බස්නාහිර පළාතේ කළුතර පැත්තේ ගමක උපන් ඔහු උපතින්ම ආඩම්බර කාරයෙකි. මැදිවියට ඒමත් සමග ගමේ ප‍්‍රධානියා ලෙස සිටීමට ආසා කළ ඔහු අත දිග හැර වියදම් කළේද විවිධ තනතුරු ලබා ගැනීමටය.
පසුගිය දා ප‍්‍රදේශයේ ස්වේච්ඡා ආයතනයක සභාපතිවූ ඔහු ඒ නිමිතිකොට සිය සගයන් ලවා පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කළේය. මේ සඳහා වූ සියලූ බරපැන දැරුවේ ඔහුය.
ඔහුගේ බිරිය මේ සියල්ල ප‍්‍රතික්ෂේප කළ ඉතා දැහැමි නිරහංකාර කාන්තාවක වූවාය. සභාපති හා බිරිය අතර වූ වෙනස අහස පොළොව මෙනි.
කෙසේ වෙතත් මේ පිළිගැනීමේ උත්සවයට ඔහුගේ ඉල්ලීම පරිදි බිරියද ආවාය. සභාපති තම අභිමානය විස්තර කරමින් උද්වේගකර කතාවක් කළ අතර ඊළඟට උත්සව සංවිධායක ද ඔහු ගැන කෙටියෙන් වර්ණනා කොට බිරිය ඉතා යහපත් තැනැත්තියක බව පවසමින් කීවේ මේ සභාපති කමට ඔහුට වඩා ඔහුගේ බිරිය සුදුසු බවකි.
ඒ සමගම මහා අත්පොලසන් නාදයක් ආවෙන් සභාපතිට තරු පෙනුණලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ මල්ලි !! මගේ ගෙදර රැස්වීමේදී මට ලැබෙන තනතුර මොකක්ද දන්නවද................? ඔයාට මාව මතක් වෙලා මන් ගැන ලිවට තැන්ක්ස් හොදේ !! ගාමිණීට ටිකක් ඉරිසියාව වගේ දැනුනා නේද...? අමතක කරන්න එපා ලෝකේ පලවෙනි ජනාදි පතිනිය අපේ ශ්‍රී ලංකාවේ හොදේ (දී)
අනේ දිසානායක මල්ලි,අපි සතුටින් විහිළු ලිය ලියා හිටියේ, දැන් මම ඔයාගේ මේ කවි පද ටික දැකලා හොදටම ඇඩුවා. මව් සෙනෙහසට කවි ගී ලියුවට, පිය සෙනෙහස ගැන බොහෝ වර්ණවත් නොවුවට දරුවෝ සහ බිරිද දන්නවා පියෙකුගේ සෙනෙහස මහාමේරු පර්වතයට වඩා සවිමත් කියලා.දරුවන් සහ බිරිදව සතුටින් සෙනෙහසින් නොපමාව දැකබලා ගන්න දේවාශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා (නි)
ඒ කයන්නේ චන්දි අක්ක දුක් විදලා හම්බ කරන සල්ලි හබියා නාස්ති කරනවා කියන එක නේද?දෙන්න ඕනේ දෙකකක් හීන් ඇට්ටේරිය කෝටුවක් කඩන් පස්සේ පාර හිටින්න (දී)
බිමට වැටුණු මුදල් පසුම්බිය යටතේ මා මගේ ඊමේල් එක පල කලා. බොහෝ දෙනෙක් ඊමේල් ඒවා තිබුනා. සැමටම ස්තුතියි .කවුරුවත් බැනලා තිබුනේ නැහැ. ඒකට ඊට වඩා සතුටුයි. (ස)
