රජරට පැත්තේ ලේඛන කලාවට මෙන්ම නක්‍ෂත‍්‍රයට ද ලැදි ඔහු ගොවිතැනට ද එකසේ දක්ෂයෙක් විය. ප‍්‍රසිද්ධියේ සෙත් කවි සහ අප‍්‍රසිද්ධියේ වස් කවි ප‍්‍රබන්ධයට ද ඔහු දක්ෂයකු බව ප‍්‍රකටය. පසුගියදා ශිෂ්‍යත්ව විභාගයට යන දරුවකුගේ පියකු ඔහු ලවා සෙත් කවි දෙකක් ලියවා ගැනීමට යන විට ඔහු සිටියේ එළවළු කොරටුවේ පැළවලට පොහොර දමමිනි. අමුත්තාගේ ඉල්ලීමට ඔහු එක්වරම කීවේ ”සෙත් කවි දෙකක් හදල දෙන්නම්.... මට ගොම පෝර කූඩ දෙකක් ගෙනත් දීපන්” කියාය. ගනුදෙනුව ඒ ආකාරයටම සිදුවූ අතර පසුවදා ගම පුරා ”සෙත්කවි දෙකක් ගොම කූඩ දෙකයි” යනුවෙන් ගිය ප‍්‍රචාරය නිසා ඔහු දැන් නිවසටම වී සිටිනවාලූ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපසේනට ලියන්න වෙනදෙයක් තිබුනෙම නැත්ද?
ගොම වලට විභාග පාස් කරනවාද
ලැජ්ජයි
දෙවියන්ට බාර ඔප්පුකරන්න සතෙකුගේ බෙල්ල කපනවාට වඩා, සෙත්කවි දෙකක් ලියවාගෙන ගාස්තුවට ගොම කූඩ දෙකක් ලබාදීම කොච්චර මානූෂීයද? ගාස්තුවට රත්තරන් බඩු ඉල්ලන්නේ නැති, මෙවැනි හොද මිනිසුන්ට අපහාස වන විදියට අදහස් දක්වන්න එපා. (නි)
ළමයි වෙනුවෙන් කරන වැඩ (දී)
මමත් අහන්නේ සෑම් අහන ප්‍රශ්ණෙමයි.. මෙට තේරෙන්නෙ නැහැ මොකද්ද ඒකෙ තයෙන වරද? (නු)
මෙන්න වස් දොස් යන්න සරිලන කවියක්. (බෞද්ධ ජාතක කථාවක් ඇසුරිනි). සෙත් කවි ලියා දිවි රැකගත් අගේකට ගොම් බෙට්ටකින් ඔබ පහරක් ගැසුව මට ඇස්දෙක පල්ල එහි පාඩුව ගණිමි හෙට පිස්සන් කොටුව ඔය ඕනෑවෙලයි බොට (නි)
ඇත්තටම සාධාරණයි. හැමදේම මුදලට යටවෙන සමාජයේ රුපියල් දහස් ගණනක් නොඉල්ලපු එකේ වැරැද්ද. (නි)
සල්ලි මත්තෙම නැහෙන අයට හොඳ පාඩමක්.හරිම සාධාරණයි. මේ ගොවි මහත්තයගෙ ෆොටෝ එකත් එක්කම ප්‍රසිද්ධ කරන්නයි වටින්නෙ. ඔබේ ගොවිතැනට ජය. (ස)
අයියෝ සල්ලි
මේවගේ මිනිස්සුන්ට සෙත් කවි නෙමෙයි, වස් කවි ලියලා දෙන්නයි ඕනෑ. (නි)
කොහොමටත් වැඩේ ලාබයි..!!(නු)
ඉල්ලීම ඉතාම සාධාරණයි. ඇයි අපහාස කරන්නේ...(නු)
සෙත් කවි ලියන එක දිගටම කරන්න.. දැං ඔයවගේ හැකියාව තියෙන අය අඩුයි.!!(නු)
මිනිස්සුන්ට උදවු කළහම ඒවා ප්‍රචාරය කරලා හිනා වෙනවටත් දැන් කියන්නයි තියෙන්නේ වස් කවියක්. (නි)
දරුවන්ව ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් කරගන්න දෙමව්පියොත් නොකරන වැඩක් නැහැ....(නු)
අපහාස කරන්න දෙයක් නැහැ. සාධාරණ භාණ්ඩ සහ සේවා හුවමාරුවක්. (නි)
වැඩේ නම් හොදයි. විභාගය සමත් වුණහම හරකාවත් දෙමු. (නි)
විභාග පරීක්ෂකයන්ටත් ගොම කූඩ යවමුද?(නු)
ගොම කෑවයි කියලා හිතා ගන්න. නියමෙට දෙයි වස් කවි පාරක් නැතිවෙන්නම. (නි)
මේකේ වැරැද්දක් නැහැ. වැඩේ ලාභෙට කෙරුණා. (නි)
ඉන්නවාලු........(ස)
මේවට කියන්නේ දෙයියෝ සාක්කි කියලද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මේක හිනාවෙන්න කාරණයක් නෙමෙයි. වස විස නැති හොද එලවලුවක් හදාගෙන කන එක මම නම් අගයකරනවා. (නි)
අහක යන දෙයකින් වැඩක් ගන්න එකේ වැරැද්දක් නැහැ. 'ගොවියා දෙවියා'. (නි)
ඔන්න ලංකාවේ අධ්‍යාපනය