IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සැමියා පාසලේ නඩු භාණ්ඩ ගෙදර ගෙනත් බිරියට යකා නැඟලා

මිදුලට ආ හිඟන්නකුට මාරු සල්ලි දීමට කාමරයේ දමා තිබූ සැමියාගේ කලිසම් සාක්කුවට අත දැමූ බිරියකට එහි තිබී කාන්තා ලේන්සුවක එතූ රන් මාලයක් හසුවීමෙන් යකා වැහුණු පුවතක් අසන්නට ලැබුණේ අකුරැස්සට නුදුරු ප‍්‍රදේශයකිනි. ගුරුවරියක වූ ඇගේ සැමියා තරුණ විදුහල්පතිවරයෙකි. විවාහ වී තෙවසරක් ගත වුවද ඔවුනට දරුවකු නොවීය. පසුගිය සති අන්තයේ සැමියා කුඹුරට ගොස් සිටි මොහොතේ ගෙදරට ආ හිඟන්නකුට මුදලක් දීමට යාමේදී අතට හසුවූ මෙම ලේන්සුව සහ මාලය ගැන ඇයට සැකයක් ඇතිවූයේ පාසලේ වෙනත් සබඳතාවක් ගැන කලින් ඉව වැටී තිබුණු හෙයිනි. දැඩි කෝපයෙන් හිඟන්නා එලවා දැමූ ඇය සැමියා එනතුරු බලා සිටියේ හොඳ අඩව්වක් අල්ලන්නටය. එහෙත් මේ ගැන ඇසූ විට සැමියා සිනාසෙමින් කීවේ පාසලේ ඉහළ ශ්‍රේණියක සිසුවකු හා සිසුවියක අතර මේ බඩු හුවමාරු වී ඇති හෙයින් ඒ පිළිබඳ නඩුව විමසීමට ගිය තමා මේවා නඩු භාණ්ඩ ලෙස අත්අඩංගුවට ගත් බවත් අමතක වීමකින් ගෙදර ගෙනැවිත් ඇති බවත්ය. ”ඇත්ත නැත්ත පස්සෙ දැනගන්නම්කො” තමාටම කියාගත් ඇය ඉවත්ව ගියේ නම් සතුටෙන් නොවේලූ.



අදහස් (0)

සැමියා පාසලේ නඩු භාණ්ඩ ගෙදර ගෙනත් බිරියට යකා නැඟලා

අසංක Friday, 18 May 2012 03:14 PM

එන්න එපා ඕන නැති කතා කියන්න...එ‍යා තමයි මට අර කිතුලට ගිය අන්කල්ට සිද්ධවෙච්ච කතාව කියල දුන්නේත්......

:       0       0

ෆාරු Friday, 18 May 2012 10:16 AM

ඔව් ගුරුතුමිය හොඳට හොයල බලන්න .නැත්නම් ටික දවසකින් ඔයාවත් අමතක වෙයි..

:       0       0

අමිල කටුනායක Saturday, 19 May 2012 05:20 PM

ලාල් සමග මමත් එකගයි....

:       0       0

ෂෙරීෆ් Friday, 18 May 2012 10:28 AM

මේ දවස්වල අපේ විදුහල්පති වරුන්ට මොනව වේගන එනවද මන්දා.........

:       0       0

සුසූ Friday, 18 May 2012 10:51 AM

ගහන්නයි වටින්නේ...

:       0       0

ආශා Friday, 18 May 2012 07:25 PM

උගතමනා ශීල්පය‍‍‍.....

:       0       0

ලාල් ගලබඩ.. Friday, 18 May 2012 12:11 PM

ගුරුවරයා, නඩුව බලවන්න වගේ හදල තියෙන්නේ.තැනට සුදුසු නුවන දාල තියෙන්නේ.

:       0       0

සන්ජීව Friday, 18 May 2012 11:20 PM

මෙන්න හොරු

:       0       0

හනුමා Friday, 18 May 2012 01:08 PM

ලොග් පොතේ සටහනක් දාන්න ඇති නේද ගුරුතුමෝ‍‍‍්‍.....

:       0       0

ඇන්ටන් Friday, 18 May 2012 02:13 PM

ගෙදර නඩුව බරක් නිසා වෙන්න ඇති වෙන අයගේ නඩු බලන්න හදන්නේ.කෝකටත් කල්පනාවෙන්

:       0       0

රජිත් Friday, 18 May 2012 02:15 PM

මිස් බලාගෙන.අද ලේන්සුව ගෙනාවා.හෙට අයිතිකාරිවත් ගෙනෙයි.

:       0       0

ජයනි Saturday, 19 May 2012 11:25 AM

හිනා යනවා තමයි....ඒත් පව්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site