ෂුවර් එකටම චන්දිගේ ගෙදර රැස්වීමේදී චන්දි හිතාගෙන ඉන්නේ එයා සභාපති කියලා! ඒ උනාට නැන්දම්මා මූලාසනාරූඪ උනහම එයා කාරක සභික තනතුරතත් පහලින් තමයි තියන්නේ! (ස)
ප්‍රේමසිරි මාදුන්නගේ !! ඔයා අහල නැද්ද ගැහැණුන්ගේ පින කුණු ගොඩෙත් තියෙනවා කියලා. (මේ ලෝකේ ලස්සන වෙන්නේ මේ අපි නිසා තමයි හරිද හලෝ) (ස)
අමිල බලන්ගොඩ මල්ලියෝ, ඔබේ බිරිය ගානට හැමදෙනාම දාන්න එපා. බිරියගේ වියදම පාලනය කරන්න තරම් ඔබට පෞරුෂයක් නැති වීම ගැන කණගාටුයි. (නි)
ප්‍රේමසිරි මදුන්නගේ, පිරිමින්ගේ නුවණ දිග හැන්දේ ගොටුව කෑල්ල තරමටයි. ගැහැණුන්ගේ නුවණ ඒ වගේ කීප ගුණයක් දිගයි. (නි)
චන්දි, ලස්සනට ඉන්නේ නම් ඔයගොල්ලෝ තමා. එත් ලස්සන කරන්න මහන්සිවෙන්නේ නම් අනෙක් පාර්ශවය නේද. (දී)
අසෝක මාමේ. මම මේ විභාගේ පාස් උනොත් මගේ පඩියට තවත් ටිකක් එකතුවෙයි වැඩියෙන්. එතකොට ඔයා මට අද විරිත්තුවට මම ඒ වැඩියෙන් එකතු වූ මුදල අපේ රටේ අසරනයෙකුට ජීවිත ගමනේ දුකට වැටුන කෙනෙක්ගේ එදා දවසට පිහිට වෙන්න හැකිවෙයි ...?මෝඩ දිසා ...? (නදී)
ඔව්, චන්දි, අපි වගේ දක්ෂ භාර්යාවෝ තවත් ඉන්නවා. ඒ බොහොම දෙනෙකුට අපට වගේ ඒ දස්කම් වලින් වැඩක් ගන්න සැමියෝ කියන පුද්ගලයන් ඉඩ දෙන්නේ නැහැ. ඒ අතින් අපේ සැමියෝ රත්තරන් නේද? (නි)
ඒ හින්ද වෙන්න ඇති දිසානායක මට වින්නබු විභාගේ ලියනවා කීවේ ..?ඒකත් උත්තරීතර විභාගයක් ..එහෙම නොවෙන්න අපි ඔයාල අද මෙහෙ නැහැ ..?මෝඩ දිසා ...?(නදී)
ඔව් සරත් !!!! ''ලෝකේ ජිවත් වෙන්නට ලස්සන ඕනා වෙයි ..., ලෝකේ ලස්සන වෙන්නට දෙදෙනෙකු ඕනා වෙයි !!!! අපි දෙගොල්ලොම තමයි ලෝකේ ලස්සන කරන්නේ ඔයා මට ලිව්වට ගොඩක් සතුටුයි මන් හිතා උන්නේ තරහ වෙලා කියල ඔයාට ස්තුතියි හොදේ (දී)
ඇයි, දිසානායක මල්ලි ඔයාට විලි රුදාව අල්ලන්නේ නැහැ කියන්නේ. අර 5 හේ , 4 රේ බුසල් බාගේ බලන්න ලංකාවට නිවාඩු ගියාම, ඊ ලග සතියේ සියබලා කන්න ඕන කීවාම. සාමානයයෙන් ඔයාට විලිරුදාව අල්ලන්නේ එදාමයි.(නදී)
කුමාරිහාමි, කියපු කතාව හරියටම හරි. මොකද, ස්වාමියා අමාරුවෙන් හම්බ කරලා ගෙනත් දෙන මුදල්, බිරිඳ කිසිම අමරුවක්, ලෝබකමක් නැතුව වියදම් කරන්න හරිම දක්ෂයි. (මේක හැමෝටම අදාල කරගන්න එපා.) (ස)
