් බේරිලා මේ රටේ ලෝකේ ජීවත් වෙන්නේ?ඒ ලේ නෑකම ටිකක් ශරීර ආරක්ෂාවට තියා ගන්න හිතුනා (නි)
අනේ මොනවද මේ උබල දොඩවන්නේ? වැඩක් ඇත්තේම නැද්ද? පත්තරේ කියෙව්වා නම් වැඩක් බලාගෙන ඉන්නවා. නුගත් කම පර්දෂණය කරන්නේ නැතිව.(නදී)
පහන්, නිකන් බොරු කතා කියන්න එපා.(නදී)
සිද්දික් රුපවතී ...කියන්නේ ..? අර මහා සොහොන් මාමගේ මල්ලිගේ දුව බැදලා ඉන්න කෙනාගේ ...බාලපුතාගෙත් බාලම නංගිගේ... පුංචි අම්මගේ, දුවගේ... දුව! (නදී)
මොන කාන්තා සංවිධාන‍්, නීති උපදේශක සේවා, පොලිසි තිබුනත් පැමිණිලි විභාග කරද්දී දෙන්නා සමාදාන වෙයි. ගෙදර ගොස් බිරිඳට තඩිබායි පැමිණිලි කලාට දඬුවමක් විදියට. මොන සංවිධනේටද පුළුවන් පැය 24ම කාන්තාව ලඟට වෙලා ඇයව ආරක්ෂා කරන්න? මේ වගේ පිරිමි පුනරුත්ථාපනය කරන්න ඕන. නැත්නම් හැම ගැහැනියකටම නොමිලේ සටන් කලාවක් උගන්වන්න ඕන. විවාහ වෙන්න නම් කලු පටිය ගන්න ඕන කියල නීතියක් ගෙනාවොත් විතරයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. 'ඉනෆ්' චිත්‍රපටය බලන්න. ගහන්න ගහන්න වඳින්නේ මෝඩයෝ කියල ප්‍රස්ථා පිරුලක් තියෙන්නේ. (ස)