දරු ප‍්‍රසූතියක් සඳහා රෝහලට ඇතුළත් කර සිටි සිය බිරියගේ තනියට රෝහලෙහි රැුඳවීමට පෙම්වතියක් බව කියන තරුණියක ගෙන ආ ස්වාමි පුරුෂයෙකුට නීත්‍යානුකූල බිරියගේ සහෝදර සහෝදරියන්ගෙන් දෙනෝ දාහක් බලා සිටියදී රෝහල අසල මහා මාර්ගයේ දී අපූරු සංග‍්‍රහයකට මුහුණදීමට සිදුවූ අතර එය නතර කිරීමට හලාවත පොලීසියට සිදුවූ බව කියති.
මෙම ස්වාමි පුරුෂයා ඔහුට නීත්‍යානුකූල බිරිය තෙවන දරු ප‍්‍රසූතියට සූදානම්ව සිටි අතර පසුගිය කාලයේදී ඒ අතරම ස්වාමි පුරුෂයා වෙනත් ඇසුරක්ද පවත්වා ගෙන යන බව දැනගත් බිරියගේ නැදෑයෝ එම සම්බන්ධතාව නතර කිරීමට කිසියම් උප්පරවැටියක් යොදමින් සිට ඇත.
එම සම්බන්ධය හෙළි නොකර දිගටම පවත්වාගෙන යාමට ස්වාමි පුරුෂයා උප්පරවැට්ටි යොදා ඇති අතර විවාහක බිරියට මෙය දරුණු ආකාරයේ හිත රිදවන්නක් වුවත් සිය සැමියාගේ මෙම හොර වැඬේ අල්ලා ගැනීම ඇයට විශාල ප‍්‍රශ්නයක් වී ඇත. මේ බව ඇය සිය සහෝදර සහෝදරියන්ටද පවසා සිටියත් ඔවුන්ට එම බැඳීම හෙළිකර ගැනීමට නොහැකි වන ආකාරයෙන් දිගටම සැමියා කටයුතු කර ඇත.
මේ අතර බිරිය දරු ප‍්‍රසූතිය සඳහා රෝහල් ගත කර ඇති අතර රෝහලේ වෛද්‍යවරුන් දන්වා ඇත්තේ ඇය සිසේරියන් සැත්කමකට භාජනය කළ යුතු බවත් ඒ නිසා ඇගේ උදව්වට කෙනෙකු ඇය සමඟ රැඳවිය යුතු බවත්ය.
මෙහිදී සැමියා කාන්තාවක් ඉන්නවා ඇය ගෙනා හැකි බව සිය බිරියට දන්වා සිටි අතර මෙහිදී බිරිය සැමියා ගෙන එන්නේ ඔහුගේ අනියම් බිරිය යයි සිතා මේ බව සිය ඥාතීන්ට දන්වා ඇත. ඔවුන්ද මේ අනුව විමසිලිමත්ව සිටි අතර සියලූ තතු හෙළිකර ගෙන සැමියා කාන්තාවක් රැගෙන රෝහල කරා එන අතර මග රැුකසිට ඇය නතර කර ප‍්‍රශ්න කළ විට බියට පත් ඇය තමා මෙම සැමියා සමඟ අනියමින් පවුල් කන බව පිළිගත් අතර එහිදී කෝපයට පත් සහෝදර සහෝදරියන් දෙදෙනාටම ඇඟ රත්වන ලෙසින් සංග‍්‍රහයක් කර ඇත.
