දකුණු පළාතේ කඳුකරයට ආසන්නව පිහිටි ප්‍රසිද්ධ දිය පීල්ලකි. පසුගියදා මෙහි දිය නෑමට ආ කාන්තාවක් ඒ අසල බාල්දියේ වූ සිය සැමියාගේ රෙදි සෝදමින් සිටි අතර එතැනට කලබලයෙන් පැමිණි අසල්වැසියකුට ඇය කීවේ “අපේ මනුස්සයා නාන්න ඇවිත් කවදාවත් නැතුව අද රෙදිටික මට හෝදන්න බාල්දියේ දාලා ගිහින්. රෙදි හොඳටම කිළුටු වෙලා” යනුවෙනි.
ඇය සෝදන රෙදි දෙස බලා සිටි අසල්වැසියා මවිත වූයේ මොහොතකට පෙර තමා බාල්දියට දමා ගිය රෙදි ඇය සෝදන බවක් පෙනුණු හෙයිනි. “මම එන කොට ඒ මනුස්සයා නාලා සුදු රෙදි ටිකත් හෝදගෙන ගියා. මම බාල්දිය ඉල්ලගෙන ඔය සුදු රෙදිටික ඕකට දාලා මළගෙදර පැත්තෙ ගිහින් ආවේ. නාගන්න. ඔය මගේ රෙදි. අඳින්න ගෙනාපු සරමත් වතුරේ දාලා” ඔහු කීමෙන් ඇයට දෙවියන් සිහිවිය. රෙදි ටික යළි බාල්දියට දැමූ ඇය “අනේ, අයියෙ මේක කාටවත් කියන්න එපා” කීවත් පහුවදාම ගමපුරා ගිය ආරංචිය දැන් පත්තරේටත් ගිහින්ලු.
(තිහගොඩ - උපසේන ලියනගම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක ගැහැණු කෙනෙක්ට වෙන පොඩි අත්වැරදීමක් , ගම වටේ කියා කියා යන ගැහැණු වැඩ කරන පිරිමියි කියල හිතාගෙන ඉන්න නපුන්සකයෝ වගේම ඒවා තලු මර මර අහන නපුන්සකයොත් කොහොමත් ගම්වල වැඩිපුර ඉන්නවා. (බ)
අසල්වැසියට කරනු කියල තියන එක හැබෑවක්මයි. ඔය දේ හැමදාම කරනවා ඇති එ්ත් වැඩේ පත්තු වුනාම කියපු කතාව නම් කවුරුවත් පිළිගන්න එකක් නැහැ. (බ)
ඕවත් වැඩද? ඔය දේශපාලකයෝ කොච්චරවත් අනුන්ගේ රෙදිමනේ අපුල්ලන්නේ (නි)
තම ස්වාමි පුරුෂයාගේ ඇඳුම හඳුනාගන්න බැරි බිරිඳට ස්වාමියා කවුද කියලත් හඳුනාගන්න බැරිවෙයි මෙහෙම යනකොට. මේවට නම් කියන්න කිසිම දෙයක් නැහැ. ඔය විදිහට තව කීදෙනකුගේ රෙදි හෝදලා තියනවද දන්නේ නැහැ. (නි)
ඇති ඔයින් ගියා! (නි)
ඇති ඔච්චරටම වැරදෙනවා නම්... (නි)
අසල්වැසියා හොඳ නිසාම හොඳයි (නි)
අසල්වැසියාට තිබුණේ රෙදි ටික හෝදලා දීලා ඉවරවුණාම කියන්නනේ (නි)
මමත් චාමිකගේ අදහස අනුමත කරනවා.