වයඹ පළාත් රාජ්‍ය සංස්ථාවක ආරක්ෂක නිලධාරී තනතුරු සඳහා පසුගිය දා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විණි. ආයතනයේ තිබුණේ පුරප්පාඩු දෙකක් වුවත් අයැදුම්කරුවෝ තිහක් පමණ ඒ සඳහා පැමිණ සිටියහ. අයැදුම්කරුවන්ගේ අධ්‍යාපන සහතික සහ පළපුරුද්ද පිළිබඳව මෙහිදී සොයා බැලූ අතර පරීක්ෂක මණ්ඩලයේ ප‍්‍රධානියා අයැදුම්කරුවන්ගේ මුළු ලිපි ගොනුවම අතට ගෙන සෙසු අයට අදාළ සහිතක බෙදා දී පරීක්ෂාවට යොමු කෙරිණ.
එක් අයැදුම්කරුවකුගේ ලිපි ගොනුව අතට ගෙන විවෘත කිරීමත් සමගම එහි කහනූලක් සහිත සුරයක් දැකීමෙන් පරීක්ෂක මණ්ඩලයේ ප‍්‍රධානියා මවිත විය.
පරීක්ෂණවලින් සහ තරගවලින් ජය ලැබීම සඳහා තමා කවදත් පළඳින සුරය ලිපි ගොනුව තුළ වු බව දැකීමෙන් අයැදුම්කරුට ද තරු පෙනුණි.
‘‘කමක් නෑ ආයතනයේ ආරක්ෂාවට කලින් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න එපායැ නේද?’’ පරීක්ෂක මණ්ඩල ප‍්‍රධානියා කීවත් මෙය අවසන් වනතුරුම ඔහු සිටියේ දැඩි තැති ගැන්මකින්ලූ.
2025 ඔක්තෝබර් මස 08
1438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1304
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
470
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සම්මුඛ පරීක්ෂණයට ආ අයැදුම්කරුගේ ලිපි ගොනුවේ කහ නූලක් දැමූ සුරයක් තිබිලා
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 13 September 2016 07:23 AM
පසුගිය දිනවල මෙරටේ ප්‍රසිද්ධියට පත්වුණ කෙනෙකුගේ වැඩක් වෙන්නත් පුලුවන්. අසරණ අයදුම්කරුවාගේ ප්‍රතිඵලය ගැනත් අපට දැනගන්න පුලුවන්ද? (නි)
පිටිගල Saturday, 10 September 2016 06:14 AM
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)