කොළඹ ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක විවාහ උත්සව ප‍්‍රිය සම්භාෂණයකි. හිසකේ බූගාගත් රටේ ප‍්‍රසිද්ධි තරුණ ගායකයකු විසින් පැරැණි ගායකයකුගේ ජනපි‍්‍රය පරණ ගීතයක් පැදුරු වාදක මණ්ඩලයේ සංගීතයට මුල් ගායකයාගේ හඬින් ගායනා කරන්න උත්සාහ කරයි.
මත්පැනින් හොඳට සප්පායම් වූ තරුණ පිරිසක්ද තාලයට අත්වැල් අල්ලමින් ගායනයට සහාය වෙති. උද්දාමයෙන් සිටි තරුණ ගායකයා උපරිම උත්සාහයෙන් ළයාන්විත හඬින් ගායනය අවසන් කරයි. ගීතය අවසන් වනවාත් සමගම අත්පොළසන් හඬින් සංග‍්‍රහයක් ද ලැබේ. ඒ සමගම සංගීත සාජ්ජයේ ඇතිවන තප්පර කිහිපයක නිහඬතාව බිඳමින් එහි සිටි තරුණයෙක් එක්වරම මෙසේ පවසයි. ‘‘අපි දැන් සින්දුවක් කියමු’’ එම කතාවත් සමගම අනෙක් තරුණ පිරිස කොක් හඬලා සිනාසෙයි. ඒ සමගම පරල වූ අර ගායකයා එක්වරම නැගිට ඇයි මම ඒ කිව්වේ සින්දුවක් නොවෙයි ද? විමසමින් කෝපයෙන් යුතුව අර තරුණයාට හොඳටම දෙහි කපයි. කෙසේ හෝ ෂේප් කර ගැනීමෙන් පසු ගායකයා ඉවතට රැගෙන යනු දක්නට ලැබෙන අතර වෙනත් ගායකයකුගේ ගායනයෙන් නැවත පැදුරු සාජ්ජය ආරම්භ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි සිංදු කවි කරලද ? (ස)
වෙන කවුද ඉතින් (ස)
මම නම් දන්නවා ඒ ගායකයා. (ස)
විනෝදයට වෙච්ච දෙයක්නේ , ගණන් ගන්න එපා (ස)
මෙහෙමත් මිනිස්සු (දී)
අනුන්ගේ ගීත ප්‍රසිද්ධියේ මුදලට කියන්නේ අලුත් නිර්මාණයක් කරන්න බැරි අයයි. (ස)
මාර හිනා (අ)
කවුද මේ ගායකයා..!(නු)
බිවුවහම ඉතින් සියල්ල අමතකනේ (නි)
සමහරු අඩුමගානේ තමන් කියන සිංදු කාගෙද කියලවත් දන්නෙ නැහැ. (නි)
තිතට මත (ස)
ඕනේනම් කියන්න පුළුවන් මේ කවුද කියලා (ස)
වැඩියෙන් ගත්තහම සිංදු කියන්න බැහැ.මටත් ඕක වෙලා තියෙනවා. (නි)
කවුද ඒ ගායකයා . මට ආසයි දැන ගන්න. කරුණාකර කියනවද ? (ස)
කවුද මේ ගායකයා..!(නු)
හිසකේ බූගාගත් රටේ ප‍්‍රසිද්ධ තරුණ ගායකයින් ගොඩක් දෙනෙක් මේ වෙලේ මට මතක් වෙනවා. (නි)
කලාව එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්නේ. (නි)
රස කර කර ඉන්නේ නැතුව කවුද ගායකයා කියලා කියන්නකෝ. (නි)
පැරණි ගායකයන්ගේ ගීත විකෘති කරමින් ගයන ගායකයන් යැයි කියාගන්නා පිරිස් කොච්චර ඉන්නවද මේ රටේ? (නි)
මතට තිත කොහේද? (නි)