IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සංචාරකයා අබියස රඟපෑ මාර්ගෝපදේශකට දෙයියෝ සිහිවෙලා

විදේශීය සංචාරකයකු පසුගියදා තම මාර්ගෝපදේශකයා සමඟ පොලොන්නරුව ප‍්‍රදේශයට ගියේ ඓතිහාසික නටබුන් නැරඹීමටය. එහි වූ විවිධ පුරාවස්තු නැරඹූ ඔහු බිම තිබූ අපුරු ගල් කැටයමක් දැක ඒ ගැන විමසීය.ඒ ඉපැරණි කැසිකිළි ගලකි.
මාර්ගෝපදේශකයා කවරාකරයෙන් එය විස්තර කළත් සංචාරකයාට වටහා ගත නොහැකි බව හැඟුන නිසා ඔහු කළේ සරම කොට කරගෙන මුත‍්‍රා කරන ආකාරයට ඒ ගල මතව වාඩිවී සිද්ධිය නිරූපණය කිරීමය.
ඈත සිට මේ සිද්ධිය බලාසිටි පුරාවිද්‍යා ආරක්‍ෂක නිලධාරියකු සිතුවේ ඔහු ඇත්තටම කැසිකිළි ගල අපවිත‍්‍ර කරනු ඇතැයි කියාය.
ඔහු කෑ ගසමින් එම ස්ථානයට දිව එන විට මාර්ගෝපදේශකයාට  දෙවියන් සිහිවුණාලූ.



අදහස් (0)

සංචාරකයා අබියස රඟපෑ මාර්ගෝපදේශකට දෙයියෝ සිහිවෙලා

අමල් Tuesday, 01 January 2013 12:58 PM

ඒකනේ අනේ තේරෙන්නේ නැති දේ කියලා දෙන එක කොච්චර හොඳද (ස)

:       0       0

නිල්මිනි Wednesday, 02 January 2013 04:58 AM

එයාට ඉංග්‍රීසි තියා කිසිවක් බැහැ, එයා ගොලුයි වෙන්න ඇති. (නි)

:       0       0

චමල් Wednesday, 02 January 2013 05:24 AM

ටොයිලට් ස්ටෝන් කියලා කිවුවා නම් ඉවරයිනේ. (නි)

:       0       0

සනත් Thursday, 03 January 2013 09:10 AM

ගයිඩ් කෙනෙක් නම් ඕනෑම දෙයක් විස්තර කරන්න දැනගෙන ඉන්න එපැයි. ඉංග්‍රීසිවත් බැරුව ගයිඩ්ලා වෙනකොට වෙන දේ තමා මේ. අපේ රටේ ඉතිහාසය ගැනත් අපූරුවට විස්තර කරලා දෙන්න ඇති... (ස)

:       0       0

මාලක Monday, 07 January 2013 06:29 PM

අන්දන්න ගියේ කවුරුවත් ඇන්දේ කවුරුවත් (දී)

:       0       0

රම්‍යා Tuesday, 01 January 2013 02:23 PM

කොහොමහරි කියලා දෙන්න එපැයි (ස)

:       0       0

අමර Tuesday, 01 January 2013 02:23 PM

නො‍තේරෙන දේ කොහොම හරි තේරුම් කරේ රටට ආදරේ නිසානේ (ස)

:       0       0

දීපාල් Friday, 04 January 2013 01:26 AM

හැම විදේශිකයාම ඉංග්‍රීසී දන්නේ නැහැ . එයාලට එයාලගේ බසින් තේරුම් කරනකොට සමහර වචන මාර්ගෝපදේශකයා නොදැන සිටීම වෙන්න පුළුවන් දෙයක්. (නි)

:       0       0

සිසිර Friday, 04 January 2013 05:36 AM

අදහස් පළකරන සමහරු හිතන්නේ සියලුම සංචාරකයින් ඉංග්‍රීසි දන්නවා කියලයි. (නි)

:       0       0

සුදේශ් Wednesday, 02 January 2013 12:29 PM

ගලින් තැනූ වැසිකිලියක් (ස)

:       0       0

අනෝමා Wednesday, 02 January 2013 12:41 PM

මේකනම් හිනා යන වැඩක් තමයි ..............(ස)

:       0       0

නිදර්ශනී Tuesday, 01 January 2013 09:20 PM

මග පෙන්නන්නගේ වාසනාවටයි සංචාරකයා වැසිකිලි ගලක් දැක්කෙ..!(නු)

:       0       0

ෂෙරිෆ් Tuesday, 01 January 2013 09:32 PM

හරි පුදුමයි මේ මාර්ගෝපදේශකයාට ඉංග්‍රීසි වචනයක්වත් බැරිද?(නු)

:       0       0

නිදහස් Tuesday, 01 January 2013 09:39 PM

ඔන්න අපේ කෙනෙක් අරාබි රස්සාවකට අරාබි ආවා. හරියට අරාබි දන්නේ නැති මුල් කාලේ දවසක් නගරයේ ඇවිදින කොට තද බල බඩේ අමාරුවක් දැනුණා. ඉතින් කඩේකට ගිහින් වැසිකිළි යන්න ඕනෑ කියලා කියන්න උත්සාහ කළා. ඒත් කඩේ අරාබියාට තේරුණේ නැහැ. බැරිම තැන තමන්ගේ පසු පසට ඇගිල්ල දික්කරලා අභිනයෙන් පෙන්වන්න උත්සාහ කළා. ඒ පාර අරාබියා අපේ යාළුවව කඩේ ඇතුළට අඬගහගෙන ගියා. හදිසියට කලිසමත් බුරුල් කරගෙන යාලුවා වට පිට බලනවා වැසිකිළිය කෝ කියලා. එතකොට යාලුවා දැක්කේ වෙනත් දෙයක්ලු. බයවෙච්ච පාර මරලතෝනි තියාගෙන එළියට දිව්වලු. (නි)

:       0       0

සුදේශ් Wednesday, 02 January 2013 02:01 PM

නියම වැඩක් (ස)

:       0       0

අමල් Tuesday, 08 January 2013 03:14 AM

මට නම් හිතෙන්නේ මේක අපේ දේශපාලකයෙක් තියපු මුල් ගලක් වගේ. (නි)

:       0       0

වරුණ Tuesday, 01 January 2013 12:44 PM

ඒක හොඳ දෙයක්, නොදන්න දෙයක් කියලා දෙන එක හොඳයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site