විදේශීය සංචාරකයකු පසුගියදා තම මාර්ගෝපදේශකයා සමඟ පොලොන්නරුව ප‍්‍රදේශයට ගියේ ඓතිහාසික නටබුන් නැරඹීමටය. එහි වූ විවිධ පුරාවස්තු නැරඹූ ඔහු බිම තිබූ අපුරු ගල් කැටයමක් දැක ඒ ගැන විමසීය.ඒ ඉපැරණි කැසිකිළි ගලකි.
මාර්ගෝපදේශකයා කවරාකරයෙන් එය විස්තර කළත් සංචාරකයාට වටහා ගත නොහැකි බව හැඟුන නිසා ඔහු කළේ සරම කොට කරගෙන මුත‍්‍රා කරන ආකාරයට ඒ ගල මතව වාඩිවී සිද්ධිය නිරූපණය කිරීමය.
ඈත සිට මේ සිද්ධිය බලාසිටි පුරාවිද්‍යා ආරක්‍ෂක නිලධාරියකු සිතුවේ ඔහු ඇත්තටම කැසිකිළි ගල අපවිත‍්‍ර කරනු ඇතැයි කියාය.
ඔහු කෑ ගසමින් එම ස්ථානයට දිව එන විට මාර්ගෝපදේශකයාට දෙවියන් සිහිවුණාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ අනේ තේරෙන්නේ නැති දේ කියලා දෙන එක කොච්චර හොඳද (ස)
එයාට ඉංග්‍රීසි තියා කිසිවක් බැහැ, එයා ගොලුයි වෙන්න ඇති. (නි)
ටොයිලට් ස්ටෝන් කියලා කිවුවා නම් ඉවරයිනේ. (නි)
ගයිඩ් කෙනෙක් නම් ඕනෑම දෙයක් විස්තර කරන්න දැනගෙන ඉන්න එපැයි. ඉංග්‍රීසිවත් බැරුව ගයිඩ්ලා වෙනකොට වෙන දේ තමා මේ. අපේ රටේ ඉතිහාසය ගැනත් අපූරුවට විස්තර කරලා දෙන්න ඇති... (ස)
අන්දන්න ගියේ කවුරුවත් ඇන්දේ කවුරුවත් (දී)
කොහොමහරි කියලා දෙන්න එපැයි (ස)
නොතේරෙන දේ කොහොම හරි තේරුම් කරේ රටට ආදරේ නිසානේ (ස)
හැම විදේශිකයාම ඉංග්‍රීසී දන්නේ නැහැ . එයාලට එයාලගේ බසින් තේරුම් කරනකොට සමහර වචන මාර්ගෝපදේශකයා නොදැන සිටීම වෙන්න පුළුවන් දෙයක්. (නි)
අදහස් පළකරන සමහරු හිතන්නේ සියලුම සංචාරකයින් ඉංග්‍රීසි දන්නවා කියලයි. (නි)
ගලින් තැනූ වැසිකිලියක් (ස)
මේකනම් හිනා යන වැඩක් තමයි ..............(ස)
මග පෙන්නන්නගේ වාසනාවටයි සංචාරකයා වැසිකිලි ගලක් දැක්කෙ..!(නු)
හරි පුදුමයි මේ මාර්ගෝපදේශකයාට ඉංග්‍රීසි වචනයක්වත් බැරිද?(නු)
ඔන්න අපේ කෙනෙක් අරාබි රස්සාවකට අරාබි ආවා. හරියට අරාබි දන්නේ නැති මුල් කාලේ දවසක් නගරයේ ඇවිදින කොට තද බල බඩේ අමාරුවක් දැනුණා. ඉතින් කඩේකට ගිහින් වැසිකිළි යන්න ඕනෑ කියලා කියන්න උත්සාහ කළා. ඒත් කඩේ අරාබියාට තේරුණේ නැහැ. බැරිම තැන තමන්ගේ පසු පසට ඇගිල්ල දික්කරලා අභිනයෙන් පෙන්වන්න උත්සාහ කළා. ඒ පාර අරාබියා අපේ යාළුවව කඩේ ඇතුළට අඬගහගෙන ගියා. හදිසියට කලිසමත් බුරුල් කරගෙන යාලුවා වට පිට බලනවා වැසිකිළිය කෝ කියලා. එතකොට යාලුවා දැක්කේ වෙනත් දෙයක්ලු. බයවෙච්ච පාර මරලතෝනි තියාගෙන එළියට දිව්වලු. (නි)
නියම වැඩක් (ස)
මට නම් හිතෙන්නේ මේක අපේ දේශපාලකයෙක් තියපු මුල් ගලක් වගේ. (නි)
ඒක හොඳ දෙයක්, නොදන්න දෙයක් කියලා දෙන එක හොඳයි (ස)