සරත් මල්ලි මගේ නැන්දම්මා ., අද ජිවතුන් අතර නැහැ !!! එයා ජිවත් වෙන කාලේ අපි දෙන්න උන්නේ හරියට යාළුවො දෙන්නෙක් වගේ මන් රට ඉන්න දවස්වල අපේ ගෙදර ආවාම මගේ දරු දෙන්නට මගේ හොද කියනවලු . ( ඒ හින්ද ඔයා කියපු විදියේ දෙයක් උනේ නැහැ)මොනා උනත් එයාට මන් හොද ලේලියෙක් උනා එයත් මට නන්දම්මෙක් වෙලා හිටියා (මන් අදත් එයාට නිවන් සුව පතනවා) (දී)
"කණට වඩා අඟ" හේරත්, ඔයාට අඟක් තියනවද? මටනම් කන් මිසක් අං නෑ (දී)
චන්ඩි ආන්ටි හොඳට ඇඳගෙන ඉන්නේ. කවුද එයාව මුරුංග ගැහෙ උඩින්ම තිබ්බේ..? රුපවති ආන්ටි තවම ආවේ නැහැ ...එයා ආව ගමන් සියලු දෙනා පරාදයි..! (දී)
ඉගනගන්න වයස බාදාවක් නොවේ. ඔයා ඉගෙනනගන්න රුපවති නංගි.(නදී)
හේරත්, මාර ප්‍රශ්නේ නේද? මොකද දැන් කරන්නේ. ඔයාට හෙල්ප් එකක් දෙන්න මමත් ගොඩක් කල්පනා කරා. ම්ම්හ්හ් .. මීටරේට වැටුනෙම නැහැ (සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් නේද ...?)''ඒත්'' හේරෝ ..!!! එකක් කියන්නම් ඔයාට තියෙන්නෙත් එකයි කිවනේ. ඔන්න ඔහේ ඔයා ඒක පරිස්සම් කරාන තියාගන්න කෝ.(නදී)
අහා !!! ප්‍රීතියි ප්‍රීතියි ...!!!! රුපවති අක්කා ඇවිත් .., 10-21 දින ඔයා මුහුණ දෙන විභාගයෙන් ඔයාට ජය පිට ජය '' ලැබේවා''කියා පතන්නේ මුළු හදවතින්මයි අක්කේ හොඳේ. (ස)
කොහොම වුණත් ආදරේ තැපැල් කරලා යවන්න බැරි බව මට දැනුනා.ඒ නිසා කවි පද මෙසේ ගැලපුනා. පියකුගේ යුතුකමට මගේ හද බර කැන්දා..... පිටරට ආවා දරු සෙනෙහස අත රන්දා ..... සිය පවුලටම ආදර කවි පද කැන්දා .... තැපෑලෙන් යවන ආදර මල් ඉකිබින්දා .... (නි)
දිසානායක මල්ලි ..තැන්ක්ස් ..ඔයාගේ ආශීර්වාද කවිපෙලට ..? (ස)
අනේ ගජබා පුතේ !! කව්රුත් මාව මුරුංග අත්තට දැම්මේ නැහැ බොලන් !!! මන් හොද රූස්ස ගහකට නැගල ගොඩක් කල් නේ බොලන් !!! හැබැයි පුතේ අපේ රුපවති අක්ක නැති එක ගැන මමත් දුකින් ඉන්නේ ඒ ගැන නොලිය උන්නේ අපේ කතෘතුමා අමනාප වෙයි කියල එයාට නිතරම කරදර කොරන්න බැහැනේ බොලන් පුතේ ගජබා (දී)
පුංචි කාලේ මන් තාත්තත් එක්ක කඩේ ගියා. කඩේ මුදලාලි මගෙන් අහනවා පුංචි මාතියා පාටසාලවට යනවද හොඳට විවාහේ කොරාණ්ඩ...කියල ටොපියක් දෙනවා.... .......කියල තාත්ත කියනවා මුදලාලිට කොලුවා නරක කොරාණ්ඩ එපා මුදලාලි කියල....මම ටොපිය ගිලිනවා දඩස් ගාල...පස්සේ තමා තේරුනේ හොඳට විබාගේ කොරන්න කියන එක නෙව කිව්වේ. කොහොම හරි මම දෙකම පාස්. (නදී)
