IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සාදය නිමවී කනත්තක රැය පහන්කර යතුරු පැදියත් දමා ගෙදර ඇවිත්

(කෑගල්ල - එන්. ආරච්චි)

සාදයක් සඳහා ගිය ග‍්‍රාම නිලධාරියකු යහළුවන් සමඟ මධුවිත පානය කරද්දී රාත‍්‍රී 11 ද පසුවී තිබුණි. මොහු බමන මතින් තම යතුරුපැදියෙන් නිවස බලා යාමට පිටත්වී තිබෙන අතර එහිදී ඔහුට නිවස සොයා ගැනීමට නොහැකිවී කනත්තකට ගොස් ඇත.

මංමුළා වූ ඔහු අලූයම 5 ට පමණ පියවි සිහියෙන් අගුරුවැල්ල ප‍්‍රදේශයේ තම නිවසට ගොස් ඇති අතර තම යතුරුපැදිය නැතිවීම පිළිබඳව රුවන්වැල්ල පොලිසියේ පැමිණිල්ලක්ද දමා ඇත.

මේ අතර කනත්ත ප‍්‍රදේශයේ පුද්ගලයකු විසින් එදින දහවල් හිමිකරුවකු නොමැති යතුරුපැදියක් කනත්තේ තිබීම පිළිබඳව රුවන්වැල්ල පොලිස් ස්ථානයට දැනුම්දී ඇත.

එහිදී ග‍්‍රාම නිලධාරිවරයා නැති වූ බව පැමිණිල්ලේ සඳහන් යතුරුපැදියේ අංකය හා කනත්තේ දමා ඇති යතුරුපැදියේ අංකය හා සැසඳීමේදී එකම අංකය බව තහවුරු වී තිබෙයි.

ඒ අනුව අදාළ යතුරුපැදිය ග‍්‍රාම නිලධාරිවරයාට ලබාදීමට කටයුතු කර ඇති අතර පෙර දින රාත‍්‍රියේ සිදුවී ඇති සියල්ල වටහා ගැනීමට සියලූ දෙනාටම අපහසුවක් නොවීය.



අදහස් (1)

සාදය නිමවී කනත්තක රැය පහන්කර යතුරු පැදියත් දමා ගෙදර ඇවිත්

pitigala Friday, 18 August 2017 05:03 AM

හා..හා..ජොලි පොරක්.ග්‍රාම නිලධාරී තුමා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site