IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සැමියා බත් එක්ක කොරෝනා කන්න ගිහින් බිරිඳ බයවෙලා

කොරෝනා වයිරසය පිළිබඳ මේ දිනවල ජනතාව මහත් සේ බියට පත්ව ඇති අතර සුදු හමක් අති අයකු දුටු පමණින් එම ස්ථානයෙන් හිමින් සීරුවෝ මාරුවී යාමට සමහරු හුරුවී සිටිති. කෙසේ වුවද රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශනය  වෙද්දී කොරෝනා රෝගය ගැන කියන වෙන විට බත් පිඟාන ද රැගෙන රූපවාහිනිය ඉදිරියට පැමිණි තම සැමියා එළවා දැමූ බිරිඳක් පිළිබඳ පුවතක් දකුණේ කුරුඳුවලට සම්බන්ධ ගමකින් වාර්තාවේ. 


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


 මේ දිනවල සෑම නිවසකම පාහේ රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශනය වන අවස්ථාවට කොතැනක සිටියද සැමොම රූපවාහිනිය ඉදිරියට දිව යන්නේ වෙන කිසිවක් නිසා නොව මේ වනවිට කොරෝනා රෝගීන් පිළිබඳවත් අලුතෙන් රෝගීන් හමුවන ප්‍රදේශ පිළිබඳවත් එහි ව්‍යපෘතිය පිළිබඳවත් අදාල තොරතුරු දැනගැනීම සඳහාය.


 පසුගිය දිනෙක තම සේවය නිමකර නිවසට පැමිණි පුද්ගලයකු  ඇඟපත සෝදා ආහාර ගැනීමට බත් පිඟාන බෙදාගෙන කෑම ගැනීමට සුදානම් වනවාත් සමඟම ප්‍රවෘත්ති විකාශනය ඇරැඹිණි. එහි  කොරෝනා රෝගීන් ගැන කියවෙමින් තිබු අතර බිරිඳ සාලයේ පුටුවකට බරවී රූපවානිය නරඹමින් සිටියාය. 


ඔහු කළේ වහාම කෑම පිඟාන ද රැගෙන ප්‍රවෘත්ති බැලීමට සාලයට පැමිණ රූපවාහිනිය අසලම තිබූ පුටුවකට බර වීමයි. ඒ සමඟම බිරිඳ උරණවී කෑගසන්නට වූයේ  වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙසය. මේ තරම් දරුණු රෝගීන් ඉස්සරහට ඇවිත් කෑම කන්නේ කෑමත් එක්කම ඒ ලෙඩත් ඇඟට ගන්නේ මොන මෝඩයාදැයි ඇය විමසුවාය.


සැමියා මෙහෙමත් මෝඩ ගෑනු යැයි කියමින් කෑම මේසය වෙත ගියේ බිරිඳගේ හැටි දන්නා නිසාය.


 කෙසේ වුවද ඔහු මේ ගැන බිරිඳගේ නැගණියට පැවසීම නිසා සිද්ධිය කටින් කට ගිය අතර පවුලේ අය ඇය දකින විට  කට තදකරගෙන සිනහ වන බවත් එවිට ඇය සිදුවූ දෙය පිළිබඳ ලැජජාවෙන් ඇඹරෙන බවත් මෙය නංගිට පැවසීම ගැන  සැමියාට දොස් පවරන බවත් දැනගන්නට ඇත. 
(රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන)



අදහස් (0)

සැමියා බත් එක්ක කොරෝනා කන්න ගිහින් බිරිඳ බයවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site