අමිල බලන්ගොඩ මල්ලියෝ !! ඔයා කියපු එකේ විරුද්ධ පැත්තත් සිද්ධ වෙනවා නේද ...? මොකෝ කියන්නේ පිළිගන්නවද..? නැද්ද...?(මගේ අත්දැකීමෙන් කියන්නේ ) (ස)
මචං හේරත්, අපි දෙන්නෙකුට මෙතෙන එකම නමකින් ඉන්න බැහැ. අපි දෙන්නාගෙන් එක් කෙනෙක් නම වෙනස් කර ගමුද? (ස)
අනේ යන්න රුපවති ඔයා මට සමහර තැන් වල බනිනවා. සමහර තැන් වල දිසානායක කලු මාමා කියලා කියනවා. මම තව කවියක් ඔයාට පුදන්නද? ඔයාව දැක්කොත් මට මෙහෙම හිතෙයි ..හුගකලෙකට පසුවයි අද දැක ගත්තේ ..මට නම් මැරෙන්නත් හිතෙනවා ඔබ මත්තේ ....ලස්සන උපමාවක්ය ඔබ හට දිය යුත්තේ ..මුතු ඇටයක් වගෙයි හරියට කහ වත්තේ (ස)
මම මේ කල්පනා කලේ මේ කියන විදියේ දැහැමි නිරහංකාර ගැණු කොහෙද ඉන්නේ කියල ..කළුතරනම් ඔහොම අය මම දැකල නැහැ. (දී)
සහතික ඇත්ත රූපවතී, මට මතකයි මම මුලින්ම මගේ නෝනට ලිවුවේ කවි. පසුව ඇය ගැන කවි පොතක් ලියලා මම එයාට දුන්නා. එයා ඒක එයාගේ අම්මට පෙන්නලා තිබුණා. ඔය විදිහට තමි ආදරේ ආරම්භ වුණේ.ඒකේ මෙහෙම කවියක් තිබුණා. යන එන ගමන දෙවි යන ඔබ රැක දේවා... තබන තබන පියවර මල් ඉහිරේවා.... කරන කරන කටයුතු පළ ලැබදේවා .... මට බහ දෙන්න ඔබේ හිත සුවපත් වේවා... (නි)
රූපවති ලියන්න යන විභාගේ මොකක්ද වින්නඹු විභාගේ වෙන්න ඇති. (ස)
නාඩන් රුපෝ නාඩන් මම විහිළු කළා - එන්ඩද ගොහින් බොරු කී කෙල්ලන්ට තලා,,,,,,,විවාහේ කචාල් නෑ නේ?(නදී)
දකුණු පළාතේ කොහොමටවත් හොයා ගන්න බැහැ හොඳ ගෑණු ඔක්කොම ඉන්නේ කපටි අම්මන්ඩිලා.. (ස)
චන්දි අක්කේ, කුමාරි, ඔයාල දෙන්නම හරි. මම ඒක විහිලුවට කියපු කතාවක්. මොකද මම ජොබ් එක කරන්නේ ගෙදරින් ගොඩක් ඇත. මගේ නෝනා මට කිසිම බරක් නොවී මම දෙන මුදල් පරිස්සමින් පාවිච්චි කරලා, මගේ දරුවව ලොකු කරන්න මහන්සි වෙන තරම මම දන්නවා. (දී)
විබාගේ කිව්වහම මතක් උනේ කොට්ටාවේ අර පාසලේ විදුහල් පති කරලා තියන වැඩේ.මොනවා උනත් අර අම්ම හොද වැඩක් කලේ. ලංකාවේම ඉන්න විදුහල් පති න්වරුන්ට මීක හොද පාඩමක් අහිංසක දෙමාපියන්ගෙන් ජරාව කනවට. දැන් මොකද වෙන්නේ නීතිය දඩුවම් දුන්නත් නැතත් සමාජයෙන් බේරෙන්න එයාට පුලුවන්ද? අපි මෙතන රුපවතිලා චන්දිල විවේචනය කළාට කාන්තාවකට යම් හිරිහැරයක් උනොත් අපි දිවි පරදුවට තියල ඉස්සරහට එනවා. ඒ මගේ අම්ම වෙනුවෙන් මම කරන ගෞරවයක් කියල මට හැගෙනවා.(නදී)
