කරාබු වෙළෙන්ඳකු සතු ගම්පොළ කහටපිටියේ පිහිටි නිවෙසක් වටා වේළෙන්නට දමා තිබූ කිලෝ 35ක් අඩංගු කරාබු ගෝනියක් සොරකම් කළ අයෙක් නැවත එම ගෝනිය එම වෙළෙන්දාටම විකිණීමට යාමේදී ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහුගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී ගම්පොළ, පොල්කුඹුර ප‍්‍රදේශයේ නිවෙසක් කඩා රන් භාණ්ඩ හා රිදී භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් ද අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
මොහු සොරකම් කළ රන් භාණ්ඩ හා රිදී භාණ්ඩ වලින් කොටසක් ගම්පොළ පොලිසිය මගින් සොයාගනු ලැබීය.
අපරාධ අංශයේ ස්ථානාධිපති ඞී.එන්. කාංගර, උප පොලිස් පරීක්‍ෂක ලලිත් සුමනවීර, සැරයන් (21395) දසනායක, කොස්තාපල්වරුන්වන (12335) බණ්ඩාර, (72227) වීරසේකර හා (72226) වීරසේකර (21595) අමිත ඇතුළු නිලධාරී කණ්ඩායමක් පරීක්ෂණ පැවැත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අතර වැදගත් හොරුත් ඉන්නවා. (නි)
පැත්ත ගියත් ඇත්ත කියන වැදගක් හොරෙක්. (නදී)
හොරෙක් කොහොමද වැදගත් වෙන්නේ.(නදී)
මොනවාද මේ වැඩ (දී)