මේ අවස්ථාවේදී එම ස්ථානයෙන් ගිය පොලිස් නිලධාරීන් පිරිසක් සිද්ධිය දැක ඔවුන් පොලීසියට ගෙන ගිය අවස්ථාවේදී ද අනියම් බිරිය කියා ඇත්තේ තමාට මෙම පුරුෂයා අවශ්‍ය බවයි. පසුව එය විසඳා ගන්නා ලෙසට අවවාද කර ඔවුන් මුදාහැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මෝඩ සැමියෙක්! (නි)
පව්කාර ගැහැණු, ඊළඟ ආත්මේ අපායට යන්න පෙර කසාද බිරිඳවයි අසරණ දරුවොයි මිහිපිට අපායක දමා ඉවරයි.නොසන්ඩාල සැමියාට වෙනත් අපායක් හදන්න වෙයි.මෙවැනි අසරණ තත්වයට පත් වුණ කාන්තාවෝ වෙන්න ඕනේ දරුවන්ව කාට හරි බාර දීලා අරාබියට වහල් සේවයට යනවා ඇත්තේ. (බ)
මම දකින විදියට මෙතන වැඩිපුරම වරදකරු ගැහැණිය නොව මිනිහායි. මෙම ගැහැණියට කරදර කළ එක වැරදියි. (නි)
මේවට තමා කියන්නේ ඉල්ලගෙන කනවා කියලා (නි)
මෙහෙමත් මෝඩ මිනිස්සු.(හේ)
සමාන අයිතිවාසිකම් ලෑබිය යුතු නිසා කාන්තාවකට පහර දීමේ කිසිදු වරදක් නැත! (බ)
ගොඩේ මිනිස්සු ටිකක්. නුතන සමාජයේ මෙවැනි දේවල් සාමාන්‍ය දේවල්. මෙහි වරදක් නැහැ (බ)
මෙහෙම සමාජයක් තමයි ඉදිරියට බලාරොත්තුවිය හැක්කේ.සමාජය පිරිහිලා.(හේ)
සමහර පව්කාර කාන්තාවන් ඉපදෙන්නෙම අන් සතු පුරුෂයෙකු පතාගෙන. අපේ ආගමට අනුව නම් ඉතින් ඊළඟ ආත්මයේ කෙලින්ම අපායට තමයි. (බ)
බිරිදට සහෝදරියෝ ඉන්නවනම් ඒ කෙනෙකුට රෝහලේ නතරවෙන්න තිබුනනේ. පිරිමි හෝ වේවා ගැහැණු හෝ වේවා වෙන කෙනෙකුගේ ආදරේ පතන්නේ අවශ්‍ය ආදරය ගෙදරින් නොලැබෙන හන්ද. (රේ)
හොර අඹුව, අර අසරණ කාන්තාවගේ සහ දරුවන්ගේ ජීවිතය අපායක් කරලා ඉවරයි. තමන්ගේ බිරිඳට ද්‍රෝහී වී වෙනත් කාන්තාවන් පසුපස ගිය පව්කාර සැමියා ස්වර්ගයටද යන්නේ...? (ර)
පිරිමියා කසාඳ බැඳපු බව දැන දැනත් මේ වගේ නොමග යන ගැහැනුන් ගැන මොනවා කියන්නද ? විලි ලජ්ජා නැතුව තව අයිතිවාසිකමුත් කියල , ලජ්ජා බය නැති කමද ? නැත්නම් වල් කමද ? මොනවා වුනත් කාන්තාවකට පහර දෙන එකනම් බොහොම කැතයි (බ)
සරසි මේ කාන්තාව අපායට යනවා නම් නැවත ඉපදිලා එන්න වෙන්නේ ලංකාවටම තමයි , ඒ මොකද අපාය තිබෙන්නේ ත් ලංකාවේම තමයි { කොළඹ කොටුව කිට්ටුව } (රේ)
දරුවෝ 3 ක් ඉන්න තාත්තා කෙනෙක් නේද මේ (හේ)
අපායෙ කැකැරීම අනිවාර්යවේ, මින්පසු මිනිස් ආත්මයක් ලැබුවහොත් නපුන්සක වීම, සමලිංගිකයන් වීම, ස්ත්‍රී ආත්ම පමණක්ම ලැබීම, පුරුෂ ආත්ම නොලැබීම පර ස්ත්‍රී/පුරුෂ සේවනයෙහි විපාක වේ. (ර)
මේවට අනෙක් අයට බැනලා වැඩක් නැහැ. බිරිඳ දැනගන්න ඕනෑ සැමියා තමන් ළඟ තියාගන්න (නි)
නුවන්ගේ සහෝදරියකට මේ වගේ දෙයක් වුණා නම් ඔය විදියට කියලා කරබාගන්නවාද? (නි)
නුවන් රත්නායකට අම්මලා, සහෝදරියන් නැද්ද? (නි)
සැමියා මෙච්චර මෝඩද? (නි)
මේක තව කෙනෙක් සතුටු කිරීමක්. ගුටිබැට දෙන්න තරම් දෙයක් නොවෙයි. (නි)
ලංකාවේ අනියම් ගැහැණු පිරිමි සම්බන්දතා සාමාන්‍ය දෙයක් ලෙස පෙනී යනවා. එතරමට බහුලව සහ ගෙදරට හොරෙන් වුනත් සේවා ස්ථානයට රහසක් නොවන ලෙස ප්‍රසිද්ධියේ මේවා කරගෙන යනවා.(හේ)