ගැහැණු ගැට පිරිමි යට ..... කෙල්ල ගෙට කොල්ලා පාරට........ පිරිමි අපිට මෙහෙම වෙන්නට...... එපා දෙන්නට බුදුනි මත්තට .......අනේ දුකයි . (ස)
දිසා මාමේ නැත්තන්... නැත්තන් ..ඔයාගේ කවියනම් ..හරිම ලස්සනයි ...?ඔය කවියම තමයි ඔයා අර බුසල් බාගේ දිහා බලාගෙන කීවේ ..! මීට වසර ගණනාවකට ඉහතදී ...? හේරත් අයියේ ...පොල්ගහ හැරුනේ අපේ වහුපැටිය දිහාවටමයි..?ඔයා වහුපැටිය ගෙට ගත්තනම් ...? (අ)
අනේ බන්දුල පෙරේරා මහත්තයෝ, ඊයේ පෙරෙයිදා සල්ලි ටිකක් වැඩියෙන් අතගාලා ඔයයි නෝනයි ඔලුව ඉදිමිලා සදලු තලයේ හිටියට, දැන්වත් ඩිංගක් බැහැලා බලන්නකෝ. ගැහැණිය කොයිතරම් නිරහංකාර සුන්දර තැනත්තියක්ද කියලා. (නි)
ගෙදර ගියගමන් තරු විතරක් නෙමෙයි ඉර හඳත් පෙනේවි (නි)
මම නම් හිතන්නේ ගැහැනියකට මේ ලෝකෙ වටිනාම තනතුරු වන්නේ 1, සුන්දර දියණිය, 2, ආදරණීය සහෝදරිය 3, යහපත් මිතුරිය 4, නිරහංකාර තරුණිය, 5. අවංක පෙම්වතිය. 6, ඉවසිලිවන්ත බිරිඳ සහ 7,ගුණගරුක මව. යන ඒ දේවල්ය. ඇය මලක් වැනිය ඇය තලා පොඩිකරන බේබද්දෝ අද බොහෝ ඇත්තාහ. මෙම පුවතේ සදහන් කාන්තාව ඉතා දැහැමි නිරහංකාර කාන්තාවක් වීම ඇගේ සැමියාට ලැබුන මොහුට ලැබුන අතිවිශිෂ්ට සම්මානය ලෙස සලකමි. මට මගේ බිරිඳ මෙන්. (නදී)
කාන්තාවෝ ගැන ටිකක් ඉහලින් කතා කරනකොට මෙතන අදහස් දාන කාන්තා උදවිය හුගක් ආඩම්බරයෙන් ප්‍රතිචාර දමාවි (නි)
ලංකාවට ගිය කල කියුවලු ලස්සනට චන්දෙ ඉල්ලන්න පුලුවන්ද
සුළු දේවල් නේ ඕවා (දී)
මරු අනේ ..... මම නම් හැමදාම දෙයියෝ සාක්කි කියවන්නේ අපේ කට්ටියගේ කතා බලන්න.. (නි)
අමිලගේ කතාවේ ඇත්තකුත් තියනවා.හැබැයි ලෝබකම් කරන එකනම් මහා ජරා වැඩක්.සමහර මිනිස්සු සහ කාන්තාවන් මුදල් තියාගෙන අනිත් අයගෙන් යැපෙනවා.කන්න ගියත් සක්කුවලින් සල්ලි එලියට එන්නේ නැහැ. (දී)
දක්ෂ දේශකයා දේශනය පවත්වන අතරතුර මෙසේ පැවසීය "'මගේ ජිවිතයේ මා ගතකළ සොදුරුම යුගය මගේ බිරිද නොවන කාන්තාවකගේ උරතලයේ හිස තබා ගතකල කාලයයි''ප්‍රේක්ෂකාගාරය විශ්මයට පත් විය. කම්පනයටත් නිශ්ශබ්දතාවයටත් පත් විය. ඔහු ඊළග වැකිය පැවසීය ''ඒ තමයි මගේ අම්මා" මේක අහගෙන හිටපු අපේ දේශපාලකතුමෙක් ගෙදරගිහිල්ලා අර පළවෙනි වාක්‍යය කිව්වා .ඔහුගේ බිරිද සුප් එකක් පිළියෙළ කරමින් සිටියා.මොහොතකින් ගිලන් රථයක් පැමිණෙන හඩ ඇසුණු අතර දරුණු පිළිස්සුම් තුවාල ලැබූ දේශපාලකතුමා රෝහල්ගත කෙරුණා (නි)
හේරත් අයියේ, ඔයාගේ පුංචි මහත්තයගේ කතාවට මට ඇඩෙන කම් හිනා උනා. ඉතින් ඒ අපේ එදා හිටිය මුස්ලිම් සහෝදරයට විතරයි ඇත්ත තේරිලා තියෙන්නේ. මුන් සේසතම කර බැදගෙන යන්නේ විවාහේ කොරන්ඩ තමයි කියන එක. හනේ දෙයියන්ගේ පිහිටයි ඔයාට හේරත් අයියේ.(නදී)
පියෙකුගේ වගකීම ඔබගේ කරට ගෙන .., පිට රට ගියත් අඹු දරුවන් ගැන හිතන .., පවුලට වගේ අපටත් රස කවි ගොතන .., පිහිටයි ඔබට සැම දෙවියන් ලොව රකින (දිසා මල්ලිට පිදෙන කවි කුසුමකි ) (නි)
ගොඩක් පවුල් වල සැමියට වැඩිය බිරිය දක්ෂයි (නි)
එහෙනම් ඇයි ගැහැනුන්ගේ නුවණ හැඳිමිටේ තරමයි කියලා කියන්නේ? (නි)
බන්දුල පෙරේරා, යකාගේ හැටියටලු විමානේ කියලා කියනවනේ.. (නි)
දිසානායක ඉල ඇදෙන කතාවක්නේ ලියල තියෙන්නේ රූපවතිට. අපි එයාගේ විභාගයට සුභ පතමු. (ස)
"ගොඩක් පවුල් වල සැමියට වැඩිය බිරිය දක්ෂයි " නැතුව..නැතුව.... කණට වඩා අඟ..... (නි)
ඉතින් දිසා මාමේ හොදයිනේ. මම ඒ විභාගේ පාස්වෙලා අවොත් ඔයාටත් ලේසියිනේ (නි)
අසෝක මල්ලි, ඇයි ? මම රුපලාවන්‍යය විභාගේ පාස්වෙලා අවොත් හොදයිනේ (නි)
නරියත් කිව්වලු අනේ මිදි තිත්තයි කියලා (නි)
පාසල් මිතුරෙකුගේ සමරු පොතේ කවියක් මතකයට නැගුනා. " නයි විෂ පොළොන් විෂ කලතා එකට අනා, ගැහැණිය මැවුවලු මහා බබු කියන කෙනා "... එයට පිළිතුරු කවියක් ද මෙලෙස සටහන් කර තිබුණි. " ගැහැණිය උතුම් මිණි පහනකි මෙලොව එලිය දෙන... මේ ලෙස කිවූ එකා යමරජු වෙතට පල " (නි)
අනේ මෙච්චර වයස ගිහිල්ලත් තවම පාසල් යනවද ? රූපවතීට රූපලාවන්‍යය විභාගයක්ද? (නි)
"එනපොට හොඳ නැහැ අයියේ, නංගි ගෙට ගනින්" කිව්වා කියලා කිව්වේ නැහැ කියන්න එපා. (නි)
දිසානායක මහත්තයෝ !!!! ඒ කියන්නේ ඔයා අපිව විවේචනය කරා නේද ...? ඉතින් එහෙම කලේ ඇයි !!! අපි මෙතන කව්රුවත් විවේචනයට ලක් කරන්න ඕනේ නැහැ !! මේ අපේ පවුලේ නාලිකාවයි !!! කව්රුත් සමගියෙන් අදහස් ලියමු !!! බාල..,තරුණ..,මහලු .., කියල වෙනසක් නොවී සතුටින් ඉදිමු !! විනෝදයට වයස බලපාන්නේ නැහැ නේද (ඔය සමහර අය ආන්ටි කියනව )නමුත් අපි සම වයසේ වෙන්නත් පුළුවන් ,,අඩු වැඩි වෙන්නත් පුළුවන් ''හැබැයි'' කොහොම ඇමතුවත් ඒ .., කා එක්කවත් තරහා නම් නැහැ හොදේ.(නදී)
තරු නොපෙනී තියෙයිද මට හිනා යනවා අනේ (දී)
අපේ චන්දි අක්කා වගේ කාන්තාවක් වෙන්න ඇති (නි)
චන්දි, ඔය කුමරිහාමි කියන ඒවා මා ළඟ වැඩිපුර නැහැ තියෙන එක එවන්නත් බැහැ. මොකද කරන්නේ? (නි)
ඔයාලගේ ප්‍රතිචාර මම හොරෙන් හොරෙන් කියවා කියවා දුවනවා. ලියන්න ඉදගන්න වෙලාවක් නැහැ. මට 10- 21 විභාගයක් තියනවා. (නි)
ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑවේ.. ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ.. (නි)
අමිල ඔයාගෙ කතාව ඇත්ත ඇති. ඒත් අමතක කරන්න එපා බිරිඳ රෑ දවල් නැතුව ගමන්ට ගනේ මැරිලා ගන්න පඩිය මාසෙ අන්තිමට මිනිහ උදුරගෙන ඒකෙන්ම බීලා ඇවිත් අර ගෑණිටම තලන මිනිස්සුත් අපේ රටේ ඉන්නවා.අත්දැකීමෙන් කියන්නෙ.ගැහැණීය කියන්නෙ අම්මා කෙනෙක්.ඇයට හිමි ගෞරවය දිය යුතුයි. (ස)
රුපවති සහෝදරියට වින්නඹු විභාගෙන් මට ඇති පලය කීම. මට නම් විලි රුදාව නැහැ. ඒක නෙමෙයි අපේ රුපවති සහෝදරියට ඔය විභාගේ අභාගයක් නොවීමට තෙරුවන්ගේ සරණ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවි. මේ මෝඩ දිසා ප්‍රර්ථනා කරනවා. තෙරුවන් ගුණ බලෙන් රූපා ජය ගන්නයි. සතර වරම් දෙවි අපේ පිහිටට එන්නයි. නැණ ගුණ ලබා උස් අසුනක වැජඹෙන්නයි. ලංකාදීපයේත් අපේ පැතුමත් ඒකයි. (නදී)
ඔව් ,කුමාරිහාමි මේ අපි වගේ නේද..? (ස)
ඉතින් ඒකනි මමකීවේ..දිසා මාමේ ..! ඔයාට අද සතුටු වෙන්න හැකියි.. ඔයා ආදරේ දිනපු මිනිහෙක් ..කොච්චර වාසනාවන්තයෙක්ද..? මේ වැව් ගානේ දුවනවා නාකි පරාන හොයාගෙන ..තියන පරානේ රැකගන්නේ නැතිව....? ඒ විතරක් නෙමේ ..ඔය නෙරෙංචි ගස් දෙකක් අල්ලලා මමත් රතු රෙදි කෑල්ලක් ගැට ගහ ගත්තනම් කොහෙන් හරි, මටත් සාස්තර කියන්න පුළුවන් කියල මම අද ආඩම්බර වෙනවා ...? ඔයාට බුදුසරණයි දිසා මාමේ ...? (අ)
කුමාරිහාමි, කියන එකේ ඇත්තක් තියනවා. ඒත් මධ්‍යස්ථව සිතීම තමයි ටිකක් හදා ගන්න වෙන්නේ. (ස)